නියෝජ්‍ය ඇමැතිවරයකු දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්කළ මෝටර් රථය පැයට කිලෝමීටර් 169 වේගයෙන් පැදවී යයි දඩකොළයක් දීමට ගිය පොලිසිය හා නියෝජ්‍ය ඇමැති අතර ඇතිවූ බහින්බස්වීමෙන් පසුව ඇමැති රුපියල් 1500ක් රියෙන් එළියට විසිකළැයි අද රාත‍්‍රී වාර්තාවෙයි. කොට්ටාව පිවිසුමේදී දඩ කොළය දීමට රියැදුරාගේ බලපත‍්‍රය ඉල්ලූවිට එය නොදී තමා කව්දැයි හඳුන්වා දෙමින් පොලිසියට සැරෙන් කථා කළ නියෝජ්‍ය ඇමැති ඉන්පසු මුදල් එළියට දමා ඇතැයිද පොලිසිය එම මුදල් යළි වාහනයට දමා ඇතැයිද දැනගන්නට ඇත. නීතිය කාටත් පොදුයැයි පොලිසිය කියූවිට නියෝජ්‍ය ඇමැති පවසා ඇත්තේ තමා හදිසි ගමනක් යනබව කථානායකට දැන්වූ බවයි. අධිවේගී මාර්ගයේ උපරිම වේගය පැයට කිලෝමීටර් 100කි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හදන ඇත්තොම පොලිසියට පගාව දීලා පස්සෙ කියනවා පොලිසිය දූෂිතයි කියලා.. ලොකු මිනිසුන් හරියට ගුණගරුකව වැඩ කරනවානම් පොඩි අය නිකම්ම හැදෙනවා..!(නු)
රටටම කියන්නකෝ නමත් එක්කම (නි)
දෙකක් දීලා දාන්න තිබුණෙ කූඩුවට..!(නු)
ආදර්ශමත් ඇමතිවරු අනේ වාසනාවන් මගේ රටට බුදු සරණයි..!(නු)
එයාව අනිවාර්යයෙන්ම උසාවි දාන්න ඕන.. එතකොට රටේ අනිත් මිනිසුන්ටත් ආදර්ශයක්.. පොලිසියට එහෙම කරන්න පුළුවං වෙයිද දන්නේ නැහැ..(නු)
කරුනාකරලා නම දාන්න.. නම දෑම්මයි කියල මේ අය වෑරදි නොකර ඉන්නෙ නෑහෑ. නමුත් ටික දෙනෙක් හරි මේ අය කවුද කියල දෑනගනී.(නු)
කොහොමද දේශපාලනය..!(නු)
මේ තමයි රට කරනවන අයගේ හැටි.. මොනවාද ඉතිං බලාපොරොත්තු වෙන්න පුළුවං..(නු)
වෙන රටකනම් මෙයා මේ වෙනකොට හිරේ..!(නු)
මේ අපටත් හදිසිගමන් යන්න පුලුවන්ද දන්නේ නෑ ඔය කියන මාර්ගයේ?? අනේ අපටත් දෙන්නකෝ කතානායකගේ ෆෝන් නොම්මරේ!!!(නු)
ඇමතිට නම් සල්ලි ගැටලුවක් නැහැනේ..!(නු)
පොලිසියේ මහත්තුරුන්ටත් පස්සේ උසාවියේදී ඔය ඇමතිතුමාව හඳුනාගන්න බරිවෙවිද දන්නේ නෑ.. මේජර් මහත්තයට වගේ?? (නු)
ඔය කියන කලාපය අයිති වෙන්නේ දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට දන්නේ නැහැ? මගේ භූගෝල විද්‍යා දැනුම බොහොම අඩුයි. ඒකයි මේ ඇහුවේ ආයුබෝවන්ඩ! (නි)
මෙ උප ඇමති තුමාගේ නමත් එක්ක පළ කලානම් ඉතාම හොදයි.. (නු)
