(ඩයනා උදයංගනී)
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පැවති උපාය මාර්ගික සංවර්ධන කළමනාකරණ ආයතනය (සෙමා) රජය විසින් අහෝසි කරනු ලැබ තිබේ.
එය ඉකුත් 16 වැනිදා සිට අහෝසි කරනු ලැබ ඇති අතර මෙම මස 16 වැනිදාට පෙර එහි උපකරණ ආදිය භාරදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මෙහි උපදේශකවරයෙක් ලෙස අතුරලියේ රතන හිමියන් කටයුතු කළ අතර, සභාපතිවරයා ලෙස අශෝක් අබේගුණවර්ධන මහතා කටයුතු කළේය.
එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලංකාදීපයට පැවසුවේ කැබිනට් පත‍්‍රිකාවක් මගින් උපාය මාර්ගික සංවර්ධන කළමනාකරණ ආයතනය අහෝසි කළ බව තමන්ට දැනුම් දුන් බවයි.
මාර්ග තදබදය අවම කිරීමේ හා බස් ධාවනය විධිමත් කිරීම වෙනුවෙන් වූ ‘‘සහසර‘‘ නම් ව්‍යාපෘතියක් මෙම ආයතනය මගින් ක‍්‍රියාත්මක කෙරුණු අතර එම නියමු ව්‍යාපෘතිය මහනුවර නගරය ආශි‍්‍රතව ක‍්‍රියාත්මක කර තිබිණි.
එය අහෝසි කරන විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ආරම්භ කෙරුණු ‘‘වස විස නැති රටක්‘‘ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරමින් සිටි බව ද එම කාර්ය මණ්ඩල සාමාජිකයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට අවශ්‍ය උගතුන්ගෙන් සමන්විත පොදු අරමුණු වෙනුවෙන් සැදුනු ආයතන රැසක් මිස පටු දේශපාලන අරමුණු වලින් යුත් නාස්තිකාර ආයතන නොවේ. රටේ ඉදිරිදැක්ම සැකසිය යුතු වන්නේ තමන්ගේ බඩවඩා ගැනීම පමණක්ම හිතන අදුරදර්ශී අයගෙන් සමන්විත ආයතන නොව රටට සුදුසු ආර්ථිකයක් ගැනසිතිය හැකි අයගෙන් පමණක් සැදී ආයතන වේ..