ජයවර්ධනපුර සරසවියේ සිසු විරු ස්මාරකයට බෝම්බ ගසා හානි කළැයි එහි සිසු පිරිසක් උප කුලපති ඉවත් කරන ලෙස ඉල්ලා උපවාසයක් ආරම්භ කළ අතර ඔවුනට සහාය දක්වා රුහුණු විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ 500ක් පමණ සිසුහු පිරිසක් මාතර වැල්ලමඩමේ දී උද්ඝෝෂණය කළහ. ජයවර්ධනපුර සරසවියේ මේ ගැටුම් ඇති කරන සිසුන් ත්‍රස්තවාදීන් සේ ක්‍රියාකරන බව පෙනේ යැයි ද සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඔවුන් අරමුණ යැයි ද එහි උපකුලපති මහාචාර්ය එන්.එල් කරුණාරත්න කියයි.
කිසිම වරදක් නොකළ මා ඉල්ලා අස්වන්නේ කුමකට දැයි උප කුලපතිවරයා කියයි.
මේ අතර රජරට විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුහු එහි උප කුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේනගේ නියෝග නොතකා නේවාසිකාගාරයේ රැඳී සිටිති. අද උදේ හය වන විට නේවාසිකාගාර වලින් ඉවත් වන්නැයි ඔවුනට දැනුම් දී තිබිණි. ඔවුහු ඒ නියෝග නොතකා බලෙන් එහි තැන තැන රැඳී සිටිති. උප කුලපතිවරයා පැවැසුයේ මොවුන් කිසියම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක යෙදෙන බවයි.
පේරාදෙණිය සිසුහු ද ජ‘පුර සිසුනට සහාය දක්වා උද්ඝෝෂණයක් කළහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු අයගේ ඇස් අරේන මේවා කරන්න වෙනවා.
ඔය සටන්වලට නායකත්වය දෙන අයගේ අනාගතය ගොඩ. අනිත් අය රැකියා නැතිව ගෙදර ඔය
බෝම්බ ගහල තියෙන්නෙත් උපවාස කරන්නෙත් එකම කට්ටිය තමා. මොකද ඒ ගොල්ලන්ට උපවාස කරන් පොටක් නැතිවයි හිටියේ. ඒ නිසා ඒ ගොල්ලොම බෝම්බ ගහලා වැඩේ පටන් ගත්තා. අහිංසක මව්පියන්ගේ සල්ලිවලින් ඉගෙන ගෙන අනාගත දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න හදන්න එපා. ඔය තුන්වෙනි බලවේගයට රටේ පාලනය ගන්න බැරි නිසා සිසුන්ගේ පිටින් ගිහින් රට අනාගතය විනාස කරන් හදනවා.
ස්මාරකයක් කැඩුවට මෙහෙම උද්ඝෝෂණය කරන්නේ මොකටද.? ඕක නැතුව අධ්‍යපනය නැති වෙනවද.? තරුණ කමට හිතෙනවා තමා.. ඒත් රැල්ලට යන්න එපා. ටිකක් බුද්ධිමත්ව හිතන්න.
අක්ෂි ඔබ හරි
ඔබ සමග මම එකඟයි අක්ෂි......
නිදහස් අධ්‍යපනය වනසමින්, පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කරමින්,අදහස් ප්‍රකාශ කිරීමට එරෙහි වෙමින් ගෙනියන මෙම ප්‍රතිපත්තිවලට එරෙහිව ජ‘පුර ඇතුළු සමස්ත සරසවි ශිෂ්‍යයෝ හැමදාම හඬ නැගුවා. අදහස් ප්‍රකාශ කරන මහත්තුරුන් තේරුම් ගත යුතුයි මේ නිහඬ කරන්න හදන්නේ රටේම හද ගැස්ම බව. ඔබට මේ මගේ යන්න බැරි උනාට කමක් නෑ.ඒ මගේ යන අයව බාල්දු කරන්න එපා.ප්‍රශ්නය ගැන බලල කතා කරන්න.
අක්ෂි ඔබ හරි, මෙතන අදහස් දෙන සමහර අය ඉරිෂියාවට විශ්ව විද්‍යාල ළමයිනට බනිනවා, ඒත් සත්‍ය දන්නේ නැහැ. දුප්පත් අම්මල තාත්තලගේ ළමය්නට සල්ලි ගෙවල විශ්ව විද්‍යාලයට යන්න සිදුවුණු දවසට සත්‍ය තේරෙයි.
ඔබ සමග මම එකඟයි අක්ෂි
කැම්පස් වල ඉන්න හැමෝම ජේවීපීද?ළමයිට ප්‍රශ්න තියෙන නිසායි ඔවුන් පාරට බහින්නේ
සරසවිය ඇතුලේ වෙන දේවල් නොදැන මෙතන අදහස් පළකරන අය දැනගත යුතුයි, නිදහස් අධ්‍යපනය වනසමින්, පෞද්ගලික විශ්ව විද්‍යාල විවෘත කරමින්,අදහස් ප්‍රකාශ කිරීමට එරෙහි වෙමින් ගෙනියන මෙම ප්‍රතිපත්තිවලට එරෙහිව ජ‘පුර ඇතුළු සමස්ත සරසවි ශිෂ්‍යයෝ හැමදාම හඬ නැගුවා. අදහස් ප්‍රකාශ කරන මහත්තුරුන් තේරුම් ගත යුතුයි මේ නිහඬ කරන්න හදන්නේ රටේම හද ගැස්ම බව. ඔබට මේ මගේ යන්න බැරි උනාට කමක් නෑ.ඒ මගේ යන අයව බාල්දු කරන්න එපා.
මෙයාලට නම් හොඳටම පිස්සු , ඉගෙන ගන් ළමයිට වත් ඉගෙන ගන්න විදියක් නෑ ජේවිපියි අන්තරයයි නිසා.
ලොකු අයගේ ඇස් අරෙන්න මේ වගේ දේවල් කරන්න වෙනවා.
ළමුන් අධ්‍යාපනයට යොමුවීම තමන්ගේම කාර්යයකි. විප්ලව වලට උඩගෙඩි දෙන කටයුතු නොකිරීම රජයේ කාර්යයකි.
දැන් ජේ.වී.පී. නෙමෙයි කැරළිකාර කන්ඩායමේ
ප්‍රශ්නය ගැන බලල කතා කරන්න.
මේවයේ සාපය යන්නේ හදපු වඩපු දෙමව්පියන්ට
ආපසු හදිසි නීතිය ගෙනාවනම් හරි..
සේරම ගෙදර යැව්වොත් හොදයිද?
මෙහෙම අයද ඉස්සරහට රට බාරගන්ඩ ඉන්නේ?
උපකුලපතිවරයාට තනතුර අහිමි කළ යුතුයි
උපවාසයටත් ඉඩදීලා, ඉගෙන ගන්න අයටත් ඉඩ දෙන්න ඕනේද? විභාග අසමත් වෙනකොට තේරෙයි.