(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතට වැඩබලන ප්‍රධාන ඇමැති වශයෙන් උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය කන්දයියා සර්වේස්වරන් මහතා අද (11) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා ඉදිරියේදී දිවුරුම් දෙනු ලැබීය.
කන්දයියා සර්වේස්වරන් මහතා උතුරු පළාතේ වැඩබලන මහඇමැතිවරයා වශයෙන් දිවුරුම් දෙනු ලැබුවේ ඊයේ (10) උතුරු පළාත් ප්‍රධාන ඇමැති වූ සී.වී.විග්නේශවරන් මහතා දින 14 කට ඉන්දියාවේ සංචාරයක නිරත වීම හේතුවෙනි.
වැඩබලන ප්‍රධාන අමාත්‍යවරයා දිවුරුම් දීමේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්. ඉලංකොවන්, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත අල්විස්, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් ජෙ.එම්.සෝමසිරි ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd