යහ පාලනය වෙනුවෙන් පළාත් සභාවට තරඟ වැදීමට රුපියල් සියය බැගින් ලබා දෙන්නැයි ඉල්ලා පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීයැයි කියමින් උදය ගම්මන්පිල මහතාට එරෙහිව බොරැල්ල ටිකල් පාරේ ඒ මහතාගේ කාර්යාලය ඉදිරිපිට පිරිසක් විරෝධතාවක් පැවැත්වූහ.
ඔහු වෙනුවෙන් රුපියල් සියයට බැගින් ලබා දුන් මුදල් නැවත ලබා දෙන්නැයි ද උද්ඝෝෂකයෝ ඉල්ලූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුරාවිද්‍යා චක්‍රවර්තිගේ වාහන බලපත්‍රය විකිණුව හැටි තාම මතකයි. මතක්කර බලන්න (නදී)
යහපාල, කියන්නේ ඉස්සර හිටපු බන්දුල පෙරේරාද කියලත් හිතෙනවා ලියන විලාසය දැක්කම. රටේ නීතියට අනුව නම් මින්සුන්ව මුලා කරලා මුදල් හම්බ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් (නදී)
මේ කරන්නේ හොඳ වැඩක්ද? ගම්මන්පිල මහත්තයා 100 එකතු කළේ කාට දෙන්නද දන්නෙ නැහැ.මිනිස්සු මේ දේවල් දන්නවා.ඒක 100න් වහන්න බැහැ මහත්තයෝ. (නි)
මේ වගේ සල්ලි ගන්න අයට තනතුරු දෙන්නේ මොකටද? (නි)
ලැජ්ජා නැති ගොන්නට ගම්මන්පිල මහත්තයාත් එකතුවුණ එක නෙමෙයි ප්‍රශ්නය. ගම්මන්පිල මහත්තයා එහෙම එකතුවුණේ දුප්පත් මිනිසුන්ගේ රුපියල් 100 ක් මහදවල් අරගෙනනේ! ඒක ලැජ්ජානැති වැඩක් නෙමෙයිද? මහත්තයෙක් වගේ ගත් සල්ලි දෙන්න කියන්න. (නි)
අන්න එහෙම එන්න බන්දුල පෙරේරා මහත්තයෝ. ඔබතුමා නැවත සභාවට එනවාට අපේ කිසිම විරුද්ධත්වක් නැහැ. අපිට එහෙම විරුද්ධ වෙන්න අයිතියකුත් නැහැ. ඔබතුමා නැතුව සභාවේ කිසිම ගතියකුත් නැහැ. කෙසේ හෝ මෙයත් කිවයුතුයි, ඔබතුමා භාවිතා කරන විවිධාකාර නම් පිලිබදව ලැයිස්තුවකුත් අප සතුව තිබෙන බවත් ඔබ තුමා (ස්ත්‍රී සහ පුරුෂ) දැනගත යුතුය. (නදී)
රු.100 උනත් නැති නිසානෙ ඉල්ලලා ගත්තේ. එහෙම නම් කියපු දේ කරන්න ඕනා. ඉලුලීම හරි. (නදී)
මහජන බදු මුදල් වලින් අප්‍රමාණ ඡන්ද කල සහ පැනපු අයට මේ වගේ උද්ගෝෂණ කරනවද ? (අ)
ගම්මන්පිල මහත්තයට රුපියල් 100ක් දීපු එකෙක්වත් ඔතන නැහැ..දීපු මිනිස්සු එතුමා ගැන සතුටු වෙනවා මිසක් ඔය විදියට විහිලු සපයන්නේ නැහැ..යහපාලානේ තරම කිව්වොත් මේ දින කිපෙට දොර ගලල අපේ බෙල්ල ගාවට යට වෙලා තියෙන්නේ යහපාලනෙන්..කොහොමත් දින 100 යනකොට නාහෙට උඩින් යාවි..අපි ඔක්කොටම පිවිතුරු හෙටක් බලන්න පුළුවන් වේවි එතකොට රතන හාමදුරුවන්ගෙන් බන පදයක් අහලම..(අ)
දුන් දේ ආපසු ඉල්ලීම හරිම කැතයි (නි)
කෙලින් ඉන්න විට කරේ තියා ගත්ත අයම නේද මේ අද වැටුනම පාගන්නේ. සමහරවිට මේ කෑගහන අය රුපියලක්වත් දීල නැතිව ඇති (නදී)
