
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය කෙරෙහි ජනතාවගේ උනන්දුව මද නමුත් ලබන 6 වැනිදා උදෙන්ම ඡන්දය පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සිය ඡන්ද අයිතිය අපතේ නොදමන්නැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ විවිධ හේතු කාරණා හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ගැන ජනතාවගේ උනන්දුව ඉතා අඩු මට්ටමක පවතින බවයි.
ඡන්දය ළං වන විට ඒ තත්ත්වය තරමක් වෙනස් වනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයට අදාළව බරපතළ සිද්ධී කිසිවක් මෙතෙක් වාර්තා වී නැතැයි නිරීක්ෂණ සංවිධාන පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතර වෙනකං ඡන්ද පොල විවෘත කරලා තියෙන්නේ මොන විවාහයකටද එහෙනම්...!