නාඳුනන තුවක්කුකරුවන් තිදෙනකු අද උදෑසන උදයන් පුවත්පත් කාර්යාලයට කඩා වැදී අසට වෙඩි තබා සේවකයන් බිය ගන්වා මුද්‍රණ යන්ත්‍රයට සහ පත්තර මිටි කිහිපයකට ගිනි තබා ඇති බවත්, උදයන් පුවත්පත තම පක්ෂයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ එස් සරවනපවන් මහතාට අයති බවත්, අධි ආරක්ෂිත කළාපය තුළ සිදුවූ මේ සිද්ධිය දැඩි ලෙස හෙලා දකින බවත් දෙමළ ජාතික සංධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
කෙටි කාලයක් තුළ උදයන් පුවත්පත් කාර්යාලයට මැර ප්‍රහාර එල්ල වූ හය වන අවස්ථාව මෙය බවත් ඔවුන් සඳහන් කරයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලක්ෂමන් හුලුගල්ල මහතා කියනුයේ මෙය රජයේ ප්‍රතිරූපයට හානි කිරීම සඳහා කළ වැඩක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් ආණ්ඩුවට බනින්න එපා. (නි)
ඕක ට් එන් ඒ වැඩක් වෙන්න ඇති.(නදී)
අපිටත් දැන් හෙලා දැකලම එපා වෙලා තියෙන්නේ. ඔන්න ඔහේ නොදැක්කා වගේ ඉන්න (නි)
අර හුළුගල්ල මහත්තය කොහොමද කියන්නේ පරීක්ෂණයක් කරෙන්නෙත් නැතුව මේක ඒ අයගෙම වැඩක් කියලා. ඒකෙන් පෙන්නවා අනිත් හැම පහරදිමක්ම මේ අය දැනගෙන කර කියල. බලලා මල්ලෙන් එලියට පනිනවා කියන්නේ ඕකට තමයි.(නදී)
මේවා කිරීමෙන් අමාරුවේ වැටෙන්නේ කවුද? (නි)
හුළුගල්ල මහත්තයා , කවුරුවත් කිව්වද රජයෙන් කළා කියලා.(නදී)
දැනට අවුරුදු පහකට පෙර ඔය හෙලා දැකපු අය හිටියේ කොහේද? (නදී)
මේක අර තමන් තමන්ටම ගහ ගත්ත තාලේ වැඩක්. පහුගිය කලේ මේ පත්තරේ හොද හොද සෙල්ලන් දැම්මා.(නදී)
අමිල කියන්නේ ඇත්ත. අනේ පවු අබමල් රේණුවක තරම් වරදක් නැති අපේ ආණ්ඩුවට බනින්න එපා .(නදී)