(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම නගරයෙ හොරෝයිෂන් පාක් ගම්මානයෙ  නිවසක තිබු උපන් දින සාදයක් අතර තුළ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමක් බේරීමට ගිය දෙදරු පියකු පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී අද ( 18 ) මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයෙ පදිංචිව සිටි දෙදරු පියකු වු ජී.ජී.අමිත් මධුරංග නැමති 32 හැවිරිදි අයකු බව කියයි.

පොලිසිය පවසන්නේ හොරේයිෂන් පාක් ප්‍රදේශයෙ නිවසක ඊයේ ( 17 ) කුඩා දරුවෙකුගේ උපන් දින සාදයක් අතර තුර කාන්තාවක් සම්බන්ධයෙන් එම උපන් දින සාදයට එක්ව සිටි සහෝදරයින් දෙදෙනෙකු ආරවුලක් ඇති කර ගෙන ඇති බවත් ඉන් පසුව මොවුන් දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවක් බවට පත්වි තිබියදී එය වැලැක්විමට මරණයට පත් තැනැත්තා කටයුතු කර ඇති  බවයි.