දෙන්න තියෙන්නේ. 1500 කට වඩා යන එකක් නැහැ. (නදී)
මේ වසරේ නියම පාඨය " ඇල්වතුරත් නිමල බිලා- අපේ සල්ලි පොකට් ගහල " හොඳටම ගැලපෙනවා. (නදී)
දේශපාලුවන්ට පක්ෂය මොකක් උනත් කියපු දේවල්, කියන දේවල්, කරපු දේවල්, කරන දේවල් මොකුත්ම මතක නැහැ. වාසි පැත්තක් දැක්කහම හෝයියා කියල ඒ පැත්තට පනින එක තමයි කරන්නේ. ඔය 100 පාරේ යන හිඟන්නෙකුට දුන්න නම් පින් සිද්දවේවා කියල වත් කියයි. මතකද මේ වැකිය ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැකගන්නේ. (නදී)
පිටබැද්දර ජයා, ඒ එයාම තමයි. පිවිතුරු යහපාල, පවිත්‍ර සහ යහපාල නමින් ආයෙත් මෙතන ලියනවා. හැබැයි දැන් ඉස්සර වගේ පිටු ගණන් ලියන්නේ නැහැ. අහුවෙන නිසා. (නි)
මොන නමින් ලිවුවත් බන්දුල පෙරේරාගේ භාෂා විලාශය කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා සභාවේ අපි ගොනාට ඇන්දවීම එයාට පහසු නැහැ. තවමත් කල්පනාව වැඩවසම් ක්‍රමයට රාජාණ්ඩුවක් පිහිටුවන්න. (නි)
මේ දේශපාලකයන් බහුතරයක් කොහේහරි වෙනත් රටක ද්විත්ව පුරවැසිබව හෝ වෙනත් ස්ථිර පදිංචි වීසා එක්ක තමයි මේ ලංකාවේ දේශපාලනය කරන්නේ. (නි)
එකතු කරපු සල්ලි මාටියා ගැහුවද (නදී)
බන්දුල යහපාලට ජයවේවා! (නි)
ලංකාවේ මිනිස්සුනම් හරිම ලැජ්ජා නැති කොටසක් නේද?. දීල නැවත ඉල්ලන්නෙ මොන ලැජ්ජා නැති වැඩක්ද? අනික රු. 100/-ක්. (නදී)
රාජා මාමේ, රු.100/- කෑලි ලක්ෂ ගානක්.සෙල්ලන්ද? (නදී)
අද අපි ජීවත්වන්නේ පෘථිවිය නමැති රටේ ලංකාව නමැති පොඩි ගමක. මේ පෘථිවිය තුළ නොයෙක් ජාතීන්, නොයෙක් ආගම්, නොයෙක් වර්ණ වල මිනිසුන් සිටිනවා.ළිඳේ ඉන්න ගෙම්බන් මෙන් නොසිතා , අනෙකුත් ජාතින් සහ ආගම් සමඟ සහජීවනයට පුරුදුවන්න. ජීවිතය ඉතා කෙටිය. වෛරී සිත්, අන්තවාදී සිතුම් අතහරින්න.එවිට ලෝකය ලස්සන සාමය පිරි තැනක් වනවා (නි)
ඔය පෙන්නන්නේ යහපාලනේ (නදී)
රාජා මහත්තයෝ,රුපියල් සීය උනත් ලොකු මිනිස්සු මේ රටේ ඉන්නවා. අනිත් එක සීයෙ ඒවා එකතුවෙලා ලක්ෂ පනහක් හැදිල ඒක මාටියා ගහ ගත්තොත් සීය පොඩි නිසා කමක් නැහැ කියලද කියන්නේ? (නදී)
බාප්පට නම් 100/- ගානක් නැතුව ඇති. අපිට නම් ඒක බොහොම වටිනවා. (නදී)
රාජා මහත්තයෝ, දුප්පත් මිනිසුන්ගේ රුපියල් සීයට අර පැත්තට මේ පැත්තට ගෙම්බා වගේ පනින එක ලැජ්ජා නැති කමක් නෙවෙයිද? (නදී)
සීය කොහොමද වටින්නේ නැහැ කියන්නේ. අඩුම ගණනේ හාල් කිලෝ එකක් වත් ගන්න පුලුවන් (නදී)
එතකොට ඔය සීය අරගෙන මොකද කළේ (නදී)
