(සුජිත් හේවාජුලිගේ )
රේගු දෙපාර්තමේන්තුවේ වන්දි අරමුදලින් රුපියල් කෝටි 13ක මුදලක් වැය කර පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරූ රේගු නිලධාරීන් 323 දෙනෙකුගෙන් පාඨමාලා අවසන් කර සහතික පත්‍ර ඉදිරිපත් කර තිබුණේ 149 දෙනෙකු පමණක් බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක (2024) සඳහන් වේ.
ඉතිරි නිලධාරීන් එම පාඨමාලාව සාර්ථකව අවසන් කළාද අත හැරියේ ද යන්න පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත්වූ බවද එම වාර්තාවේ දැක්වේ.
එසේම ඒ ගැන පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක්ද රේගුව සතුව නොපැවතුණු බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මේ අතර ශ්‍රී ලංකා රේගුව 2012 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා වසර දොළහක කාලයේදී නිලධාරීන්, ඔත්තු කරුවන් හා විවිධ සේවා සපයන අංශ සඳහා රුපියල් කෝටි 2352ක් වටිනා ත්‍යාග මුදල් ගෙවා ඇතැයි විගණන කාර්යාලය පවසයි.
මේ තොරතුරු සඳහන්වී ඇත්තේ ශ්‍රී ලංකා රේගුවේ අරමුදල් පිළිබඳ 2024 අලුත්ම විගණන වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකමේ කප් ගහපු රේගුවට ඕවා උගන්නන්න දේවල්ද?
අපි හොයාගත්තොත් අපිට කන්න පුළුවන් නිසායි. අපි දඩ ගහනවා අපි ඒවා ගන්නවා. හරිම සරලයි...