අවසන් යුද සමයේදී ආරකෂක හමුදාව වෙත භාර වී පුනරුත්ථාපනය ලැබූ කොටි සාමාජිකයන්ට විෂ එන්නත් ශරීරගත වී ඇත්දැයි යන්න සොයා ගැනීම සදහා ඔවුන් ජාත්‍යන්තර වෛද්‍ය පරීකෂණයකට ලක්කළ යුතු බවට බලකරමින් උතුරු පළාත් සභාව විසින් ගෙන ආ යෝජනාවක් බහුතර ඡන්දයෙන් අද (09) සමිමත විය.
උතුරු මහ ඇමති සීවී විග්නේෂ්වරන් හා පළාත් සභාවේ දෙමළ සන්ධාන මන්ත්‍රී රවීකරන් මෙම යෝජනාව ඉදිරිපත් කළහ.
හිටපු කොටි සාමාජිකයින් බහුතරයක් හදුනානොගත් රෝගවලින් පීඩා විදීමත් තවත් කොටි සාමාජිකයින් 107 දෙනෙකු හදුනානොගත් රෝග හේතුවෙන් මියයාමත් විෂ එන්නත් ශරීරගත කිරීමෙන් සිදුව ඇතැයි නැගෙන චෝදනාව මත මෙම යෝජනාව සකස්කරගෙන ඇත
එමෙන්ම මෙම වෛද්‍ය පරීකෂණය සිදුකරන වෛද්‍ය කණ්ඩායම තාරාගැනීම, මෙම පරීකෂණය විදේශ රටකදී සිදුකිරීම මේ සදහා රජය එකගතාව පළකල යුතු බව හා මෙම කොටි සාමාජිකයින් සමිබන්ධයෙන් වන වාර්තා ලබාදීමට රජය පියවර ගැනීම න ඉල්ලීමිද මෙහි ඇතුළත්ව ඇත
මෙම යෝජනාව සදහා වන ඡන්ද විමසුමෙිදී පළාත් සභා සැසිවාරය සදහා සහභාගී නොවූ මන්තී්‍රන් තිදෙනා හැර සෙසු මන්තී්‍රන් සියළුදෙනාම පකෂය ඡන්දය ලබා දී තිබුණි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති නේද ඉල්ලන් කන හැටි? කටක් ඇරලා නොබියව කතාකරන්න යහපාලනයේ කිසිකෙනෙක් නැද්ද? ගෝඨාගේ පාලනේ කාටවත් ඕනෑ විදියට නටන්න දුන්නේ නැහැ. ආණ්ඩුව පෙරළන්න ඕනෑවුණෙත් එ් නිසා බව අපි දන්නවා. සහජීවනය රෙද්ද පල්ලෙන් බේරෙනවා දැන්. (නි)
ඔබට සතුටුද දැන්? (බ)
මුන්ට ලෙඩ හැදෙන්නේ කොටි සංවිධානයේ ඉන්නකොට කරපු පවා පල දිල නැතුව අපේ වීර රණවිරුවන් කවදාවත් බලු වැඩ කරන්නේ නැහැ උතුරේ මහා ඇමතිට මොලේ කොලොප්පන් වෙලා ආණ්ඩුව ඉන්මනින් මොනවහරි කරන්න වෙන්වා (බ)
තිස්ස අත්තනායක මහත්මයාව හිරේ දැම්මේ අපරාදේ කියලා හිතෙනවා දැන්නම් (නි)
ඉන්දියාවේ දී මේ ගැන මුලින්ම උද්ඝෝෂණයක් කළා , දැන් යාපනේ ඉන්න කොටි මහ ඇමති වැඩේ අවසන් කරන්න හදන්නේ. මේ ජාතිවාදී කොටියාගේ ඇමතිකම වහාම නවත්වන්න, නැතිනම් රට අායෙත් යුද්දයකට මුලපුරයි .යහපාලගේ පුංචි මොළේට මේවා තේරෙන්නේ නැහැ තාමත්. (බ)