කවුරු වුනත් නීතිය එක හා සමාන විය යුතුයි...!(නු)
ඔච්චර වේගයෙන් ගියොත් නම් වැඩිදුරක් යන්න ලැබෙන්නේ නැහැ. (නි)
බලය තියෙද්දී මොළය නැහැ. මොළය තියෙද්දි බලය නැහැ. (නි)
සන්ධානයට ළගදිම පාඩමක් ඉගෙනගන්න පුලුවන් වෙයි වගේ. (නි)
මේ මැති ඇමති හැසිරීම් නොදැක්ක වගේ ඉන්න අය ගැන මොනවද හිතෙන්න. එයාලා ඒවා අනුමත කරනවාද? (නි)
මේකත් ආශ්චර්යයේ කොටසක් වෙන්න ඇති . නම එක්ක දැම්මා නම් තමා හොද . (නි)
ඔයා උප ඇමති තුමාගේ නම දාන්න.(නදී)
මෙයාලා වගේ අය තමයි මේ රට කන්නේ. (නි)
මෙහේ නම් ඔය වේගයට යන්න පුලුවන්. (නි)
මේ වගේ අය ඉන්න විට රටකට හරියයිද? (නි)
අපේ පැත්තේ මහ මකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.(නදී)
නියෝජ්‍ය ඇමති වෙලා මෙහෙම නම් , තව ඇමති එහෙම වුණොත් කොහොමට තියෙයිද? (නි)
ඔයවගේ අයට නීතියක් නැද්ද? ලැජ්ජයි හොදේ. (නි)
දැන් වේගයෙන් ගියොත් රු. 1500 ක් ගන්නවද? අනේ කොහොම වුණත් ආපහු දීපු එක හොදයි. එයාලා හරිම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. (නි)
ආදරණීය ලංකාදිප, ඇයි නම් ගම් නොදාන්නේ? එහෙම දැම්මා නම් තමයි වටිනාකම. (නි)
වැරදිලා කතා නායකට කතා කරලා තියෙන්නේ.(නදී)
උප ඇමතිලා කී දෙනෙක් ඉන්නවද? ඇයි නම දාන්න බැරි? (නි)
සමහර දේශපාලකයෝ සහ ඔවුන්ගේ ළඟ සිටින්නන් සාමාන්‍ය මිනිසුන්ව තුට්ටුවට දමයි. ඔවුන් ළඟ නීතියට ගරු කිරීමක් නැත. කණගාටුව කිසිම වගකිවයුත්තෙක් මේ ගැන කථා නොකිරීමයි. ශ්‍රී ලංකාව ගැන කණගාටුවක්මයි සිතෙන්නේ. (නි)
මම ආසම මී හරකුන්ට. උන්ට ඔලුව තිබුනට ඔලුව ඇතුළේ මුකුත්ම නැහැ. කලබල වෙන්න එපා. මම කිවුවේ මී හරක් ගැන හොදේ. (නි)
මේ ඇමතිගේ හැසිරීම හරිම නරකයි.. අශෝභනයි.. ඇමතිකම ලැබුණාම ඔලුව ඉදිමෙනවානේ.. මේ ළගදි මාර්ග පොලිසිය ඔබාමාට දඩ ගැහුවා රතු එලිය නිවෙන්න කලින් යන්න හැදුවා කියලා.. මෙන්න ශිෂ්ට සහ අශිෂ්ට වෙනස..!(නු)
මට මතකයි එන්ගලන්තයේ ඈන් කුමරිය අධික වේගයෙන් රිය පදවලා වැරදීකාරිය වෙලා ඒ දඩය ගෙවන්න නිහතමානීවූ හැටි. (නි)
මට තේරෙන්නේ නැහැ ලංකාවේ දේශපාලඥයන් හට ඇත්තේ කුමන ආකාරයේ විශේෂත්වයක්ද කියලා. (නි)
කවදාටද ඔය පුරුදු තුරන්වන්නේ? අන්න එදාට අපිට රටක් තියෙයි. (නි)
