IMG-LOGO

උතුරුමැද පළාත් සභාවේ ගිණුම් අංශය සම්පුර්ණයෙන් වහයි

(දයාරත්න ඇඹෝගම)


උතුරු මැද පළාත්  ප්‍රධාන අමාත්‍යාංශයේ ගිණුම් අංශයේ සේවය කළ නිලධාරිණියකට කොරෝනා රෝගය වැළදිමේ හේත්වෙන් එම ගිණුම් අංශය සහ ආයතන අංශය සම්පුර්ණයෙන් වසා දමා එහි සේවය කළ නිලධාරින් හා සේවකයන් පනස් දෙනෙකු සිය නිවෙස්වලම ස්වයං නිරෝධායනයට ලක්කොට තිබේ.

අනුරාධපුර මෛත්‍රිපාල සේනානායක උද්‍යානයේ පිහිටි ප්‍රධාන අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අමාත්‍යාංවල සහ දෙපාර්තමේන්තුවල ගිණුම් අංශයේ සේවකයන් පමනක් සේවයේ යෙදවිමට වත්මන් තත්වය හමුවේ පියවර ගත්බව උතුරැ මැද ප්‍රධාන ලේකම් එච්.එම්.පී බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් අප කළ විමසුමේදි අද(31)දින පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ලේකම්වරයා කියා සිටියේ වර්ෂ අවසානයේ ගිණුම් කටයුතු හා ඒ සම්බන්ධ රාජකාරිවල නිරත වන සේවක සේවිකාවන් හට දැඩි සෞඛ්‍ය මාර්ග උපදේශක මත රාජකාරි කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි.

පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව ඉදිරි කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රධාන ලේකම් වරයා මෙහිදි පැවසිය.



අදහස් (0)

උතුරුමැද පළාත් සභාවේ ගිණුම් අංශය සම්පුර්ණයෙන් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site