පූගොඩ ඕවිටිගම ප‍්‍රතාපකන්දේ අක්කර පහමාරක් 41 දෙනෙකුට විකුණා ඉන්දියාවට පලා ගොස් සිටි බව කියන 36 හැවිරිදි කතක් කටුනායක ගුවන් තොටේදී අද අත්අඩංගුවට ගනු ලැබීය. ඇය උපාධිධාරිනියකියි කියති. 2007 සිට වරින් වර ඇය මේ ඉඩම නුගේගොඩ, මහරගම, පූගොඩ, කොස්ගම, මොරටුව හා හෝමාගම ව්‍යාපාරිකයන්ට විකුණා ඇතැයි රහස් පොලිසියටද පැමිණිලි ලැබී තිබිණි. ගම්පහ ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයයේ කිසියම් පිරිසකගේ සහායද ඇයට ලැබී ඇද්දැයි පොලිසිය සොයයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
උපාධි කත එක ඉඩම 40කට විකුණලා
උදයංග Friday, 07 September 2012 05:47 PM
මොලේ වැඩි වෙලා වගේ (දී )
ලක්ෂ්මන් Friday, 07 September 2012 06:17 PM
මේකෙ කිසිම වැඩක් නැති මිනිස්සු ඉන්න රටක්.. ගත්ත එක්කෙනෙක්වත් තාප්පයක් බදින්න වැටක් ගහන්න ගිහිල්ලා නැද්ද? මෙහෙම පාලු ඉඩම් රජයට ගන්න ඕන.. (නු)
රාජා Saturday, 08 September 2012 11:34 AM
උපාධියයි ඉඩම් විකිනීමයි අතර තියෙන සම්බන්දය මොකක්ද?(ස)
ලලිත් - කටාර් Friday, 07 September 2012 06:46 PM
කාගේවත් උදවුවක් නැතුව මෙහෙම දෙයක් මෙපමණ වතාවක් කරන්න අමාරුයි. (නි)
රූපා Saturday, 08 September 2012 11:13 PM
මේක පිළිගන්නත් අමාරුයි. කොහොමද මෙහෙම කරන්නේ? අනික කාන්තාවක්? (නි)
කමල් Saturday, 08 September 2012 12:08 PM
මේ කාලේ උපාධියක් අරන් වෙන මොනව කරන්නද? (ස)
මදූ Friday, 07 September 2012 07:23 PM
අවුරුදු 40ක් හිරේ දාන්න ඕනි වංචාවක් (අ)
විශ්ව Friday, 07 September 2012 07:26 PM
ඔන්න උපාධිය.. (නු)
සුමනා Friday, 07 September 2012 08:25 PM
මේ අය නිකමටවත් කච්චේරිය පැත්තෙ ගිහිං සොයාබැලීමක් කරලාවත් නැතිද? ඉඩම ගත්ත අය ඉඩම පැත්ත පලාතටවත් එන්නෙ නැතිද?(නු)
ගාමිණී-කුවෙයිට් Friday, 07 September 2012 08:25 PM
අක්කර පහමාරක් කීවාම ලොකු ඉඩමක්.ඉතින් ඔය 41දෙනා මේ දේපල මිළයට ගන්න පලමුව ඉඩම් කච්චේරියේ සොයා බැලීමක් කරලා නැතිද? ඉඩම මිළදීගත් අය ව්‍යාපාරිකයන් යයි කීවාට මෙවැන්නක් සොයා බලා මිළදීගන්න බැරි අයට ව්‍යාපාරිකයන් යයි කියන්නේ කෙසේද?(නු)
රොහාන් Friday, 07 September 2012 08:52 PM
දැන් ලංකාවේ ඉන්න ගෑණුන්ව විශ්වාස කරන්න බැහැ. (නි)
රිස්වාන් - සවුදි Friday, 07 September 2012 09:11 PM
හතලිස් දෙනාම මෝඩයෝ. ව්‍යාපාරිකයන් තමයි සාමාන්‍යයෙන් මිනිසුන්ව රවටන්නේ. ඒත් එක ගැහැණියකට ව්‍යාපාරිකයන් 40ක් රැවටිලා. (නි)
යොහාන් Saturday, 08 September 2012 02:59 PM