මෙම සිද්ධිය උසාවි දැමිය යුතුයි. මාර්ග නීති කඩකිරිම හා අල්ලස්දීම යන කරුණු දෙක මත රටට ආදර්ශවත් වියයුතු මොවුන් මෙසේ කරනවා නම් අනිත් අය ගැන කුමන කථාද? (නි)
අනේ ඉතිං, කවුද ඔය උත්තමයින්ව පාර්ලිමේන්තුවට යැවුවේ? (නි)
(කහවත්ත කොටකෙතන පදිංචි නාමල් චමින්ද සිල්වා ආචාරිගේ සිරිපාල, ලොකුගම්හේවගේ මිතිල, ලොකුගමහේවගේ සිසිර හෙවත් නුසාර ඔවුහුය). මේ අයගේ නම දමන්න පුලුවන්නම් ඇයි නියෝජ්‍ය ඇමතිගේ නම නොදාන්නේ? (නි)
අපිට තමයි මේ හැම නීතියක්ම දාන්න එන්නේ මේ රටේ ලොකු අය වැරදි කලාම එවා වැරදි ගානට වැටෙන්නේ නැහැ..(නු)
මෙහෙම වෙන්නේ කම්පනය නිසයි. (නි)
ඒ අයට නීති නැහැනේ. (නි)
මෙහෙමයි අපේ රටේ එඩිතර පොලිස් නිලධාරිනුත් ඉන්න බවක් පේනවා..!(නු)
උප ඇමති මෙහෙමනම් මීට ඉහළ කට්ටිය කොහොම ඇද්ද? (නි)
ඔය සැප වාහනවල හැටි ඔහොම තමයි. මෙහෙත් ඕනෑ තරම් තියෙනවා අධි සුඛෝපභෝගී වාහන. පැයට කි මී 250ට වුණත් පාගලා යන්න පුලුවන්. කිසි ගානක් නැහැ. යන්නම තමයි හිතෙන්නේ.ඉතින් ඇමතිතුමාත් හිතන්න ඇති මේ තරම් වටිනා මෝටර් රියක් අධික මුදලක් දීලා ගෙන්වාගෙන කි මී 100ට යන එක කිසි ගතියක් නැහැ, ඉතින් රියදුරාට කියන්න ඇති "ගාටන්නෙ නැතිව පාගනවා අයිසෙ ඔය කෙහෙම්මල ටිකක් ඇගට දැනෙන්න.. ඉතිරි හරිය මම බලා ගන්නම්" කියලා.මයි කාර්,මයි පෙට්‍රල්,මයි රෝඩ්... (නි)
අලිබබා සහ හොරු 40ද? 225ද? (නි)
ඔයාලා කලබල වෙන්න එපා. එතුමා අනාගත ආශ්චර්යය කරා යන ගමනක් වෙන්න ඕනෑ. (නි)
ජනක හරි. දුප්පතෙක් නම් නම දානවා. (නි)
රට ආගාධයට වැටිලා ඉවරයි. (නි)
ලොකු වාහන වලට බය නැති නිලධාරීන් තවමත් පොලිසියේ සිටීම ගැන සතුටුයි. පස්සේ වෙනස් වෙයිද දන්නේ නැහැ. (නි)
එයාව නැවත පාසල් යවන්න. (නි)
එයාව ගෙදර යවන්න. (නි)
ඇයි නම කියන්න බැරි උප ඇමතිගේ? (නි)
පොලීසියේ භූමිකාව අනර්ඝයි කියා හිතෙනවා. (නි)
ඇයි මේ ඇමතියාගෙ නම දාන්නෙ නැත්තෙ. හාමුදුරු කෙනෙක් කලා නම් පොටෝඑකත් එක්කම දානව. සාමාන්‍ය මිනිහෙක් කලොත් ගමයි නමයි ගෙදර විස්තර ඔකක්ම දානව.ඒත් මෙයාල ගැන ??????????? (ස)
පොලීසිය පස්සේ කියාවි ඇමතියා සල්ලි විසික්කරේ නෑ කියලා....දැන් වෙන්නේ එහෙම දේවල් නේ.. (ස)
ඉක්මණට යන්න පුලුවන් හෙලිකොප්ටරයක් ගන්න සල්ලි විසිකරන්නකෝ. (නි)
