මාතර මහ රෝහලේදි උපන් දික්වැල්ල කෝන්දෙනියේ බිළිදකුට මාතර උප්පැන්න විවාහ හා මරණ රෙජිස්ටාර් කාර්යාලයය වැරැදි හතක් සහිත උප්පැන්න සහතිකයක් නිකුත් කර තිබේ
ඉකුත් ඔක්තෝබර් 30 වැනිදා උපන් කවීන් සදිත්ම ලක්වින් ගේ උප්පැන්නයේ ස්ත්‍රී පුරුෂ භාවය සදහන්
කළයුතු කොටුවේ පියාගේ නම සදහන් කර ඇත
පියාගේ නම වෙනුවට උපන් දිනයත් උපන් දිනය සදහන් විය යුතු කොටුවේ උපන් ස්ථානයත් උපන් ස්ථානය සදහන් කළ යුතු කොටුවේ සිංහල යනුවෙනුත් සදහන් කැර තිබේ
ජාතිය සදහන් කළයුතු තැන මවගේ නමද ඇගේ නම වෙනුවට උපන් දිනයද උපන් දිනය ලියන තැන රෝහලේ නමද සදහන් කැර ඇත මාතර සහකාර ප්‍රාදේශිය ලේකම් කුසලක නානායක්කාර මහතා
කීවේ මේ අයුරින් අපරික්ෂාකාරීව ක්‍රියා කිරිම ගැන පරීක්ෂණයක් පවත්වන බවයි
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ මේක මොකද්ද ? අපෙ අම්මගෙ මරණ සහතිකයත් වරද්දලා තිබුනෙ රාගම රෝහලේ උපත් හා මරණ රෙජිස්ට්‍රාර්. අපෙ අතට දුන්න නොමිලෙ නිකුත් කරන පිටපතෙ තිබුන වැරදි අපි ඒවෙලාවෙම පෙන්නල දුන්න. ඒත් පස්සෙ බලන කොට කාර්්‍යාල පිටපත පිස්සු නටල තිබුන. ස්ත්‍රී පුරුෂභාවයට පුරුෂ කියල ලියල තිබුන. තවත් වැරදි ගොඩක් තිබුන. ඒක හදාගන්න රාගමට ගියාම ජාඇල කාර්්‍යාලයට යන්න කිව්ව. ජාඇල ගියාම කිව්ව එහෙම හදන්න බැහැ කියල.(මරණ සතික වලවැරදි නිවැරදි කරන්න බැහැ කිව්ව) පස්සෙ මම 1919 කතා කරල තොරතුරු ගත්ත. (මම අර්ධ රාජ්්‍ය ආය්තනයක නිලධාරියෙක්) පස්සෙ නීතිය පිලිබඳ දැනුම ඇති කෙනෙකුගෙත් උදවු ඇතිව රෙජිස්ට්‍රාර් ජනරාල්ට පිටපත් සහිතව ජාඇල කාර්්‍යාලයට ලියාපදිංචි තැපැලෙන් ලිපියක් යැවුව. වසර ගනනාවක් වෙලත් ජාඇල කාර්්‍යාලයෙන් තවම පිලිතුරක් නැහැ. නමුත් රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්්‍යාලයෙන් ලැබුනු පිලිතුරු ලිපිය හා වසර ගනනාවක් අර්ධ රාජ්්‍ය ආයතනයක සේවය කිරීමෙන් ලද පලපුරුද්ද මත ලැබූ ස්ථානෝචිත ප්‍රඥාව භාවිතය තුලින් වසර 2ක් මහන්සිවී මවගෙ මරණ සහතිකයේ නිවැරදි කිරීම් කර ගන්නා ලදී. කෙසේ වුවත් අදාල නිවැරදි කිරීම් සඳහා යොදාගත් පෑන ප්‍රමානවත් ලෙස නොලියවෙන එකක්දෝ බැවින් අදාල සහතිකය පැහැදිලි මදි. ජීවත්ව ඉන්න කෙනෙකුගේ නම් මේක අපහසු නැතිව ඇති කියලා මම හිතනවා.
මත්පැන් පානය කරලා වෙන්න ඇති. නැතිනම් මොළේ අමාරුවක්
2 පන්තියේ ළමයෙක්ද ලිව්වේ. උගත්කම හොදයි. රජයේ සේවයට මේවගේ තව ගන්න