ඔස්ටේ‍්‍රලියාවේ නිළධාරීන් අවධියෙන් සරණාගතයන් ලෙස ඔස්ටේ‍්‍රලියාවට පැමිණ සිටින ශ‍්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් කටයුතු කරන සමහර ඔස්ටේ‍්‍රලියා නිලදරයන් සරණාගතයන්ට කන්දීමෙන් අනතුරුව පවසා ඇත්තේ ශ‍්‍රී ලංකාවේ දැන් යුදමය තත්ත්වයක් නොමැති බවයි. ඔවුනට එරට පාඩුවේ ජීවත්විය හැකි බව ඔවුහු අවධාරණය කරති යුද්ධය හා ජනවාර්ගික ගැටලු දඩමීමා කරගනිමින් ඔස්ටේ‍්‍රලියාවේ ජීවත්වෙන්නට කැසකවන සරණාගතයන්ගේ මුසා බස්වලට ඔස්ටේ‍්‍රලියා නිලදරයන් පිළිතුරු දීමට සැදී පැහැදී සිටින බව දැන ගැනීමට ඇත. මේ අනුව උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සිට පැමිණියේයැයි ඔස්ටේ‍්‍රලියා නිලදරයන් මුලා කිරීමට වෙර දරන සමහර ශ‍්‍රී ලාංකිකයෝ ශ‍්‍රී ලංකා රජය අපකීර්තියට පත්කිරීමට උත්සහ කරති. සුදු වෑන් වලින් ගොස් පැහැර ගැනිම් අතුරුදන්වීම් හා මාධ්‍ය වේදීන් ඇතුළු අයට සිදුවන විවිධ සැහැසි ක‍්‍රියා දඩමීමා කරගනිමින් ශ්‍රි ලංකාවට එරෙහිව ගතු කීම නිසා ඔස්ට්‍රේලියා නිලදරයෝ ද වික්ෂිප්ත වි සිටිති. මේ වනවිට දේශපාලන මැරකම් හා පාතාල කටයුතුවල සම්බන්ධ දකුණේ ඇතැම් පුද්ගලයන්ද සරණාගතයින් ලෙස පෙනීසිටිමින් රැකවරණය පතන බව හෙළිවි ඇත. ඔස්ටේ‍්‍රලියාවේ ජීවත්වෙන ඇතැම් ශ‍්‍රී ලාංකිකයන් ප‍්‍රචාරය කරනුයේ සිංහලයන් වන මොවුනට ඔස්ටේ‍්‍රලියාවේ සැළකිල්ලක් නොමැති බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙම අන්දපු අපට ඔස්ට්‍රලියව කජ්ජක්ද (දී)
ඕස්ට්‍රේලියාව කැමති නැහැ අහක යන ප්‍රශ්න භාර ගන්න. (නි)
--ඔස්ටේ‍්‍රලියාවේ ජීවත්වෙන ඇතැම් ශ‍්‍රී ලාංකිකයන් ප‍්‍රචාරය කරනුයේ සිංහලයන් වන මොවුනට ඔස්ටේ‍්‍රලියාවේ සැළකිල්ලක් නොමැති බවයි.-- මාර කතාවක්නේ මේක ......(ස.වි)
යන අය අල්ලල ආයේ එවනවනම් කවුරුවත් යන්නේ නෑනේ.....(ස.වි)
මේක අද ඊයේ සිදුවන දෙයක් නොවෙ කාලයක් තිස්සෙ සිදුවන දෙයක් එංගලන්තය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, කැනඩාව , වගේ හැම රටකටම ගිය දමිළයන් කලේ ඔය ටිකමයි ඒ මදිවට් අපේ සිංහලයනුත් කරන්නේ ඒ ටිකම තමයි. බොරු කතා කියා අනාථයන් ලෙස පෙනිලා ඒ රටේ නවතිනවා. මෙහෙ කිසිම කරදර නැති කි දෙනෙක් අද රට ජාතිය පවා දීල ඔය රටවල නැවතිලා ඉන්නවද ඒ වගේම මරණ බයේ ඉන්න බෑ කියපු රටට අපසු එනව පස්සෙ.(ස.වි)
නාවික හමුදාවට පුලුවන් වෙයිද මේවා නවත්වන්න හැමදාම? (නි)
මම දිනකට පැය 12 ක් 13ක් මහන්සි වී වැඩකරන සිංහල අයෙක්මි. මෙහේ සුද්දන් අසන සමහර කාරණා සම්බන්ධයෙන් නිවැරදි උත්තර සැපයීමේදී සිංහලයන් වන අප ද ඉතා අපහසු තත්ත්වයනට නිරතුරුව පත්වන බව බොහෝ දෙනෙක් නොදනී. -සිංහළ දේශපාලන බලවතුන්ම එකිනෙකා කුළල් කා ගන්නා වාතාවරනයක දමිළ කතා කරන ජනතාවගේ ප්‍රශ්න සහ අනාගතය. - රට ප්‍රපාතයට ඇද වැටෙමින් තිබියදීත් විදේශවලින් ලබා ගන්නා ණයවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සංවර්ධන වැඩ මුවාවෙන් කොමිස් වශයෙන් යටිමඩි ගැසීම. -පාර්ලිමේන්තුවකින් විය යුතු රටේ මුදල් පාලනය තනි පුද්ගලයන් අතට පත්කර ගෙන තිබීමෙන් අය වැය පරතරය රටට දැරිය නොහැකි ව්‍යාකූල තත්ත්වයකට ඇද දැමීම. -යුද්ධයෙන් පසු රටට සහ අනාත වූ දමිළ ජනතාව වෙනුවෙන් සිදුවිය යුතු මෙහෙවර පසෙක තබා රාජ්‍ය නායකයින් පවුල් පිටින් අධික ලෙස මහජන මුදල් නාස්තිකරමින් රට සවාරි ගැසීම. ඉහත දැක්වූයේ කතා කරන කාරණා කීපයක් පමණි. දමිළ කතා කරන ජනතාවට කෙසේ වෙතත් සිංහළ කතා කරන වැඩිතරයටවත් අපේ රටේ සාධාරණයක් ඉටු වී තිබුනේ නම් මා වැන්නවුන් හට මෙසේ සුද්දනට කැඹිරීමට සිදු නොවනු ඇත. (නි)