එතුමාට ඉක්මනින්ම ඇමතිකමක් ලැබේවි.. (ස)
මම හිතන්නේ මේ තමයි හොදම වෙලාව නව මාර්ග නීති හදුන්වාදීමට ඉහළ දඩ පද්ධතියක් සහිතව අධිවේගී සහ අනෙකුත් මාර්ග සදහා.. (නු)
මෙහෙම ඇමතිලා, මට රු.600 හොයාගන්න නෑ ලයිට්බිල ගෙවාගන්න (ස)
ඇමරිකාවෙ එක් ආණ්ඩුකාරවරයෙක් ආසන පටි නොපැළදවීම හේතුවෙන් ඇමරිකානු ඩොලර් එක්දහස් පන්සීයක දඩය එම ප්‍ර දේශයේ පොලිසියෙන් ලබා ගත්තා.. මේකයි ක්‍රමය... ඇමරිකාව කියන්නේ හොදම රට ලෝකයේ. නීතිය නම් නීතිය. ජනාධිපතිට උනත්.. (නු)
හදිසි ගමන් යනවා කියලා කථානායක තුමා කිව්වට පොලිසිය මොකද කරන්නේ.. ඒ අය කරන්නේ රාජකාරිය කතා නායක එක්ක තියෙන ගණුදෙණුව පාර්ලිමේන්තුවෙදි බලාගන්න.. නැත්නම් කතානායගෙන් ලියුමක් අරගෙන එන්න එතුමා හදිසි ගමනක් යන්න අවසර දුන්නා කියලා.. මම නම් හිතන්නේ නැහැ එතුමා මේවට අවසර දෙයි කියලා..!(නු)
අනේ මෙයාලද රට හදන්නේ ? අනේ මගේ කට.. (ස)
මේ කතාවේ ලස්සනම කොටස තමයි '....තමා හදිසි ගමනක් යනබව කථානායකට දැන්වූ බවයි' කියන කොටස. මේ අනුව කථානායකට නීතිය බලපාන්නේ නැති වෙන්න ඕන. එහෙම නැත්නම් එයාට කියල ඕනෑම වැරද්දක් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙමත් නැත්නම් අපි ඕනෑම කෙනෙකුට කථානායකට කියල මාර්ග නීති කඩාගෙන යන්න පුළුවන් වෙන්න ඕන. (ස)
කරුණාකර උප ඇමතිගේ නම දාන්න. නැතිනම් දකුනේ උප ඇමතිවරැ ඔක්කොම නම කතා කරගන්නවා.(නදී)
අයියෝ සල්ලී .... (ස)
දන්නකෙනෙක්වත් ඇමතිගුමාගෙ නම කියන්නකෝ.. අපිටත් දැනගන්න.. මාර්ග ඇමතිතුමාම 200ට යද්දි උප ඇමතිතුමෙක් 169ට ගියාම මොකද වෙන්නේ. ඒකෙ වරදක් නැහැ බලාගෙන ගියාම..!(නු) .
මන්ත්‍රී හොඳයි......ඇමති හොඳායි...........මේ ගොල්ලන්ට කතිර ගහන අපි ගොඩා..........යි ! (ස)
කරුණාකර මොවුන්ට විරුද්ධව නිසි පියවර ගන්න (නි)
මෙයාලනේ රටේ ඉන්නේ (ස)
යකෝ අදි වේගයක් කියන්නේ අඩුම ගනනේ පැ.කි. මී 225 වත් තියෙන්න ඕන, සල්ලිත් ගෙවල හයියෙන් යන්න බැරිනම් ඔයික මොකටද අපි ඩුබායි වල ඉන්නකොට රියැදුරා පැ.කි. මී 250 ට යනවා දඩ ගහන්නෙත් නෑ සල්ලි අය කරන්නෙත් නෑ (ස)
මැති ඇමතිවරුන් මේ විදියට හෑල්ලු කිරීමට ඉඩ දීම නරකයි. මේ සිද්ධිය පිටුපස ජාත්‍යන්තර බලෙව්ගයක් තිබේදැයි සොයා බැලිය යුතුයි. මෙම නිලධාරියාගේ අතීත ක්‍රියාකලාපය පිළිබදව හොදින් සොයා රජය අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණය හෙළිදරවු කරන්න. (නි)
