නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ආරක්ෂක මණ්ඩලයේ දී උතුරට හා නැගෙනහිරට ප්‍රවාහනය කිරීම තහනම් කැර තිබූ භාණ්ඩ කිහිපයක තහනම ඉවත් කිරීමට කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය පවසයි. ඉදිරියේ දී නැගෙනහිරට යුද උපකරණ හා පුපුරණ ද්‍රව්‍ය ගෙනයාම තහනම්කැර ඇති අතර උතුරට එම ද්‍රව්‍යවලට අමතරව දුරදක්න හා යුද හමුදා ඇදුම්වලට සමාන ඇඳුම් හා රෙදි ගෙන යාම ද තහනම් කැර ඇතැයි මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
මෙරටට පැමිණෙන විදේශිකයන්ට ඇතැම් ප්‍රදේශවලට යාමට පනවා තිබූ තහනම ද ඉවත්කැර ඔවුන්ට රටේ ඕනෑම ප්‍රදේශයක සංචාරය කිරීමට අවස්ථාව සළසා දීමට ද ආරක්ෂක මණ්ඩලය එකඟවූයේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පුතා යුධ හමුදා නිලධාරියෙක්. ඔහු ක්‍රියාන්විත රාජකාරියේ නිරත වූවෙක්. ඒ කාලයේ අපට රෑට නින්ද ගියේ නෑ. 2009 ට පෙර උතුරු නැගෙනහිර පළාත්වල සේවය කළ සියළුම හමුදා සොල්දාදුවන්ගේ මව්පියන්ගේ, බිරින්දෑ වරුන්ගේ සහ දරුවන්ගේ ඇස්වලට නින්ද ආවේ නෑ. ඒත් අපි 2009 මැයි 18 වෙනිදායින් පසුව හොඳින් නිදා ගත්තා. ආයෙත් එහෙම කාලයක් එන්න එපා. ඒ වගේම දමිල ජනතාවට නිදහස තිබිය යුතුයි. උතුරට පනවා ඇති සමහර තහංචි ඉවත් කළ හැකි වූවත් ඒවා කළ යුත්තේ ඉතා පරිස්සමින්. ඡන්ද වෙනුවෙන් රට අනතුරේ හෙලන්න එපා. උතුරට ගෙන යා හැකි භාණ්ඩ පිළිබඳ නිවැරදි තීරණ ගත යුත්තේ දේශපාලකයින් නොව බුද්ධි තොරතුරු මත ඒ ඒ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ගේ සම්පූර්ණ එකඟ තාවයෙන්. (නදී)
"ආරැමුගම් ", ඔයාල කලින් සැරෙත් වරද්ද ගත්තා. මේ පාර නම් අපේ අලුත් ජනාදිපති තුමයි, රනිල් මහත්තයි, චන්ද්‍රිකා නෝනයි තුන් දෙනාම එකතුවෙලා තමා වැඩේ දෙන්නේ (නදී)
නව ජනාධිපතිතුමා ගෙන ඇති තීරණය සතුටට කරුණකි.එය රටේ ඉදිරි අනාගතයට, ඉදිරි දියුණුවට, රටේ ආරක්ෂාවට ඉතා සුබදායක වේ. (නි)
උතුරු ආරක්ෂාව අඩුකළොත් වෙන දේ දැන්නම් හිතාගන්න පුළුවන් (නි)
යහපාලනය ගැනද අපේ අදහස් දක්වන්නන් යමක් ප්‍රකාශ කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටිමි. (නි)
මොන රජය ආවත් ජාතික ආරක්ෂාව රටේ යහපැවැත්ම රැකගැනීමට අවශ්‍යයි. (නි)
