උතුරුමැද පළාත්සභා මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා රජයේ වාහන 200 කට වැඩි සංඛ්‍යාවක් යොදාගෙන ඇතැයි ”අපි පුරවැසියෝ” සංවිධානය කියයි. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක සිවිල් සංවිධාන ගණනාවකින් සමන්විත ”අපි පුරවැසියෝ” සංවිධානය කැඳවුම්කරුවෝ දෙදෙනෙක් පුවත්පත් සාකච්ඡාවකදී මෙසේ පැවසූහ. උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කැබ් රථ 9 ක් හා පළාත් සභාව අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල වාහන 75 ක් ද ඊට යොදාගෙන ඇතැයි කී කැඳවුම්කරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා කැබ් රථ 9 ක වාහන අංකද සඳහන් කළේය. ඊට අමතරව ගරාජ් අංක සහිත රජයේ වාහන 10 ක්ද යොදවා ඇතැයි කියා සිටියේය. රජයේ සේවකයින්ද නිවාඩු නිකේතනද කාර්යාල හා ඉඩම්ද රජයේ මැතිවරණ අපේක්ෂකයන් ප‍්‍රවර්ධනය සඳහා යොදා ගැනීමේ අවස්ථා ඇතැයිද ඔහු කියයි. එම සංවිධානයේ ටෙරන්ස් ගාමිණී, සමන්ත ඈපා, එම්.ඞී. සිරිසේන සහ ජයතිලක බණ්ඩාර යන කැඳවුම්කරුවෝද මේ සාකච්ඡාවට එක්වූහ. මහජන දේපල මෙවැනි දෙයට භාවිතා කිරීමේ ඊළඟ පියවර වන්නේ රජයේ බදු බර වැඩිවී බඩු මිල ඉහළ යාම බවද ඔවුහූ පෙන්වා දුන්හ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අලුත් දෙයක් නොවෙයි. හැමදාම උනේ මේක තමයි. මොකටද ඉතින් කලබල වෙන්නේ? ඉස්සර චන්දයක් තියෙන්නේ ලංකාව පුරාම එක දවසට. දැන් හැමදාම චන්ද. එතකොට මේ විදියට තමයි වැඩ සිද්ධ වෙන්නේ. අපි වෙනුවෙන් අපි. (දී)
අපෝ, මදි මදි. (නි)
ආ. 200ක් නම් කමක් නැහැ. මම හිතුවේ ඊට වැඩිය වැඩි වෙයි කියලා. (නි)
ප්‍රයෝජනයක් නැති වැඩ මේවා. (නි)
"තොපි වෙනුවෙන් අපි" (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් මේ දුක (අ)
මගේ හිතට එන දේවල් මම ලියන්නේ නැහැ මොකද බලදාරිය ඔක්කොම කපනවා මගේ කොමන්ට් එක දාන එකකුත් නැහැ කොහොම උනත් මේවා ජාතික අපරාද බදු ගෙවන්නේ අපි (දී)
කෝ මේ කියන භූතයා මට පේන්නේ නැහැනේ . පල්ලෙහා ෆොටෝ එකේ ඉන්න කෙනාද? (නි)
හැම ආණ්ඩුවේම ප්‍රතිපත්තිය මෙහෙමයි. (ත)
අනේ මන්දා, මේවා අහලා දැන් අපට මේ රටේ ඉන්නත් එපාවෙලා තියෙන්නේ. (නි)
කොයි ආණ්ඩුවත් බලයේ ඉන්නකොට කරන්නේ මෙහෙමයි. අපි නිකන් මේවට කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ. (නි)
දේවාලේ කපුවාගේ පුතා දේවාලේ ඉස්සරහ පැහැරුවට ගද නැහැ කියනවනේ (දී)