පසුගිය ජනවාරි මස 8 වැනිදා මෛත්‍රිපාල සිරිසේන මහතා ලැබුණු ජනවරම ආරක්ෂා කීරිමට වත්මන් ආණ්ඩුව කටයුතු කිරිමට සුදානම් බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසුවේය.
මෙවර මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිර පළාත් වල බලය දෙමළ ජාතික සන්ධානය විසින් තහවුරු කර ගනිමින් ආසන 14 ක් ජයග්‍රහණයක් හිමි කර ගත්තේය.
දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්ෂයක් වන ඊ පි ආර් එල් එෆ් පක්ෂයේ නායක හා එම සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මහ මැතිවරණයෙන් පරාජය වී ඇත.
දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ප්‍රේමදන්ද්‍රන් මහතාට ජාතික ලැයිස්තුවෙන් ද අවස්ථාවක් නොලැබෙනු ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා මේ ගහ මරා ගැනිලි පැත්තකින් තියලා පොදුවේ රට ගැන හිතල මින් ඉදිරියටවත් වැඩ කරන්න බලන්න.(ම)