ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගනුදෙනුවේ දී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ප්‍රශ්නකාරී ලෙස ඊට සෘජුවම සම්බන්ධ වීයැයි මූල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අද (29) කියා සිටියේය.
2006 වසරේ දී මිග් ප්‍රහාරක යානා හතක් මිලට ගැනීමේ වංචාවක් සිදුවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවත් වාර්තාවක් අද උසාවියට ඉදිරිපත් කළේය.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති වීරතුංග එම මුදල් ශ්‍රී ලංකන් ලිමිටට් ලයබිලිටි නම් සමාගමක ආයෝජනය කළේ දැයි පරීක්ෂණ පවත්වන බව බව ද පොලිසිය අධිකරණයට දැන්වීය.
එම සමාගමේ බැංකු ගිනුම් තහනම් කරන ලෙස කොළඹ පෞද්ගලික බැංකුවකට මහේස්ත්‍රාත්වරයා අද (29) නියෝග කළේය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතාගේ පැමිණිල්ලක් අනුව එම පරීක්ෂණය ඇරැඹූ බව ද පොලිසිය කීවේය.
1980 දී හා 1983 දී නිශ්පාදිත මෙම මිග් යානා ඉහළ මිලකට ගැනීමේ දී මූල්‍ය අක්‍රමිකතා සිදුවීයැයි ඔහු ලිපි පෙළක්ම ලියා තිබූ බව ද පොලිසිය දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ දවස්වල අහස අපෙයි කියලා උජාරුවට කිව්වේ එක වෙන්න ඇති! (බ)
යුද්ධය නතරවීම ලොකුම දූෂණයක් නතරවීමය (බ)
ඒ ඒ කාල වල රුසියානු විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්ත දැන් ළමයි නොවන අයගෙන් ඇහුවනම් තව විස්තර දෙයි නේද ? (අ)
කසිකබල් මිග් වලින් ගිහිල්ලා යුද කරලා ජයගත් අපේ නියමුවන්ට මගේ ආචාරය පුද කරන අතර , මිග් වලින් සල්ලි ගැහුවා හොරු සියලු දෙනාගේම දේපල රාජසන්ත කර ජීවිතාන්තය දක්වා හිරේ යැවිය යුතුය.(හේ)