මේ වගේ විහිළු උද්ඝෝෂණ එයාලා ඉස්සර නම් කළේ නැහැ. (නි)
ඇල්වතුරත් නිමල බීපු අය දැන් ඇණ කොටාගන්න හැටි පුදුමයි. (නදී)
සී.කේ.ලංකාපුත්‍ර, ඔය පළවෙනි එක්කෙනා වෙන්න ඇති එහාට මෙහාට පැනපු. ඕක දේශපාලනයට අරුමයක් නෙමෙයි, ඔබතුමාට අරුමයක් වුණාට. (නි)
දුප්පත් යාචකයෙකුට කීයක් හරි දීල ඒක පස්සේ ඉල්ලන්නේ කොහොමද ? පව් අනේ එයා දුප්පතා. එයා සල්ලි වලින් කාල බීල හොඳින් හිටියනේ. දැන් ඒයාට පාඩුවේ ඉන්න අරින්න. (නදී)
මෙහෙමත් මිනිස්සු (නදී)
මම බන්දුල පෙරේරා , මම පොරොන්දුවක් උනා මහින්ද මහත්තය පැරදුනොත් මම ආයෙත් මෙතන අදහස් දාන්නේ නැහැ කියල. මම ඒ හින්ද මෙතැන් සිට යහපාල ආදී වෙනත් නම් වලින් පෙනී සිටිනවා (නදී)
රජයට එකතු වන්නට කෝටි 300 ක් ගත්තා කියනවනේ. ඕක ගෙවලා දාන්න. වැඩේ ඉවරයිනේ. (නදී)
ගම්මන්පිල මහක්කයා දේශපාලනයේ හරි තීන්දුවක් ගත්තා. හෙල උරුමය හෙල උරුමයක්ම විය යුතුයි. එසේ නැතිව එය දමිල හෝ මුස්ලිම් උරුම වෙනුවෙන් බිලි නොදිය යුතු බව එතුමා දකින්න ඇති. ඉදිරියට ඇතිවන්නේ හෙලයේ නියම උරුමක්කාරයින්ගේ අයිතිය බලලෝභී දේශපාලනය විසින් වෙන්දේසි කරන යුගයක් බව පෙනෙන්නට තියනවා. එහි වරද වත්මන් ජනාධිපතිවරයාගේ පමණක් නොව හිටපු ජනාධිපතිවරයාටත් පැවරෙනවා මන්ද වත්මන් ජනාධිපතිවරයා විජාතික බලවේගවලට යටකර බලයට ගෙන ඒමට මාවත සකස් කළේ ඔහු නිසා. (නදී)
රජයට එකතු වෙන අයට වගේම රජයෙන් පනින්න එපා කියලත් කෝටි ගණනින් කප්පන් ගෙවල තිබුනා. කාගේ මුදල්ද? (නදී)
රාජා මහත්තයෝ, දැන්වත් ඔය ගොට්ට පැත්තකින් තියන්නකෝ. පාට කන්නාඩි ගලවලා ඉන්නකෝ. (නදී)
ගම්මන්පිල අවංක මිනිසෙක්. කරුණාකර ඔහුට හිරිහැර කරන්න එපා. මේක පිටුපස ඉන්නේ කව්ද හොයන්න. කපටි දේශපාලකයන්ගේ රැවටීම් වලට හසු වෙන්න එපා. (නදී)
අමන්ද දුවේ ඔයාට ගනන් කරන්න බැරිද ? ඔක්කොම කට්ටිය 30ක් විතර නේද ? (නදී)
දැන් ඉතින් ඒ සල්ලි ගෙනල්ලා දෙයිද? (නි)
අනේ කුරුවිට සීයේ, රු.100 දීපු ඔක්කොම මෙතනට ආවා කියලද හිතුවේ ?එහෙම වුණා නම් ලංගම බස් වලින් තමයි සෙනඟ අදින්න වෙන්නේ. (නි)
තවත් කඩේ යන අය ඉන්නවා නම් මෙන්න බලාගන්න (නි)
100 වුණත් දීලා ඉල්ලන්න නෙමෙයි තියෙන්නේ. ඒවාට නිසි දඬුවම් දීලයි ආපසු ගන්න ඕනෑ. විලිලැජ්ජා නැති වැඩ මේවා. ලාංකිකයෝ විදිහට අපිට පිටරටකවත් මිනිසුන්ට මුහුණදීලා ජීවත්වෙන්න බැහැ (නි)
ඔය රුපියල් 100 ඉල්ලන්නේ ඕනෑකමට වැඩිය එයාලා කරන වැඩවලට මිනිසුන්ගේ ඇති අප්‍රසාදයටයි කියලයි මට නම් හිතෙන්නේ (නි)