පාලකයෝ ආදර්ශවත් වීම අත්‍යවශ්‍යයි (ස)
නීතිය කාටත් සමාන බව මේ දේශපාලකයෝ දන්නෙ නැද්ද? (නි)
කාට දැන්නුවත් නීතිය කාටත් එකයි කියලා දේශපාලඥයින් දන්නේ නැද්ද? (නි)
කතානායකට කියලනේ ,ප්‍රශ්නයක් නෑ (ස)
වැරැද්ද කරන අයගේ නම දාන්න බැරිද? (නි)
කථානායකට දැන් වූ විට පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළ යුතුද? මෙයාලට බැණල වැඩක් නැහැ ඡන්දෙ දුන්න අයට තමයි ගහන්න ඕනේ. (ස)
සමන්ත, ලයිට් බිල ගෙවන්න තමයි රු.600/-ක් නැත්තේ ඉන්ටනෙට් යන්න සල්ලි තියෙනව, ආශ්චර්යමත් දේශය (ස)
එකල බුදු දවස කොසොල් රජතුමා සිහින 16ක් දැක්කලු. ඒ සිහින 16 යෙත් ඔය කතාව තියෙනවා.. අද රටේ ලොකු පුටුවල ඉන්න ගොඩාක් මිනිසුන් දූෂිත අය.. කොහොම හරි තමන්ගේ මඩිය තර කරගන්න එකයි බලන්නේ.. රට ගැන මිනිසු ගැන ගානක් නැහැ.. හොද මිනිසුත් නැතිවා නෙමෙයි.. පොලිසියට බැනලා නැහැ කවුරුත්.. නීතිය කරන පොලිස් මහතුනුත් ඉන්නවා..හැම දෙයක්ම දිහා බලාගෙන ඉන්න මිනිසුන් විදියට හැම පැත්තකින්ම බලන්න ඕන අපි..!(නු)
නම දාන්න , නැත්නම් අපි කොහොමද ඔය හොරු අඳුනගන්නේ , ආයේ ඔය වගේ දේවල් දානවානම් නමත් එක්ක දාන්න (ස)
කථානායකට කියල නීති කඩන්න පුලුවන් බව අපි දන්නේ අදනේ. අනේ අර රත්නපුරේ මොකටද බුරැතු පිටින් අල්ලන්නේ කවුරැහරි කථානායකට දන්වන්නකෝ. (නු)
මෙයාලට කතිරෙ ගහපු අපිට පිදුරු කට්ටියකුත් පුන්නක්කු බාල්දියකුත් ලබා දෙන්න.. මේකෙන් වෙන්නෙ උප ඇමතිලා සියළු දෙනාටම මේ වරද පැටවෙන එකයි.. නම දැම්මනම් එක්කෙනයි..!(නු)
ඇයි මේ අයගේ නම් හෙලි කරන්න බැරි (ස)
නෝනා ඉක්මනට ගෙදර එන්න කියලා ඇති .1500 වගේද පමා උනොත්...? (ස)
ලංකාවේ එක එක අයට එක එක නීති. (නි)
වෙනකෙනෙක් උනානම් නො පොබ්ලම් (ස)
සුනඛයින් ගැන සදහන් කිරීම උන්ටත් කරන නිගාවක්. (නි)
පොලිස් රාළහාමිට දෙවි පිහිටයි (ස)
මම ඉන්නේ අබුඩාබි වල. කෙනෙක් කියලා තිබුනා එයා පැයට කිලෝම්ටර් 250 වේගයෙන් වාහනේ පදවනවා කියලා.(නදී)
ලමාක් , බොරු කියන්න එපා . මමත් ඉන්නේ ඩුබායිවල , මෙහෙ උපරිම වේගය 160, 160 එහා ගියොත් කැමරා වලට අහුවෙනවා , දඩය 17500 (ස)
