රුපියල් කෝටි දෙසීයක වියදමකින් කිලිනොච්චි නගරයේ ජාත්‍යන්තර දෙමළ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ යෝජනාවක් පසුගිය සෙනසුරාදා ඉන්දියාවේ පොන්ඩිචෙරි නුවරදී පැවැත්වුන ද්‍රවිඩ සංස්කෘතිය සුරැකීමේ ජාත්‍යන්තර සම්මේලනයේදී සම්මත වූ බව "හින්දු"පුවත්පත වාර්තා කරයි.
කැනඩාවේ දෙමළ සංස්කෘතිය සුරැකීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ" ඉන්දියා ශාඛාව විසින් සංවිධානය කැරුණු මෙම දෙදින සම්මේලනයට ඉන්දියාවේ තමිල්නාඩු, කර්ණාටක, පොන්ඩිචෙරි යන ප්‍රාන්තවලින් ද ශ්‍රී ලංකාව, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ දකුණු අප්‍රිකාව යන විදෙස් රටවලින්ද නියෝජිතයෝ 150 ක් සහභාගිවී වූහ.
ලෝකයේ විවිධ රටවල ජීවත්වන දෙමළ ජනතාව අතර ඔවුනගේ සංස්කෘතික හා භාෂා උරුමය රඳවා ගැනීමේ ක්‍රම හා විධි පිළිබඳව මෙහිදී සාකච්චා කර ඇත. විශේෂයෙන් තම මව් භාෂාව භාවිතා කිරීමේ අඩු අවශ්‍යතාවයක් ඇති විදේශයන්හි ජීවත්වන තරුණ පරම්පරාව වෙත මෙම පණිවිඩය ගෙනයාමේ වැදගත්කමද මෙහිදී කතා බහට ලක්වී ඇත.
ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවන් ඉගෙන ගන්නා ද්‍රවිඩ දරුවන් හට ලෝකයේ පෞරාණික ශාස්ත්‍රීය භාෂාවක් ලෙස පිළිගත් දෙමල භාෂාව මෙන්ම සංස්කෘතියෙහි ඇති සාරවත්භාවය වටහාදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව සම්මේලනය සඳහා පැමිණ සිටි කීර්තිමත් විද්වත්හු, ලේඛකයන් ඇතුළු පඬිවරු අදහස් ඉදිරිපත් කළහ.
විදෙස් රටවල දෙමළ ජාතිකයින් හට භාෂාව ඉගැන්වීමේදී පිළිපැදිය යුතු පාඩම් ක්‍රම හා විෂය මාලාවන් පිළිබඳවද මෙහිදී සාකච්චා කර ඇත.
මෙම වැඩපිළිවෙළෙහි ආරම්භයක් වශයෙන් ද්‍රවිඩ සංස්කෘතිය සුරැකීමේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ මුලිකත්වයෙන් 2017 වසරේදී කිලිනොච්චි නඟරයේ ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කළ යෝජනාව සම්මතවී ඇති අතර එම සංවිධානයේ කැනේඩියානු නියෝජිත නාඩා රාජ්කුමාර් එම මධ්‍යස්ථානය " එක්සත් ජාතීන්ගේ සංවිධානය" වැනි පුළුල් විධිමත් ආයතනයක් ලෙස ස්ථාපිත කෙරෙන" බවත් එහිදී ක්‍රියාත්මක කෙරෙන්නේ "හුදෙක් දෙමළ භාෂාව සහ සංස්කෘතිය සුරැකීමේ වැඩකටයුතු පමණක්" බවත්, " දේශපාලනයට සම්බන්ධ වැඩකටයුතු කිසිවක් එම මධ්‍යස්ථානයට සම්බන්ධව සිදු නොකරන" බවත් පවසා ඇත.
ලෝකයේ දෙමළ භාෂාව කතාකරන පිරිස් ජීවත්වන රටවල් 160 නියෝජිතයින් එම මධ්‍යස්ථානය සඳහා පත්කෙරෙන බවත් ඔහු කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැනෙන නායකයෝ පත්වෙච්ච නිසා අකමැති වුණත් බලෙන් හරි හදාවි . ලංකාවට අඩුවකට තියෙනේ ඕක විතරයි (බ).
