පූගොඩ ඕවිටිගම ප‍්‍රතාපකන්දේ අක්කර පහමාරක් 41 දෙනෙකුට විකුණා ඉන්දියාවට පලා ගොස් සිටි බව කියන 36 හැවිරිදි කතක් කටුනායක ගුවන් තොටේදී අද අත්අඩංගුවට ගනු ලැබීය. ඇය උපාධිධාරිනියකියි කියති. 2007 සිට වරින් වර ඇය මේ ඉඩම නුගේගොඩ, මහරගම, පූගොඩ, කොස්ගම, මොරටුව හා හෝමාගම ව්‍යාපාරිකයන්ට විකුණා ඇතැයි රහස් පොලිසියටද පැමිණිලි ලැබී තිබිණි. ගම්පහ ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයයේ කිසියම් පිරිසකගේ සහායද ඇයට ලැබී ඇද්දැයි පොලිසිය සොයයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොලේ වැඩි වෙලා වගේ (දී )
මේකෙ කිසිම වැඩක් නැති මිනිස්සු ඉන්න රටක්.. ගත්ත එක්කෙනෙක්වත් තාප්පයක් බදින්න වැටක් ගහන්න ගිහිල්ලා නැද්ද? මෙහෙම පාලු ඉඩම් රජයට ගන්න ඕන.. (නු)
උපාධියයි ඉඩම් විකිනීමයි අතර තියෙන සම්බන්දය මොකක්ද?(ස)
කාගේවත් උදවුවක් නැතුව මෙහෙම දෙයක් මෙපමණ වතාවක් කරන්න අමාරුයි. (නි)
මේක පිළිගන්නත් අමාරුයි. කොහොමද මෙහෙම කරන්නේ? අනික කාන්තාවක්? (නි)
මේ කාලේ උපාධියක් අරන් වෙන මොනව කරන්නද? (ස)
අවුරුදු 40ක් හිරේ දාන්න ඕනි වංචාවක් (අ)
ඔන්න උපාධිය.. (නු)
මේ අය නිකමටවත් කච්චේරිය පැත්තෙ ගිහිං සොයාබැලීමක් කරලාවත් නැතිද? ඉඩම ගත්ත අය ඉඩම පැත්ත පලාතටවත් එන්නෙ නැතිද?(නු)
අක්කර පහමාරක් කීවාම ලොකු ඉඩමක්.ඉතින් ඔය 41දෙනා මේ දේපල මිළයට ගන්න පලමුව ඉඩම් කච්චේරියේ සොයා බැලීමක් කරලා නැතිද? ඉඩම මිළදීගත් අය ව්‍යාපාරිකයන් යයි කීවාට මෙවැන්නක් සොයා බලා මිළදීගන්න බැරි අයට ව්‍යාපාරිකයන් යයි කියන්නේ කෙසේද?(නු)
දැන් ලංකාවේ ඉන්න ගෑණුන්ව විශ්වාස කරන්න බැහැ. (නි)
හතලිස් දෙනාම මෝඩයෝ. ව්‍යාපාරිකයන් තමයි සාමාන්‍යයෙන් මිනිසුන්ව රවටන්නේ. ඒත් එක ගැහැණියකට ව්‍යාපාරිකයන් 40ක් රැවටිලා. (නි)
විකුණුම් උපාධියක්ද අරන් තියෙන්නේ..(ස)
අඩුම තරමින් අල්ලපු වැටෙන් හරි අහලා බැලුවානම්.....? (නි)
වැරදිවැඩක් මුල් වතාවට කරන එක අමාරුයි.. ඊට පස්සේ සිය දහස් වතාවක් උනත් කරන්න පුළුවං.. ඉඩම් ගන්න අයගේ නොදැනුවත්කම සහ නොසැළකිල්ල උපරිමයෙන්ම ප්‍රයෝජනයට අරගෙන...!!(නු)
කොහොමද ගෑණු ගැටේ? (නි)
මේ වැඩේට කච්චේරියෙන් උදව් කළ අයට දඩුවම් ලැබේද? ටෙලිනාට්‍යයකට හොද කතාවක්.. මෙයාගෙන් උපදෙස් අරගෙන කතාවක් හදන්න.!(නු)
සමහරුන්ට උපාධිය කියන එක මැජික් ඇති. නැත්නම් අපරාධ යක් කළාම එයාගේ අධ්‍යාපන සුදුසුකම් බලනවයැ.අනික අද උපාධිකාරයෝ වැහි වැහැලා (ස)
මේකනම් බොරුවක් වෙන්න ඕන..(ස)
මේ කෙනා උපාධි ධාරිනියක් නිසා විශ්වවිද්‍යාල සිසුන් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණය කරයිද දන්නේ නැහැ..!(නු)
රැකියා විරහිත උපාධිදාරියෙක් වෙන්න ඇති ?ජීවත් වෙන්න මොනවා හරි කරන්න ඕන...(ස)
උපාධියට මඩ ගැහුවට දැං තේරෙනවාද උපාධිධාරීන් මොන තරම් දක්ෂද කියලා.. ඒ හැකියාව හොදටත් නරකටත් දෙකටම යොදාගන්න පුළුවං..!(නු)
මෙයා මේ ඉඩම් වරින් වර විකුණලා ලබාගත් මුදල දල වශයෙන්වත් සදහන් කරන්න හැකිනම් උපාදියේ වටිනාකම බලාගන්න පුළුවං..!!(නු)
මෙතෙනට උපාධියක් ගාවගත්තේ ඇයි..!! වෙන අය වැරදිකරලා අහුඋනාමත් එයාලගේ උපාධිය ගැන කතා කරනවාද?(නු)
මෙයාලා අපේ අසල්වාසීන්..!!(නු)
උපාධි කත යන්නෙහි ''උ'' අකුර වෙනුවට ''කු'' දැම්මානම් මෙයාට ගැලපෙනවා නේද?(නු)
ඇයි ඉතින් එක්කෙනෙක්වත් පදිංචියට නොආවේ ????????????? (ස)
නූගත් හා උගත් අය අතර වෙනස 40 කට සමානයි.(ස)
උපාදියක් ගත්තේ ඕව කරන්න තමයි