රංජන් කස්තුරි
තමන් විසින් පවත්වනු ලබන උපකාරක පංතිවලට පැමිණෙන ලෙස සිසුන්ට සහ දෙමාපියන්ට බලපෑම්කරන ගුරුවරුන්ට එරෙහිව තදින් විනය පියවර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විශේෂයෙන් පහවසර ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන අමතර පංතිවලට සහභාගී වන්නැයි ඇතැම් ගුරුවරුන් සිසුන්ට සහ දෙමාපියන්ට විවිධ බලපෑම් සිදුකරන බවට අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙන බවද අධ්‍යාපන අමත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
මීට අමතරව තමන්ගේ අමතර පංතිවලට සහභාගී නොවන දරුවන්ට ඇතැම් ගුරුවරුන් විවිධ හිරිහැර සිදු කරන බවට පැමිණිලි තිබෙන බවද ඇමතිවරයා කීය.
එවැනි පැමිණිලි අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික දුරකතන අංක 1988ට දැනුම්දිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන්ට ටියුෂන් කිරීම තහනම් කරන්න බැරිද?
ගරු ඇමතිතුමනි, ඔබතුමාගේ තීරණය හොඳයි. ඒ වුනත් මේ ටික කියන්නම වෙනවා.. "ළිඳක ජලය තිබුණට කිසිවෙකුට බොන්න හෝ ගන්න බැහැ. ඒ ජලය භාවිතයට ගන්න නම් ඒ සඳහා යම් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න ඕනේ. නැතිනම් ජල පිපාසාවෙන් පෙලෙන කෙනාට ඒ සඳහා ලිඳට බහින්නම වෙනවා" ඒ වගේ තමා රජයේ හෝ පුද්ගලික පාසල් ශාස්ත්රයේ නිසිකාල පරාසයන් තුළ ඒ ඒ පන්තිවලට අදාල විෂයන් නිසි පරිද්දෙන් ක්‍රමවත් හා සිසුන්ට අවබෝධ වන ආකාරයට අධ්‍යාපන කටයුතු නොකෙරෙන්නේ නම් හා අධ්‍යාපන අමාත්‍යාංශයේ හා පළාත් අධ්‍යාපන කාර්යාලවලින් නිසි පරික්ෂණයන් සිදු නොකර කාලය ගලායාමට සලස්වා නිහඬව බලා ඉන්නේ නම් දරුවන්ගේ දෙමාපියන් ලෙස අප කිසිම කෙනෙකුට දරුවන් අනාථ වනතුරු අහස දෙස බලා සිටින්නට නොහැකි බව ඔබ හොඳින් වටහා ගන්න. පාසලේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම් හා පාසලක ශිෂ්‍යත්ව හෝ අනෙක් ඕනෙම විභාගයක් සමත් විය යුතු සිසුන් සංඛ්‍යාව සපිරෙන්නේ නැතිනම් ඒ පාසැල විනාශ මුඛයට යන තේරුම් ගැනීමට නොහැකි ඉහල අධ්‍යාපන නිලධාරීන් සිටීම මුළු රටේම අවාසනාවයි. ඔබට හැකිනම් වසරක එක වාරයක් ලංකාවේ සියලු පුද්ගලික පන්ති තහනම් කර සියලු පාසල්වල දරුවන්ගේ අධ්‍යාපන මට්ටම දැනට පවතින මට්ටමෙන් 20% වැඩිකර පෙන්වන්න.
ඕකත් අර ඇස්බැස්ටෝස් තහනම් කළා වගේ වේවිද?
මේ ටියුෂන් මාෆියාව ඔඩු දුවලා තියෙන්නේ. ගුරු වෘත්තිය දැන් ගුරු වෙළඳාමක් වෙලා. සාමාන්‍ය දැනීමෙන් තොර රොබෝලා බිහිකරන මේ ක්‍රමය වෙනස් නොකලොත් ලංකාවේ අනාගත පරපුර මානසික රෝගීන් වෙන බව කිව යුතුයි.
මම දන්න පාසලක් තියනවා එකේ සමහර ගුරුවරියෝ එහෙමයි. එ්යාලගේ ටියුෂන් වලට යන්න ඕනේ. පාසල් වෙලාවෙන් පසු තිබෙන පන්තිවලට දිනකට එක් ළමයකු ගානේ හොඳ කෑම පාර්සලයක් දිය යුතු අතර. ගෙදර තීන්ත ගාන වැඩ එහෙමත් දෙමාපියන් කළ යුතුයි. මේවා නොකළොත් ළමයා පාසල් ගොස් හමාරයි. දෙමාපියන් නීතිමය පියවර ගන්න බයයි ළමයින්ගෙ අනාගතේ ගැන හිතලා. මාවනැල්ලේ පාසලක්
හැම ඉස්කෝලයක්ම ප්‍රයිවෙට් ටියුටේරියක් බවට පත් කරලා දැම්මොත් වැඩේ ඉවරයිනේ. එතකොට ගුරුවරුන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවන්න ඕන නැහැ! අධ්‍යාපන දෙපාර්තමේන්තුවක් ඕනත් නැහැ.
ගුරු වෘත්තිය පිලිබඳ මුලික දැනීම දැන් ඉන්න සමහර ගුරුන් දන්නේ නැහැ. මේ ලඟදි ජනාධිපති තුමාම කියලා තිබුනනේ 10%-12% අතර ප්‍රමාණයක් ගුරුවරු වීමට නොසුදුසු උදවිය කියලා.
ටියුෂන් එක විතරක් නොවේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සම්පුර්ණයෙන්ම වෙනස් කල යුතුය .පවතින අධ්‍යාපන ක්‍රමය යටතේ අපොස සාමාන්‍ය පෙළ පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගෙන් 80% -85 % විතර උසස්පෙළ කරනවා නමුත් විශ්ව විද්‍යාල වරම් ලැබෙන්නේ 10%-15 % අතර කොටසකට , ඉතිරි පිරිසෙන් බොහෝ දෙනෙකු ගෙදරට වී හෝ ත්‍රි රෝද රථයක අසුන්ගෙන හෝ කාලය ගතකරනවා , සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වන සිසුන්ගෙන් 30% විතර ප්‍රමානයකට පමණක් උසස්පෙළ කල හැකි ලෙසත් ඉතුරු සිසුන්ට යුරෝපයේ රටවල කෙරෙන ආකාරයට ප්‍රමිතියෙන් ඉහල වෘතිය පුහුණුවක් දෙන ලෙස අධ්‍යාපන ක්‍රමය වෙනස් කල යුතුය.