මේවා සුබදායකයි කියලා රටට ආදරය කරන මිනිසෙකුට කියන්න පුලුවන්ද? (නි)
උතුරට තහනම් කියලා අනෙක් තැන් වලට පුළුවන් කියලා කියන්නේ නැහැ නේද? (නි)
"ආරුමුගම්" මහත්තයෝ, නැගිටින්න, එලිවෙලා (නදී)
මීටපස්සේ උතුරට සහ නැගෙනහිරට යනවා නම් හමුදාවෙන් වුණත් යන්න ඕනෑ සිවිල් ඇඳුමින්ද? මහත්තයෝ, පරිස්සමින්. (නි)
මෙච්චරද ඉල්ලුවේ? යහපාලනය හොඳයි. ඒ වුණත් රටේ ආරක්ෂාව වැදගත්. දහස් ගානක් පුනරුත්ථාපනය කළ කොටි උතුරේ සමාජගතවෙලා ඉන්නවා. මේ අය හොඳින් යුධ පුහුණුව ලැබූ අය. (නි)
දැන් ඉතින් ඉල්ලීම් දෙන්න වෙනවා. ඔහොම යමු. දැන් කොටිත් ඉතින් හරි හොඳයි. ඉස්සර වගේ නෙමෙයි. (නි)
උතුරේ බලය ලියලම දෙන්න මොකටද තව දින සීයක්. උතුරෙන් ඡන්දෙ ඉල්ලා ගත්තේ ඕක කරන්නනේ. අනේ අපේ මැරුණු කොල්ලෝ සහ අනාත උණු පවුල් (නදී)
ඡන්දෙ ගන්න මහින්ද මහත්තය මවල පෙන්නපු බිල්ලා කොහොමද? ආයෙමත් ප්‍රභා ගැන යුද්ධය, යුධ අපරාධ ගැන කතා ඕනේ නැහැ. රට සුද්ධ කරගෙන ඉදිරියට යමු. අල්ලස් කොමිසම වහාම ක්‍රියාත්මක කරන්න. (නදී)
මම කියන්නේ නම් මේක වැරදි තීරණයක් මේ වෙලාවම ගනිපු මොකද දෙමළ මිනිස්සු තවමත් මාන බලන් ඉන්නේ අපේ භුමිය දිහා ටිකක් තව හිතන්න ඕන මගේ තීරණය නම් (අ)
දැන් මුස්‌ලිම් කොංග්‍රසය කියනවා නැගෙනහිර පළාතේ පාලනය දෙමළ ජාතික සන්ධානයට භාර දෙනවා' කියලා. අපි කල් තියා පෙන්වා දුන්නා රාවුෆ් හකීම් මහතාගේ උවමනාව. ඔවුන්ට අවශ්‍ය වුණේ දකුණේ සිංහල - මුස්‌ලිම් ගැටුම් අවුලවලා නැගෙනහිර මුස්‌ලිම් ජනතාවගේ සහාය ඇතිව උතුරු - නැගෙනහිර පළාත් දෙක ඒකාබද්ධ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය සමග සහවාසයකට යාම. අපි මේ දේවල් බොහෝ කලින් කීවේ. ඒ කියපු දේශපාලන අනාවැකි අද සැබෑ වෙමින් තිබෙනවා. මේ ගැන දැන් මොකද කියන්නේ? කියන්න දෙයක් නැහැ අනාගතයේදී අත් විදිනවා ඇරෙන්න (නදී)
මොනදේ කරත් වැරදි දකින සමාජයකට මොනවා කරන්නද ? එතුමා මොනා කළත් වැරදියට හිතන පුද්ගලයන්ට මම නම් කියන්නේ පොඩ්ඩක් ඉවසල ඉන්න ඉස්සරහට රට දියුණුවෙන් දියුණුවට පත් වෙන හැටි බලන් ඉන්න (නදී)
සුප්රා හිතන් ඉන්නේ එහෙම තමයි ඔය සේරම මහින්ද ජනාධිපතිතුමාට ඉස්සෙල්ල දුන්න. වැඩකට නැති දීමනාවක්. දැන් දීගෙන යනවා ඉතුරු ටිකත් අපිව ඉවර කරලම දන්නා මේ පාර. 1. ආණ්ඩුකරතුමට දුන්න. 2. පිට රට ඉන්න ඩයස්පෝරාවේ ඉන්න උන්ට එන්න දුන්න. 3. දැන් බඩු කියල ඕනෙම දෙයක් ගෙනියයි. යහපලානේ කියල අනාගතේ පස් තමයි කන්න වෙන්නේ.(අ)
