සමුහ දුෂණයට ලක් කැර ඝාතනය කරන ලද පුන්කුඩුතිව් විද්‍යාලයයේ සිසුවියක වු සිවලෝගනාදන් විද්‍යා සමුහ දුෂණයට ලක් කැර ඝාතනය කිරිමට විරෝධය පළකරමින් ලංකා ගුරුසේවා සංගමය අද (28) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දි උද්ඝෝෂණයක් පැවැත්විය.
හතළිස් ලක්ෂයක් වු ජාතියේ පාසල් දු දරුවන්ගේ සුරක්ෂිතභාවය උදෙසා පාලකයින් බලධාරින් මෙන්ම පුරවැසියන් ද අවධානයෙන් පසුවිය යුතු යැයි එම සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ, දකුණේ පන්ති කාමර ඇතුළෙත් ළමයි දුෂණය වෙනවා. විදුහල්පති ලිංගික අල්ලස් ගන්නවා. අර මන්ත්‍රී කෙනෙක් දුෂණය කළ ළමයාට හරියට පාසලක් හොයාගන්නවත් බැහැ. කෝ ඒවාට විරුද්ධව උද්ඝෝෂණ? (නි)
නිහාල්, ඔබ හරි.සිදුවුණේ මහා අපරාධයක්. නමුත් ඔබ කිවුවා වගේ රටේ මින් පෙර සිදුවුණ දරුණු මිනීමැරුම් වලට නිශ්ශබ්දව සිටිය උදවිය නීතියත් නිසි අයුරින් ක්‍රියාත්මක වන අවස්ථාවක මෙම සිදුවීමේදී මේතරම් දඟලන්නේ ප්‍රසිද්ධ වෙන්නද කියලත් සිතෙනවා. අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න බැරි වුණා නම් මෙවැනි දේවල් කිිරීම සාධාරණයි.ප්‍රායෝගිකව පාලකයන්ට ළමයින්ව පරිස්සම් කරන්න කියනවට වඩා දෙමාපියන් එම වගකීම ඉටුකරනවා නම් තමා වඩා වටින්නේ (නි)
මෙම අපරාධය කරපු අය එය විඩිඕ කරලාලු. ඒ වගෙ වීඩිඕ වලට ලොකු ඉල්ලුමක් තියෙනවා.මුන්ව නම් තියන්න වටින්නා අපරාධ කලා මදිට විකුණන්නත් හඳලා (ම)
කුමන ප්‍රදේශයක හෝ සිදුවූ අමන වැඩකට විරෝධය දැක්වීම යහපත්.නමුත් මෙවැනි හෝ මේ හා සමාන දේ වෙනත් ප්‍රදේශවලද සිදු වුවත්, ඒවාට මෙවැනි විරෝදය සිදුවුයේ නැහැ. එදා ගුරු දෙවිවරුන් වූ, අද දරුවාට ගුණධර්ම දියුණු කිරීමට වඩා දරුවාව සහතිකයක් ගැනීම සඳහාම යොමු කරවන වර්තමාන ගුරු පරපුර (ම)
දකුණේ සිදුවීම් ගැන විරෝධතා කලාට එන්ජීඕ වලින් සල්ලි එන්නේ නෑනේ. (ස)
දකුණේ මීට වඩා දරුණු අපරාධ කොතරම් සිදු වුනාද.ඔය කෑගහන එකෙක් කතා කළාද ඒගැන.දැන් බොරු දේශපාලන වාසි ගන්න බැනර් උස්සගෙන කෑගනවා.අපරාධ නම් කුමන අපරාධෙත් අමානුශිකයි. එ් නිසා එක දෙයකදී විතරක් බොරුවට පාරට බහින්නේ නැතුව සමස්ථ අපරාද රැල්ලටම විරුද්ධ වෙන්න. (බ)
මෙයාල දැන්ද මේ සිද්ධිය දැන ගැන තියෙන්නේ හැබැට?(හේ)
මේ වගේ අය ඉන්න රටක නීතිය ගැන මොන කතාද. උන්ට රිදෙන්නේ නැහැ අම්මව දුෂණය කළත්. (බ)
මේ විරෝධතා උද්ඝෝෂන අර කෑගල්ලේ අවුරුදු 7 ක දරුවා දුෂණය කරලා මරපු,කොටකෙතන දුෂණ ඝාතන.හෝකන්දර 7දෙනෙක් ඝාතන,මීරිගම විල්වත්තේ දුෂණය කර මරපු තරුණිය මේ විදියට නොතිබීම කණගාටුවක් (බ)
ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ කාම අපචාරවලත් එරෙහිව වීදි බසින්න...... උතුරේ සිදුවීම පළමු හෝ අවසාන සිදුවීමද ? (ම)