බිහිසුණු යුද්ධයක කටුක අත්දැකීම් අපේ ආබාධිත රණවිරුවන් තුළින් මුළු ලොවටම කියාපාද්දී මේ කුරිරු කොටි ත්‍රස්තවාදය සාධාරණීකරණය කරන්න හදන්නේ ඇයි ඔක්කොම එකතුවෙලා. (නි)
මේ වරද පහුගිය ආණ්ඩුව මෙයාල පුනරුත්ථාපනය කළ එක කියාවි නේද (බ)
විස තිබුනොත් තිබෙන්නේ ඇඩෙලා බාලසිංහම් දීපු විස තමයි එයානේ කරේ සයනයිඩ් එල්ලුවේ (බ)
යහපලානේ ගැන අපිට ගොඩක්ම ගොඩක් තන්තෝසයි. ඡන්දෙ දීපු අපි වගේ බූරුවෝ ටිකක් (බ)
දැන් සතුටු ඇති නේද? හා හා, මොකුත් කියන්න එපා එතුමාට විරුද්ධව. එතුමා සංහිඳියාවෙන් මුසපත්වෙලා ඉන්න වෙලාවේ. තව ටිකයි, ඔහොම යමුකො. (නි)
මුණසිංහ, ඔබේ කතාවට මගේ ප්‍රණාමය! (නි)
තාම දන්නේ නැතුව ඇති අනේ.. මරු මරු ඔහොමම යං. ගිහිං ගිහිං අපිත් කොහාට හරි යං ඒ අයට මෙහේ ඉන්න දීලා. ඒකනේ අනේ සහජීවනේ කියන්නේ (බ)
මේක බාහු ගේ යෝජනාවක්. ඕකා වැලිකඩ දී කියකියා හිටියෙත් ඔයටික. මුන් නමට සිංහලයෝ ජාතිය කල්ලතෝනි. (බ)
ඇත්තටම උතුරේ දේශපාලකයෝ ගැන සතුටුයි .මොකද ඒ අය තමන්ගේ ජනතාව වෙනුවෙන් සාධාරණය සොයනවා එ්ත් මේ රටේ සිංහල ජනතාවගේ නියෝජනය කරන එක මිනේහෙක් කතා කරනවද ?මේ කතාවත් දේශපාලන වාසියක් ගනී ,බලේට තියන කෑදර සිංහල දේශපාලකයෝ රට විතරක් නොව සිය අඹුව වුනත් අමතකකර දමන පිරිසකි ,(බ)
දැන් පුනරුත්තාපනය වුන අය එළියට ගිහින් ගොඩක් කල් මෙයාලට විෂ සහිත දේ එලියට ගිය කාලෙදි ඇතුළු වෙන්නත් පුළුවන් සිංහල අය සමග නැවත ප්‍රශ්නයක් දාගන්න වෙනත් අය විසින් ඇතුලු කරන්නත් පුල්වන් ඒ නිසා එහෙම වුනත් ඒක පවත්නා හෝ පැවති රජයට බාර ගන්න බෑ (බ)
බලාගෙන ගියාම මේ අය දඟලන්නේ සිංහල ජනතාවත් යුද්ධයකට තල්ලු කරවන්නනේ. මේ යුධ ගිනි අවුළුවන විෂබීජ සමාජයෙන් තුරන් කිරීමට කටයුතු කිරීම රජය සතු යුතුකමක් හා වගකීමක්. එසේ නොකරන, නමට සිංහල බෞද්ධ නායකයින්ට වෙන්නේ උඩ බලාගෙන ඉන්න තමයි (නි)
වෙනසක් නැහැ. දකුණේ කට්ටිය උද්ඝෝෂණ, පෙළපාලි, පාගමන්, සංදර්ශන පවත්වලා ජනතාව අතර ප්‍රසිද්ධ වෙන්න දඟලනවා. උතුරේ කට්ටිය මේ වගේ දේවල් කරලා ගැළවෙන්න උත්සාහ කරනවා. (නි)
කමල්ගේ කතාව හරියට හරි. අඩුගානේ එයාලා ඔවුන්ගේ ජනතාව ගැන හරි බලනවා. (නි)
මේ පළාත් සභාව ක්‍රමය ව්‍යවස්ථාවෙන් අයින් කළේ නැත්නං, ආයිත් රටතුල අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිවෙනවා. (බ)