බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේ මීටර් 100 තරග ඉසව්ව තත්පර 9.81කින් අවසන් කරමින් ජැමෙයිකාවේ කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
එම තරග ඉසව්ව තත්පර 9.58කින් නිම කර තිබූ බෝල්ට් සතුව එහි ලෝක වාර්තාව තවමත් පවතින අතර මෙවර රන් පදක්කම ඔහුට අහිමිවනු ඇතැයි විවිධ පුද්ගලයින් අනාවැකි පළ කර තිබිණි.
එම තරග ඉසව්වේ රිදී පදක්කම ඇමරිකා එක්සත් ජනපදයේ ජස්ටින් ගැට්ලින් හිමිකර ගත් අතර ඔහු තරගය නිමා කළේ තත්පර 9.89 කිනි. එහි ලෝකඩ පදක්කම කැනඩාවේ ඇන්ඩි දි ග්‍රේස් හිමිකරගත්තේය.
ලොව වේගවත්ම කාන්තාවද මෙවර ජැමෙයිකාවෙන් බිහිවූ අතර ඒ කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 10.71කින් නිම කරමින් මෙවර ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කම දිනාගත් ජැමෙයිකාවේ එලීන් තොම්සන් ය.
COMMENTS
අසමසම මිනිසා ඔබයි. ඔබට තවත් වරක් ජය ගන්න වාසනා! (නි)
බ්‍රසීලයේ අනාවැකිකරුවනුත් අපේ සුමනදාස මහත්තයාගේ වගේනේ අනාවැකි පළකළේ (නි)
සුබ පැතුම්. ලොව වටා සමහරක් සාස්තර සහ අනාවැකි බොරුවක් බවට පත් වුණා. අනේ අපේ රටෙත් ඉන්න කපටි බොරුකාර අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හුරාගෙන කන හඳහන් කල්ලි රටකට කරනා විනාශයක්. අනේ මිනිසුනේ.. මේවාට අසු නොවී උත්සාහයෙන් දියුණු වන්න (බ)
හදවතින්ම සුබපැතුම් සහෝදරයා! මොනතරම් මහන්සියක් ගන්න ඇද්ද ඔය තැනට එන්න. (නි)
මට මතක විදියට 2000 හෝ 2004දි ලංකාවත් ඔලිම්පික් වාර්තාක් තිබ්බා. එම අවුරුද්දෙ ක්‍රීඩකයින් අටදෙනෙක් වෙනුවෙන් නිලධාරීන් දෙසිය ගනනත් ඔලිම්පික් ගියා. අපේ අය තියන වාර්තා ලෝකෙ මොන රටකටවත් බිඳඳමන්න බැහැ. (නි)
මගේ ප්‍රියතම ක්‍රීඩකයා! (නි)