
(අංජුල මහික වීරරත්න)
කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කිවුල් ඔයේ ජල සම්පත කාර්යක්ෂම හා ඵලදායි ලෙස යොදා ගනිමින් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්ක වල ජල හිඟය, දරිද්‍රතාව හා අඩු කෘෂිකාර්මික නිෂ්පාදන ශක්තිය යන ප්‍රධාන ගැටලු විසඳීම සහ ප්‍රාදේශීය ආර්ථිකය සංවර්ධනය කිරීම අරමුණු සහිතව කිවුල් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2011-09-28 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එවකට ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 4,170ක් වූ එම ව්‍යාපෘතිය මහවැලි ජලාශ සංවර්ධන පද්ධතියේ 'L' කලාපය තුළ වසර 04 ක කාලයක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ නමුත්, 2022 වසරේ රට තුළ හට ගත් ආර්ථික අවපාතය හේතුවෙන් එම ව්‍යාපෘතිය 2023-12-31 දින සිට තාවකාලිකව නතර කිරීමට පසුව තීරණය කරනු ලැබ ඇත. ව්‍යාපෘති බලප්‍රදේශය තුළ පවතින පානීය සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වන ජල හිඟයට පිළියමක් වශයෙන් යෝජිත ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, දැනට තාවකාලිකව අත්හිටුවා ඇති කිවුල් ඔය සංවර්ධන ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමටත්, දේශීය අරමුදල් භාවිතයෙන් 2026 වර්ෂයේ සිට 2031 වර්ෂය අවසානය දක්වා කාලය තුළ ව්‍යාපෘතිය අවසන් කිරීමටත්, ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇස්තමේන්තුව මිලියන 23,456 ක් වශයෙන් සංශෝධනය කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හොද වැඩ පිළිවෙළක් මේක...