මොනවද තහනම ඉවත් කරපු භාණ්ඩ ? (නදී)
මේ සුප්රා තුන් දෙනා එකතුවෙලා ගහන හැටි බලාගන්න දවස් 100 ඉවරවෙලා. (අ)
බිම් මට්මට ගිහින් තීරණ ගැනීම වැදගත්. සිත් දිනා ගැනීම ඡන්දයට වඩා අමාරුයි (නදී)
අපිට දැනගන්න පුලුවන්ද තහනම ඉවත් කරපු අනිත් දේවල් මොනවද කියලා. (නදී)
මධුවන්ත නිකන් ගොනෙක් වෙන්නේ නැතුව දැන් කරන සංවර්ධනය බලන්න (නදී)
උතුරු නැගෙනහිර තවත් යුද්ධයක් ඇතිවෙන එකත් සාමයෙන් ජීවත් වෙන එකත් රදා පවතින්නේ සිංහල ජනතාව අතේ. තවත් යුද්ධයක් ඇති වුවහොත් එය පොඩි න්‍යස්ටික යුද්ධයක්ම වේවි. සිංහල ජනතාවගේ මහා විනාසයක් වේවි. (අ)
මේවා එකපාරටම කරන්න ඕනා වැඩද ?. අපි මෛත්‍රී කලාට සැබෑ ත්‍රස්තවාදීන්ගේ සුවබාවය ලෙහෙසියෙන් වෙනස් වෙන්නේ නෑ.(අ)
මොනවද තහනම ඉවත්කළ භාණ්ඩ? විදේශිකයින්ට පනවා තිබු තහනම ඉවත් කරන්නත් පෙර කොටි හිතවතුන් දෙන්නෙක් එහෙ ගිහිල්ල කියලයි ආරංචි. (අ)
මට මේක තේරෙන්නේ නැහැ..කරුණාකරලා කියන්න..උතුරට දැන් යුධ උපකරණ හා පුපුරන ද්‍රව්‍ය ගෙන යන්න පුලුවන්ද බැරිද? (අ)
කව්රු හරි පැහැදිලි කරන්න මෙහි සඳහන් භාන්ඩ අපේ හමුදාවේ අයටත් ගෙනියන්න බැරිද කියලා. (නදී)
ඔහොම යමු ඔහොම යමු. අනිවාර්යයෙන්ම කොටි උතුරට ගහනවා. එතකොට මිනිස්සුන්ට මහින්ද මහත්තයව මතක් වෙයි. (නදී)
නව රජය පත් කරලා තවම දවස් අටයි. දවස් තුනෙන් ආණ්ඩුකාරයා වෙනස් කෙරුවා. මේ තරම් තකහනියේ මොකද උතුර හා නැගෙනහිර ගැන මෙච්චර උනන්දුවක්.?දින සීයෙන් වැඩ ගොඩක් කරන්න තියෙන නිසාද?(දිල්)
ඔහොම යමු ,ඔහොම යමු.සබැ වෙනස දැකගන්න පුළුවන් ඉක්මනටම.(අ)
විධායක බලතල නැතිකිරීම තමාගේ ප්‍රධාන තේමා පාටය කරගත් මොවුන් දැන් ප්‍රධාන කාර්ය බවට කරගෙන තිබෙන්නේ ටී.එන්.ඒ එකට උණු පොරොන්දු ඉටුකිරීමක් නොවේද? නැතිනම් මේ තරම් මේවා කරන්න තිබෙන හදිස්සිය මොකක්ද ? (නදී)
දැනටම ඩයස්පෝරාවේ හතර දෙනෙක් උතුරට ඇවිල්ලා කියා ආරංචියි. එහෙනම් යුද්ධ කරපු රණවිරුවන්ට දෙයියන්ගේම පිහිට තමයි. (නදී)
හොඳ චිත්‍රපට හදයි දැන්. හොඳ උපදෙස් දෙන්ට පුළුවන් දැන් කොටින්ට ලෑස්ති වෙන්න (නදී)
ඒ කියන්නේ තව ටික දවසකින් හමුදාවත් ඉවර කරයි. ඔහොම යමුකෝ මෛත්‍රී වේවා (බ)