නිකිණි පුර පසළොස්වක පෝදා, අද (1) රට පුරා වෙහෙර විහාර පෙහෙවස් සමාදන් වූවන්ගෙන් පිරී ගියේය. අනුරාධපුර, කැලණිය, කතරගම, මහනුවර, පොලොන්නරුව ඇතුළු පුද බිම් දහම් සුවඳින් ඇළලී ගියේය.
කැලණි රජමහා විහාර පුද බිම උවසු උවැසියන්ගෙන් පිරී ගියේය.
![0191--[1]](http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/08/0191-1.jpg)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමුද එහෙනම් පවු ටික මකා ගන්න කැළණි පන්සලට..... (නි)
වාසනාවන්ත නව මාසයකට බුදු දහමේ ආශිර්වාදය ලැබේවා! (නි)
සැවොම සදහම් සිසිළෙන් නැහැවේවා........!!!
මුහුදින් එතෙර සිට මෙවැනි දෙයක් දකින්න ලැබීම වාසනාවක්. සාධු....සාධු....සාධු.... (නි)
මේක ඇත්තක්ද? පවු නැති වෙනවද? (නි)
ඹ්ක තමයි සමහරුත් කැලණියටම වෙලා ඉන්නේ, කරන පවු හේදෙන්න. (නි)
අපේ ආචාර්යතුමාත් කැළණියේනේ. (නි)
මිනිස්සු අද කාලේ කරන පවු නැති කර ගන්න නම් වරක් නොවෙයි, ජීවිත කාලයම වැන්දත් මදි වෙයි. (නි)
මනුෂ්‍යයන් වන අපට නිදහසේ තමන්ගෙ කැමැත්තට අනුව, ආගමක් හෝ ධර්මයක් ඇදහීමට සම්පුර්ණ නිදහස තිබිය යුතුයි.එහෙත්, ඒ ආගම අදහන මනුෂ්‍යයාගේ කැමැත්තට අනුව එය සොභාවිකව විය යුතුයි. එය තම තමන්ගේ දැනුම අනුව තමයි සිදුවන්නේ. එහෙත් සමහරු කිසිම ආගමක් නොඅදහයි. එයට හේතුව නම් ඒ ඒ පුද්ගලයන්ට මේ සමාජය තේරුම් යන හැටියට, කොටින්ම කියනවා නම් ඒ ඒ පුද්ගලයා ලබා උපන් හැටියට තමයි සියල්ල සිදුවන්නේ. ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්තට සිදුවන දෙයක්. බුදුදහම කියන්නේ මනුෂ්‍යයාගේ අතින් පිනුත් කෙරෙනවා, පවුත් කෙරෙනවා කියලයි. ඒක තමයි අප මහ ගෞතම බුදුරජාණන් අප සියලු සත්වයට බුදුදහම දීල පිරිනිවන් පෑවේ. වැඩි ගෞරවය භක්තිය විනාසෙට මුලයි. මනුෂ්‍යයන් වන අප බුදුදහම අනුව ජිවත් වෙලා, අපේ ආරක්ෂාව අපිම සොයාගන්න ඕනේ. නැතිනම් අපි බුදුදහම ආරක්ෂා කරන්න ගියහොත් එතන මහා විනාශයක් වේවි. ඒ නිසා අපි, අපිම ආරක්ෂා වෙමු. (නි)
මනුෂ්‍යයා තමයි දේවත්වයට යන්නෙත්, බුද්ධත්වයට යන්නේත්, තිරිසන් වන්නෙත්. මේ ලෝකයේ තියෙනවා ලෝක තුනක්. ඒවා තමයි මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක සහ තිරිසන් ලෝක ( දිව්‍ය ලෝක යටතට වැටෙනවා බ්‍රහ්ම ලෝකත්) මනුෂ්‍යයා මැරුණට පස්සෙ ස්වභාව ධර්මය ආරක්ෂා වුණොත් පමණයි මනුෂ්‍යයා කළ පිං , පව් අනුව ස‍්වභාවිකව මේ ලෝක තුනෙන් එකකට ගිහින් ආත්ම භවයක් ලබන්නෙ. මෙලෙස ස්වභාව ධර්මය ආරක්ෂා වෙලා තිබෙන කම් පමණයි මනුෂ්‍යයන්ට ඕනම පවක් ස්වභාවිකව බේරා ගන්න පුළුවන් වන්නේත්, සංසාරයේ ස්වභාවිකව ගමන් කරන්නට සහ ජීවත් වෙන්නට පුළුවන් වන්නෙත්. මේ සෑම දේකටම මනුෂ්‍යයා ස්වභාවිකව ජීවත් වෙලා ස්වභාව ධර්මය රැකගත යුතුයි. (නි)
සමන් සහ රොහාන් වෙත, කරුණාකර මාතෘකාවට අදාළව කතා කරන්න. (නි)
මෙන්ඩිස් ඔබ සංසාරේ පතාගෙන ආපු හැටියට තමයි ඔතාගෙන යන්නෙත්. මේක තමයි සංසාරේ කියලා කියන්නේ....!!(නු)
(මෙන්ඩිස් 2012-08-02 11:16:00 සමන් සහ රොහාන් වෙත, කරුණාකර මාතෘකාවට අදාළව කතා කරන්න. (නි)) මෙන්ඩිස් වෙත, ඔබට උත්තර ලිව්වා. ඇයි ඔබට තව ප්‍රශ්ණ නැද්ද? මාව හෝ නැතිනම් වෙන කවුරුන් හෝ මනුෂ්‍යයෙක් මෝඩ කරලා ගොනාට අන්දන්න ගියහොත් මෙන්ඩිස්, ඔබමයි ගොනාට ඇන්දෙන්නේ. ඒ බව හොදින් සිතේ තබා ගන්න. (නි)
හිතලා මතලා පවු කරන අය, පවු බේරා ගන්න කැළණි පන්සල් ගියාට වැඩක් නැහැ. (නි)