කතානායක තුමා කිව්වද දන්නෑ 169 ට වේගයෙන් යන්න කියලා (ස)
නම් ගම් නොදැම්මට කමක් නැහැ.(නදී)
එයාලා කළාම ප්‍රශ්නයක් නැද්ද?(නදී)
මේක ඉතින් පොඩි දෙයක්නේ.(නදී)
මෙයාලට ඡන්දය දෙන අයටයි ගහන්න ඕනෑ. (නි)
අනේ වාසනාව , මේ වගේ අය ඉක්මනින් ඉවත්වේවා (ස)
එක මකුණෙක් කනවා කියලා ඔක්කොම මකුණෝ මරලා හරියන්නෙ නැහැ (නි)
අහිංසක සෝභිතගේ ගිහි නමයි, පැවිදි නමයි දෙකම දාලා තිබුණට මෙයාට නම? (නි)
ගිලී මගෙත් ඇත දත සුද්දෝ. පොලිස් රාළහාමිලාට මගේ උපහාරය! (නි)
යහපත් පාලකයන් රැක දෙන්න කියා දෙවියන්ගේන් ඉල්ලමි..!(නු)
අනේ පව් ලංකාව (ස)
හැප්පිලා කුඩුපට්ටම් වුණා නම් පාඩමක් ඉගෙනගනීවි. (නි)
මෙයාට නමක් නැද්ද ? (ස)
බයවෙන්න එපා. වැඩිදුර යන්නේ නැහැ. වේගය මාරයාට අතවනයි. (නි)
නමත් කිව්වොත් හොඳයි නේද ? (ස)
නිතිය ක්‍රියාත්මක වෙන එකක් නැතිවෙයි මම හිතන්නේ. (නි)
මේ සල්ලිකොලවලින් ගහන්න තිබුණේ මෙයාව පත්වෙන්න ඡන්දෙ දීපු අයට සහ මෙයාට නාමයෝජනා දීපු කෙනාට.. මේවාට නිසි පිළිතුරු කවදා හරි ජනතාව දේවි..!(නු)
කකුලුවෝ වගේ ලොක්කොනේ මේ රටේ ඉන්නේ . කොහොමද පොඩි අය හැදෙන්නේ ???? (ස)
මෙහෙමත් ඇමතිවරු . මේ ලංකාවද ?? (ස)
බ්‍රිතාන්‍ය පොලිසිය පරාදයි! මල් තියලා වඳින්න වටිනවා පොලිසියෙ උදවිය උත්තර දීපු විදියට.... නිලදරුවනි, නීතිය අකුරට ඉටු කරන ඔබලා වෙනුවෙන් ජනතාව පෙල ගැසී සිටිනවා. බය නැතුව වැඩ දිගටම වැඩ කරන්න!! ඔබට ජය! (ස)
හොඳ වැඩේ ඇමතිට... හූ හූ..... (නි)
මෙහෙව් ඇමතියො ඉන්න රටේ පොලිසියත් කොහොම ඔලුව උස්සන් ඉන්නවද මන්දා? (නි)
මොනවා කරන්නද ඕක තමයි අද රටේ හැටි (ස)
පොලිසිය සහ ඇමතිතුමා නීතිය හරියට ක්‍රියාත්මක කරලා නැහැ.. දෙන්නටම නඩු දාන්න..!(නු)
අපි ඉතින් බඩ බැඳගෙන ලියනවා. හෙට අනිද්දම එයාට උසස්වීමක් ලැබිල ඇමතිකෙනෙක් වෙයි. සමහරවිට මහාමාර්ග ඇමතිම වෙන්නත් බැරිනැහැ. එතකොට හිතෙයි අපරාදෙ 169ට ගියේ, 200ට ගියානන් අගමැති වෙන්න තිබුනනෙ කියල. (ස)
අනේ අසරන සාදාරන පොලිස් මහතා, දැන් ඉතින් ඈත පලාතකට මාරුවෙලා යන්න ලෑස්ති වෙන්න එපැයි. ආශ්චර්‍යය දෙපිටින් දෝරෙ ගලනව. (ස)
කෙහෙල් කැනක් හොරකම් කල මිනිහෙක් සැකපිට අහු වුනානම් නමයි පදිංචියයි දාලා , මෙයාලගේ නම් ගම් තමයි දාන්න බැරි (ස)
