ජැමෙයිකාවේ උසේන් බෝල්ඞ් සිය ඔලිම්පික් වාර්තාව තවත් ඉදිරියට ගෙනයමින් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වේ රන් පදක්කම පිට පිටම දෙවැනි වරටත් දිනා ගැනීමට අද (06) අලූයම සමත් විය.
මීටර 100 පිරිමි ඉසව්වේ ඔලිම්පික් රන් පදක්කම පිට පිටම දෙවරක් දිනූ දෙවැනි ක‍්‍රීඩකයා බවට ද උසේන් බෝල්ට් පත්විය. බෝල්ට් 2008 බීජින් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මීටර 100 පිරිමි ඉසව්ව තත්පර 9.69 කින් නිම කරමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.
එහිදී බෝල්ට් තත්පර 9.63 ක කාලයකින් තරගය නිම කිරීමට සමත් විය. දෙවැනි ස්ථානය ලැබූ ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් තත්පර 9.75 කින් ද, තෙවැනි ස්ථානය ලැබූ ඇමරිකාවේ ජස්ටින් ගැටින් 9.79 කින් ද තරගය නිම කිරීමට සමත් වූහ.
අසූව දශකයේ හිටපු ලෝක කෙටි ධාවන ශූරයා වූ ඇමරිකාවේ කාල් ලූවිස් 1984 සහ 1988 ඔලිම්පික් තරගාවලිවලදී පිට පිටම මීටර 100 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු නම් සැබෑම වීරයෙක්; දක්ෂයෙක්. (නි)
2016 ඔලිම්පික් කොහොම වෙයිද? (නි)
නියමයි බෝල්ට්. 2016 ඔලිම්පික් වලදී නැවත හමු වෙමු. (නි)
අපේ සුභ පැතුම්! (නි)
ඔබ එදාමෙදා තුර බිහිවූ සුපිරි ධාවකයෙකි. (නි)
විශිෂ්ටයි. (නි)
ඔබ එදාමෙදා තුර බිහිවූ සුපිරි ධාවකයෙකි.විශිෂ්ටයි. (දී)
මෙයා නම් ගිය ආත්මයේ චීටෙක්ද කොහෙද? පුදුම දිවිල්ලක්නේ දුවන්නේ. (නි)
ස්ත්‍රී දුෂණ, ළමා අපචාර, මිනීමැරුම් වලටනම් අපි දැනටමත් රන්පදක්කම් ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තමයි මේ හපන්කම කරලා තියෙන්නෙ. අපි ඉතිහාසයේ කවදාවත් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගෙන නැහැ. මේ වගේ ඔලිම්පික් රන් පදක්කම් දිනා ගන්න අපේ තරුණ තරුණියන්ටත් කවදා හෝ හැකියාව ලැබේවා!. (දී)
තව 200 m, 4 x 100m තවත් වාර්තා 2 ක් ගයි (දී)
බෝල්ට්ට ලංකාවෙන් සුභ පැතුම්! (නි)
නියමයි බෝල්ට්. (නි)
අපේ ගම්වලට පොලිසියෙන් පැන්නම කට්ටිය දුවන විදියට හුසේන් බෝල්ට් කැලේ...!!(නු)