ජැමෙයිකාවේ උසේන් බෝල්ඞ් සිය ඔලිම්පික් වාර්තාව තවත් ඉදිරියට ගෙනයමින් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වේ රන් පදක්කම පිට පිටම දෙවැනි වරටත් දිනා ගැනීමට අද (06) අලූයම සමත් විය.
මීටර 100 පිරිමි ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම පිට පිටම දෙවරක් දිනූ දෙවැනි ක‍්‍රීඩකයා බවට ද උසේන් බෝල්ට් පත්විය. බෝල්ට් 2008 බීජින් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 පිරිමි ඉසව්ව තත්පර 9.69 කින් නිම කරමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.
එහිදී බෝල්ට් තත්පර 9.63 ක කාලයකින් තරගය නිම කිරීමට සමත් විය. දෙවැනි ස්ථානය ලැබූ ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් තත්පර 9.75 කින් ද, තෙවැනි ස්ථානය ලැබූ ඇමරිකාවේ ජස්ටින් ගැටින් 9.79 කින් ද තරගය නිම කිරීමට සමත් වූහ.
අසූව දශකයේ හිටපු ලෝක කෙටි ධාවන ශූරයා වූ ඇමරිකාවේ කාල් ලූවිස් 1984 සහ 1988 ඔලිම්පික් තරගාවලිවලදී පිට පිටම මීටර 100 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා තිබේ.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උසේන් බෝල්ට් ඔලිම්පික් වාර්තාව අලූත් කරමින් මීටර 100 රන් පදක්කම දිනාගනී
නිෂාඩ් ප්‍රීනා Monday, 06 August 2012 10:24 AM
ඔහු නම් සැබෑම වීරයෙක්; දක්ෂයෙක්. (නි)
කුරේ Monday, 06 August 2012 10:32 AM
2016 ඔලිම්පික් කොහොම වෙයිද? (නි)
සුනිල් Monday, 06 August 2012 10:36 AM
නියමයි බෝල්ට්. 2016 ඔලිම්පික් වලදී නැවත හමු වෙමු. (නි)
නදී Monday, 06 August 2012 11:10 AM
අපේ සුභ පැතුම්! (නි)
දේවප්‍රිය Monday, 06 August 2012 11:38 AM
ඔබ එදාමෙදා තුර බිහිවූ සුපිරි ධාවකයෙකි. (නි)
සරත් Monday, 06 August 2012 11:55 AM
විශිෂ්ටයි. (නි)
විජයසේකර Monday, 06 August 2012 12:46 PM
ඔබ එදාමෙදා තුර බිහිවූ සුපිරි ධාවකයෙකි.විශිෂ්ටයි. (දී)
හේරත් Monday, 06 August 2012 01:03 PM
මෙයා නම් ගිය ආත්මයේ චීටෙක්ද කොහෙද? පුදුම දිවිල්ලක්නේ දුවන්නේ. (නි)
සමන් කුමාර Monday, 06 August 2012 02:39 PM
ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම් වලටනම් අපි දැනටමත් රන්පදක්කම් ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තමයි මේ හපන්කම කරලා තියෙන්නෙ. අපි ඉතිහාසයේ කවදාවත් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගෙන නැහැ. මේ වගේ ඔලිම්පික් රන් පදක්කම් දිනා ගන්න අපේ තරුණ තරුණියන්ටත් කවදා හෝ හැකියාව ලැබේවා!. (දී)
දුටුගැමුණු Monday, 06 August 2012 02:43 PM
තව 200 m, 4 x 100m තවත් වාර්තා 2 ක් ගයි (දී)
අනුර Monday, 06 August 2012 03:57 PM
බෝල්ට්ට ලංකාවෙන් සුභ පැතුම්! (නි)
ආකාෂ් Monday, 06 August 2012 05:08 PM
නියමයි බෝල්ට්. (නි)
ප්‍රවීන් මැනිලා Thursday, 09 August 2012 02:59 PM
අපේ ගම්වලට පොලිසියෙන් පැන්නම කට්ටිය දුවන විදියට හුසේන් බෝල්ට් කැලේ...!!(නු)