පොලිස් නිලධාරීන්ට ගරුකරන ගමන්ම ප්‍රවේශම් වෙන්නත් අවවාද කරනවා. (නි)
ඈයි නම දාන්න බෑරි.....? (ස)
අපිත් එතුමාට කියලා වේගෙන් යනවා (ස)
සතෙක් වුණත් පාරේ යනකොට ඉවසිල්ලෙන් යනවා. (නි)
ඉතිං දෙවියනේ හයියෙන් ගිහිං තියෙන්නේ කතා නායක කියලනේ.. (නු)
අනුවන දේශපාලකයෝ ඔහොම්මමයි (ස)
සල්ලි සහ මාර්ග නීති කියන දෙකම තියෙන්නේ එයාලා අතෙනේ (දී)
සල්ලි වලට මොනවද කරන්න බැරි? (දී)
ඇයි මේ බණින්නේ? එයාට හෙලිකොප්ටර් නැතුව ඇති. (නි)
මාර මිනිස්සු
නියමයි හොදේ. (නි)
කොටකෙතන අයත‍් කලින් දැනුම් දීලද දන්නේ නැහැ කළේ? (නි)
නියම පොලිස් නිලධාරීන් පිරිසක්. අපේ ප්‍රණාමය! (නි)
වෙන පළාතකට යන්න උනත් කමක් නැහැ මෙයාව උසාවියට ගෙනාවට පස්සේ යාපනේට යනවා කියන්න...දෙවි පිහිටයි පොලිසියට..!(නු)
චම්පි ඔයාට තේරෙන්නේ නැද්ද අනේ කොහොමද එයාලගේ නම් දාන්නේ..!(නු)
අපරාදේ. පොලිසියේ මහත්තයට එයා යන දිහා බලන් ඉන්න තිබුණේ නොදැක්කා වගේ. එහෙම වුණා නම් 250 ටම ගිහිල්ලා මේ වගේ උඩින් යන උදවිය නොඑන්නම යන්නත් තිබුණා. එහෙම වුණා නම් අනෙක් උදවියටවත් ආදර්ශයක් වෙයි. (නි)
මෙයාගේ නමත් ප්‍රසිද්ධ කරන්න (ස)
මේක සාමාන්‍ය කෙනෙක් කළා නම් නම ගම වයස සියල්ල දාන්න තිබුණා..!(නු)
අයියෝ සල්ලි ....
නියෝජ්‍ය ඇමති වාහනේ හිටියට එක එලෙව්වේ එයාගේ රියදුරුලු. 1500 දුන්නේ අල්ලසක් විදිහට නෙවෙයි දඩේ ගෙවන්නලු. මෙහෙම කියයි හෙට අන්ද්දට (ස)
මේකටත් මොකක් හරි කියන්න කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකට කියන්න.
සාමාන්‍ය මිනිසුන්ටත් මෙසේ විය යුතුයි.
මේක දඩ මුදලෙන් කොටසක් පමණයි ඉතිරි කොටස පසුවට මේක තේරුම් ගන්න බැරිද හා ??? (ස)
මේ අදහස් බලපුවහම හොඳට පේනවා නීතිය බල්ලට දාන්න හදන ඇමතිලා ඉන්න රටේ නීති රකින්නට වලි කන සැබෑ පොලිස් නිලධාරීන්ට කොච්චර නම් ජනතා බලයක් තියෙනවද කියන එක. පොලිස් මහත්වරු මේ අදහස් දකිත්වා! තව තවත් කෙළින් රාජකාරි කරන්නට එඩි බල, ආරක්ෂාව ලැබේවා! (නි)
සම්පත් ඔබ හරි. විනයක් නැති ඇමතිවරයෙකුට වඩා අවංක පොලිස් නිලධාරියෙකුට මිනිස්සු හැම අතින්ම ගරු කරනවා. (නි)
ඊලඟ වතාවේ ඒ විඩියෝ එක අරගෙන දාන්න අන්තර්ජාලයට (ස)
මේ වගේ දේශපාලුවෝ නිසා තමයි අද රටට නියඟය (ස)