විකුණුම් උපාධියක්ද අරන් තියෙන්නේ..(ස)
ප්‍රේමලාල් Saturday, 08 September 2012 02:41 AM
අඩුම තරමින් අල්ලපු වැටෙන් හරි අහලා බැලුවානම්.....? (නි)
සිල්වා Saturday, 08 September 2012 04:47 AM
වැරදිවැඩක් මුල් වතාවට කරන එක අමාරුයි.. ඊට පස්සේ සිය දහස් වතාවක් උනත් කරන්න පුළුවං.. ඉඩම් ගන්න අයගේ නොදැනුවත්කම සහ නොසැළකිල්ල උපරිමයෙන්ම ප්‍රයෝජනයට අරගෙන...!!(නු)
අමිල කටුනායක Saturday, 08 September 2012 07:58 AM
කොහොමද ගෑණු ගැටේ? (නි)
දර්ශණ Saturday, 08 September 2012 07:57 AM
මේ වැඩේට කච්චේරියෙන් උදව් කළ අයට දඩුවම් ලැබේද? ටෙලිනාට්‍යයකට හොද කතාවක්.. මෙයාගෙන් උපදෙස් අරගෙන කතාවක් හදන්න.!(නු)
මාලක Saturday, 08 September 2012 08:05 AM
සමහරුන්ට උපාධිය කියන එක මැජික් ඇති. නැත්නම් අපරාධ යක් කළාම එයාගේ අධ්‍යාපන සුදුසුකම් බලනවයැ.අනික අද උපාධිකාරයෝ වැහි වැහැලා (ස)
නිලන්ත Saturday, 08 September 2012 08:52 AM
මේකනම් බොරුවක් වෙන්න ඕන..(ස)
ප්‍රදීප් කුමාර Saturday, 08 September 2012 09:34 AM
මේ කෙනා උපාධි ධාරිනියක් නිසා විශ්වවිද්‍යාල සිසුන් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණය කරයිද දන්නේ නැහැ..!(නු)
වරුණ Saturday, 08 September 2012 09:35 AM
රැකියා විරහිත උපාධිදාරියෙක් වෙන්න ඇති ?ජීවත් වෙන්න මොනවා හරි කරන්න ඕන...(ස)
පද්මි Saturday, 08 September 2012 06:46 PM
උපාධියට මඩ ගැහුවට දැං තේරෙනවාද උපාධිධාරීන් මොන තරම් දක්ෂද කියලා.. ඒ හැකියාව හොදටත් නරකටත් දෙකටම යොදාගන්න පුළුවං..!(නු)
දයා සෞදි Saturday, 08 September 2012 09:47 AM
මෙයා මේ ඉඩම් වරින් වර විකුණලා ලබාගත් මුදල දල වශයෙන්වත් සදහන් කරන්න හැකිනම් උපාදියේ වටිනාකම බලාගන්න පුළුවං..!!(නු)
පද්මි Saturday, 08 September 2012 09:53 AM
මෙතෙනට උපාධියක් ගාවගත්තේ ඇයි..!! වෙන අය වැරදිකරලා අහුඋනාමත් එයාලගේ උපාධිය ගැන කතා කරනවාද?(නු)
ඉනු Saturday, 08 September 2012 07:01 PM
මෙයාලා අපේ අසල්වාසීන්..!!(නු)
චන්ද්‍රසිරි Saturday, 08 September 2012 07:15 PM
උපාධි කත යන්නෙහි ''උ'' අකුර වෙනුවට ''කු'' දැම්මානම් මෙයාට ගැලපෙනවා නේද?(නු)
නසාර් Saturday, 08 September 2012 10:27 AM
ඇයි ඉතින් එක්කෙනෙක්වත් පදිංචියට නොආවේ ????????????? (ස)
නසාර් Saturday, 08 September 2012 10:30 AM
නූගත් හා උගත් අය අතර වෙනස 40 කට සමානයි.(ස)
පනාගොඩ Friday, 07 September 2012 05:36 PM
උපාදියක් ගත්තේ ඕව කරන්න තමයි