බොහොම හොඳයි. ඒත් මේක හදන්න ඕනෑ තමිල්නාඩුවෙනේ? මොකද ලංකාවේ හදන්නේ? (නි)
අනේ මන්දා මේවා නම්... (නි)
සීයට දොළහක් දෙමළ ජාතිය ඉන්න ලංකාවට මොකටද ලෝක දෙමළ මධ්‍යස්ථානයක්? අපි ගිහින් ඉන්දියාවේ ලෝක සිංහල මධ්‍යස්ථාන හදනවාද? (නි)
ඕවා තමිල්නාඩුවේ හදාගන්නකෝ. 100% දෙමළ අය ඉන්නේ එහෙනේ. මම තරයේ විරුද්ධයි මේවට. මේවාට ඉඩදීලා ඡන්ද ඉල්ලාගෙන එන්න එපා. ඔන්න කලින්ම කියන්නේ (නි)
කොළඹ ඉන්න දෙමළ මුදලාලිලාගෙන් බඩුගන්නේ ඉන්දියාවෙන් එන අයද? (නි)
මොනවද මේ? මට නම් දැන් මේ යහපාලනය තිත්ත වෙලා... (නි)
මේක නම් එච්චර යහපත් දෙයක් නෙමෙයි (නි)
එතකොට දෙමළ ප්‍රශ්න විසඳෙනවද? අනික ඉන්දියාවද දැන් ශ්‍රී ලංකාව ගැන තීරණ ගන්නේ? (නි)
ලෝක දෙමල මද්යස්තානය පිහිටවිය යුත්තේ ලංකාවේද? නැතිනම් තමිල්නාඩුවේද?සොලී රට කියන්නේ තමිල්නාඩුව මිසක් ලංකාව නොවේ.නමුත් බල පෙරේත දේශපාලනය මෙයට ඉඩ දේවි. වලකැපෙන්නේ සිංහලයාට (බ)
අපි සිංහල භාෂාව සහ සංස්කෘතිය වෙනුවෙන් පෙළගැසී කටයුතු කරමු (නි)
මෙය පිහිටවිය යුත්තේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවේ නොවේද? (නි)
මේක හදන්න ඕනෑ තමිල්නාඩුවේනේ! ලංකාවේ මොකටද මේවා හදන්නේ? (නි)
ඕක හදන්න කියන්න ගිහින් තමිල්නාඩුවේ. (නි)
එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්. තව ඉස්සරහා බලාගත්තැකි. නරි නාටක (බ)
සිංහලයන්ට මෙහෙම එකක් තියනවද දන්නේ නැ... දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද. (බ)
මේක ඉන්දියාවේ, කැනඩාවේ සල්ලි වලින්ම හැදුවා නම් හොඳයි (නි)
බොහොම හොඳයි (නි)
ලංකාවට මෙහෙම මධ්‍යස්ථානයක් ලැබීම හොඳයි (නි)
මිනිසුන්ගේ මුලික අවශ්‍යතා ගැන අවධානය යොමුකරලා, ඊටපස්සේ මේ දේවල් ගැන හිතුවොත් නරකද? (නි)
මේවා අනවශ්‍ය ප්‍රශ්න. ලෝක දෙමළ මධ්‍යස්ථානයක් ඕනෑ නම්, තමිල්නාඩුවේ ඒවා කරන්න බැරිද? මැලේසියා, සිංගප්පුරු, කැනඩාව වැනි රටවල විශාල දෙමළ ජනගහණයක් ඉන්නවා. නමුත් මෙවැනි දේ ඒ රටවල කෙරෙන්නේ නැහැ (නි)
මේක හදන්න ඕනෑ තමිල්නාඩුවෙනේ. මොකද ලංකාවේ හදන්නේ? මිනිසුනේ, තේරුම් ගන්න. කොහෙද මේ යන්නේ? (නි)