IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


උපන් හැටියේ වැරැදි පටවයි

  මාතර මහ රෝහලේදි උපන් දික්වැල්ල කෝන්දෙනියේ බිළිදකුට මාතර උප්පැන්න විවාහ  හා මරණ  රෙජිස්ටාර් කාර්යාලයය වැරැදි හතක් සහිත උප්පැන්න සහතිකයක් නිකුත් කර තිබේ ඉකුත් ඔක්තෝබර් 30 වැනිදා උපන් කවීන්  සදිත්ම  ලක්වින් ගේ උප්පැන්නයේ ස්ත්‍රී පුරුෂ භාවය සදහන් කළයුතු කොටුවේ පියාගේ නම සදහන් කර ඇත පියාගේ  නම වෙනුවට උපන් දිනයත් උපන් දිනය  සදහන් විය යුතු කොටුවේ උපන් ස්ථානයත් උපන් ස්ථානය සදහන් කළ යුතු කොටුවේ සිංහල යනුවෙනුත් සදහන් කැර තිබේ ජාතිය සදහන් කළයුතු තැන මවගේ නමද  ඇගේ නම වෙනුවට උපන් දිනයද උපන් දිනය ලියන තැන රෝහලේ නමද සදහන් කැර ඇත මාතර සහකාර ප්‍රාදේශිය ලේකම් කුසලක  නානායක්කාර මහතා කීවේ මේ අයුරින් අපරික්ෂාකාරීව ක්‍රියා කිරිම ගැන පරීක්ෂණයක් පවත්වන බවයි



අදහස් (0)

උපන් හැටියේ වැරැදි පටවයි

Migara Friday, 30 December 2011 10:34 PM

අයියෝ මේක මොකද්ද ? අපෙ අම්මගෙ මරණ සහතිකයත් වරද්දලා තිබුනෙ රාගම රෝහලේ උපත් හා මරණ රෙජිස්ට්‍රාර්. අපෙ අතට දුන්න නොමිලෙ නිකුත් කරන පිටපතෙ තිබුන වැරදි අපි ඒවෙලාවෙම පෙන්නල දුන්න. ඒත් පස්සෙ බලන කොට කාර්්‍යාල පිටපත පිස්සු නටල තිබුන. ස්ත්‍රී පුරුෂභාවයට පුරුෂ කියල ලියල තිබුන. තවත් වැරදි ගොඩක් තිබුන. ඒක හදාගන්න රාගමට ගියාම ජාඇල කාර්්‍යාලයට යන්න කිව්ව. ජාඇල ගියාම කිව්ව එහෙම හදන්න බැහැ කියල.(මරණ සතික වලවැරදි නිවැරදි කරන්න බැහැ කිව්ව) පස්සෙ මම 1919 කතා කරල තොරතුරු ගත්ත. (මම අර්ධ රාජ්්‍ය ආය්තනයක නිලධාරියෙක්) පස්සෙ නීතිය පිලිබඳ දැනුම ඇති කෙනෙකුගෙත් උදවු ඇතිව රෙජිස්ට්‍රාර් ජනරාල්ට පිටපත් සහිතව ජාඇල කාර්්‍යාලයට ලියාපදිංචි තැපැලෙන් ලිපියක් යැවුව. වසර ගනනාවක් වෙලත් ජාඇල කාර්්‍යාලයෙන් තවම පිලිතුරක් නැහැ. නමුත් රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්්‍යාලයෙන් ලැබුනු පිලිතුරු ලිපිය හා වසර ගනනාවක් අර්ධ රාජ්්‍ය ආයතනයක සේවය කිරීමෙන් ලද පලපුරුද්ද මත ලැබූ ස්ථානෝචිත ප්‍රඥාව භාවිතය තුලින් වසර 2ක් මහන්සිවී මවගෙ මරණ සහතිකයේ නිවැරදි කිරීම් කර ගන්නා ලදී. කෙසේ වුවත් අදාල නිවැරදි කිරීම් සඳහා යොදාගත් පෑන ප්‍රමානවත් ලෙස නොලියවෙන එකක්දෝ බැවින් අදාල සහතිකය පැහැදිලි මදි. ජීවත්ව ඉන්න කෙනෙකුගේ නම් මේක අපහසු නැතිව ඇති කියලා මම හිතනවා.

:       0       0

නුවන් ගුණවර්ධන Wednesday, 28 December 2011 05:10 PM

මත්පැන් පානය කරලා වෙන්න ඇති. නැතිනම් මොළේ අමාරුවක්

:       0       0

ජීවන්ති Wednesday, 28 December 2011 05:39 PM

2 පන්තියේ ළමයෙක්ද ලිව්වේ. උගත්කම හොදයි. රජයේ සේවයට මේවගේ තව ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site