ශ්‍රී ලංකා පුවත්පත් කලාවේ පෙරළිකාරයකු වූ චින්තන ජයසේන (68) මහතා අභාවප්‍රාප්ත විය.
කොලම නම් තීරු පුවත්පත මගින් ඔහු අලුත් පත්තර නැඹුරුවක් ඇති කළේය. සමාජ දේශපාලන කරුණු උපහාසාත්මකව ලියූ ඔහු ඊට ලක්වන්නවුන් දැඩි ලෙස විවේචනය කළේය.
සිත්තර ඇතුළු අලුත් චිත්‍ර කථා පත්තර කිහිපයක් ඔහු හඳුන්වාදුන්නේය. තීරු පුවත්පත් කලාවේ පුරෝගාමියක වූ ඔහු ඊට නව ජවයක් හා නැම්මක් ලබාදුන්නේය.
ජයසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (3) ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ,ඔබගේ ලිපි අප පාසල් ගිය කාලයේ රසවින්දා තවම මතකයි (ම)
මම ඔහුව කෙටි කාලයක් ඉතා ළඟින්ම ඇසුරු කළා. හාස්‍යජනක කතා කියන්න හරිම රුසියෙක්. විනෝද සාගරයක්. හරිම නිර්මාණශීලීයි. ඔහුට නිවන් සුව පතමි! (නි)
පහුගිය කාලේ වැඩිපුර පෙනෙන්න හිටියේ නැති වුණත් මෙතුමා සැබෑ දක්ෂයෙක්. මෙතුමාට නිවන් සුව පතනවා! (නි)
ඔබගේ රසිකයෙක් වුණේ අපි පුංචි කාලයේ මයි. ඔබට නිවන් සුව (අ)