(මොහොමඞ් බුහාර්දීන්)
දඹුල්ල මුලික රෝහලට දරු ප්‍රසුතිය සදහා පැමිණෙන මව් වරුන්ට ඹවුන්ගේ අවසරයෙන් තොරව උපත්පාලන ලූපයක් පළඳවන සිද්ධියක් ගැන අනාවරණය කළ ලංකාදිප දඹුල්ල මාධ්‍යවේදි කාංචන කුමාර ආරියදාස මහතාගෙන් දඹුල්ල මූලස්ථාන පොලිසිය අද(09) ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් දඹුල්ල මුලික රොහලේ වෛද්‍යවරයෙකු මාධ්‍යවේදියාට එරෙහිව පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලක් අනුව මාධ්‍යවේදියා පොලිසියට කැඳවා තිබිණි.
එම වෛද්‍යවරයා සිය පැමිණිල්ලෙන් කියා ඇත්තේ එම මාධ්‍යවේදියා මාධ්‍යය ආචර ධර්ම හා රෝහල් ආචාර ධර්මවලට පටහැනිව රොහලේ වාට්ටු සහ රෝගින් විඩියෝ සහ ඡායාරුප ගත කොට මාධ්‍යය මගින් රටට හෙළිකිරිමත් සමග දඹුල්ල මුලික රෝහලට අපකිර්තියක් ඇතිවු බවයි.
මේ ගැන වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ද පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
පැමිණිල්ල සිදුකළ වෛද්‍යවරයා පැමිණිල්ල විභාග කිරිම සදහා අද පැමිණ සිටියේ නැත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මාර වැඩක්නේ දොස්තරලා බලු වැඩ කරලා ඒවා රටට පෙන්නුවම එ්ක තමයි වැරදි මේ වැඩේ කරපු දොස්තර ගැනිට ගල් ගහල මරන්න ඕන .
කවුරුහරි හද පෙන්නුවම ඇගිල්ල දිහාව තමයි පොලිසියත් බලන්නේ අබුද්දස්ස කාලයේ
මේ දොස්තර සයිටම් දොස්තර කෙනෙක්ද ?
කාංචන අපි ඔබ සමගයි
දඹුල්ල මුලික රෝහලට අපකිර්තියක් ගෙනාවේ දොස්තර මිස මාධ්‍යවේදියා නොවෙයි නේද?
ජරා වැඩ කරන්න හොඳයි, කියන එක තමයි වැරදි.
හැම තැනම ආචාරධර්ම. ඒත් රටේ එදිනෙදා සිදුවන සිදුවීම් දැක්කාම මේවායේ අරුතක් තියෙනවාද කියලා හිතෙනවා.
කාංචන කුමාර කියන්නේ මම අහලා තිබෙන විදියට මෙන්ම මම දන්නා පරිදි ඉතාම නිහතමානී හොඳ මාධ්‍යවේදියෙක්. ඔහු මේ කරපු දෙයින් ඔය දොස්තරගේ බලු වැඩ එළිවුණ එකේ තරහට කරපු දෙයක් මේක
මොකටද මාධ්‍යවේදියව කැදවන්නේ ඔය මගඩිය කරපු දොස්තරයව කුදලාගෙන එන්නේ නැතුව. මාධ්‍යවේදිය කරලා තියන්නේ ඔහුගේ රාජකාරිය. ඔහුව අගය කලයුතුයි
කතාව ඇත්ත නම් මොන ආචාර ධර්මද ?
කොහොමත් අපේ රටේ වැරදි දේවල් හෙළිකරන අයට තැනක් නැහැනේ. අපි දන්නවා, කාංචනමහත්මයා හදවතට එකගව, අවංකව සේවය කරන ගුණගරුක මහත්මයෙක් බව
යකෝ උන් කරපු බලු වැඩේ රටටම පෙන්නපු එකට මාධ්‍යවේදී කාංචන පොලිසියට ගෙන්නන්න කලින් කරපු උන්ට දඩුවම් කරපල්ලා.
සිරා පොර මොකටද ගාඩ් එකට තව අය අරන්. යනවකෝ තනියෙන්.
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ
වෛද්‍යතුමන්ලා කරපු වැඩේ හරිද එතකොට. අපි එතකොට මානව හිමිකම් යන්න ඕනෙද?
මෙහි like එක් අයෙකුට එකක් පමණක් සටහන් කර හැකි ලෙස සකසන්න
එතකොට වෛද්‍යවරු කරන දේවල් වෛද්‍ය ආචාර ධර්ම තියා මනුස්ස ආචාර ධර්ම වලට ගැලපෙනවාද?
රෝහලට වුනු අපකීර්තියට වග කියන්න ඕනේ මද්යවේදියා නොවෙයි.
නියම වැඩේ. බොරුවට රට කුලප්පු කරන්න කලින් හොයල බලන්න තිබුනා. මිනිස්සු කියන හැමදෙයම නිවැරදි නැහැ.
බලෙන් උපත් පාලනය කල වෛද්‍ය ගොල්ල නෙවෙයිද හරි නම් පොලිසි ගෙනියන්න ඕනේ ? කජු ගහේ යෙදී පුහුලම බිමට වැටෙන අබුදස්ස කාලේ ඇවිත් නිසා නිසා වෙන්න මෙහෙම වෙන්නේ.