ලන්ඩනයේ මහමෙවුනා භාවනා මධ්‍යස්ථානයේ ආගමික වැඩ සටහන් සඳහා වන ඉල්ලූම අනුව උතුරු එංගලන්තයේ නීස්ඩන්හිද තවත් මධ්‍යස්ථානයක් අරඹා ඇත. බැසිල්ඩන් ප‍්‍රධාන මධ්‍යස්ථානයේ වැඩ සිටින භික්ෂුන් තුන් නමට වෙනත් නගරවල වැඩ සටහන් පැවැත්වීමටද සිදුවී තිබේ.
නීස්ඩන්හි ධර්ම දේශනා, ධර්ම සාකච්ඡ හා සත් බුදු වන්දනා වැඩ සටහන්වලට සහභාගිවූ වැඩි දෙනා තරුණ තරුණියෝය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උප්පැන්න සහතිකයට පමණක් බෞද්ධ වී සිටි අපි සැබෑම බුදු දහම ඉගෙන ගත්තේ මහමෙවුනාවෙන්. (නි)
සාදු සාදු සාදු ගෞතම සදහම් සංදේශය ලොව පුරා පතල වේවා ! නමෝ බුද්ධාය ...!!! (ස)
නසාර් මේව දැක්කම ඉරිසියාවේ පැලෙනව නේද? ජීවිතේ ඉතුරු කාලෙවත් ඔය ගිළිල ඉන්න අඳුරෙන් මිදෙන්න බලන්න.(ස)
අනේ නසාර්, ඔයයි මමයි දන්නා පන්සිල් පද? නිකම් නොදන්නා දේවල් ගැන කතා නොකර, තමන්ට තේරෙන එකක් කියවන්න. මේ අය පන්සිල් රැක්කත් කැඩුවත් ඔයාට මොකද? ඒක ඔයාලට අදාල දෙයක් නොවෙයිනේ. ඔයාට දැනගන්න ඕනෑමනම් මම කියන්නම්. පන්සිල් පද "රකින්න' ඕනෑ කරන්නේ ඒවා පහසුවෙන් කැඩෙන නිසාම තමයි. සිල් පද 100% පිහිටන්නේ සක්කාය දෘෂ්ටිය , සීලබ්බත පරාමාස ප්‍රහාණය කරපු සෝවාන් මාර්ග ඵලය ලබපු කෙනෙකුගේ විතරයි. එතනට එනකම් මහත් උත්සාහයෙන් කැඩී කැඩී යළි සකස් කරමින් අමාරුවෙන් තමයි රකින්න ඕනෑ. එය මනුෂ්‍ය හිතේ ස්වභාවය බව තේරුම් ගන්න. නමුත් එසේ කරන උත්සාහවන්තයා යලිත් අපායන්හි නොවැටෙන තත්වයකට පත්වෙනවා, හිත සකස් කරගැනීම තුළින්. මෙතනින් කිහිපදෙනෙක් හරි නිවැරදි මාර්ගයට යොමු වෙනවා. නැත්නම් මෙතනට එන්නේ නැහැනේ. සමාජ ශාලාවක කාලය ගතකරන්න යන්න තිබුණනේ. ඒ අයගේ උත්සාහයට අපි ගරුකරන්න ඕනෑ. (නි)
අසපු කරන ශාසන විනාශය තව ටික කාලෙකින් මිනිස්සුන්ට තේරේවි. හැබැයි එතකොට නම් සම්බුද්ධ ශාසනය භාගයක්ම විනාශ වෙලා තියේවි. (නි)
නසාර්, ඔයා මොකක්ද කියන්නේ? හොද නැහැ ඔය වැඩේ. බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් ශ්‍රේෂ්ඨයි. ජීවිතයට සහනය ගෙන එනවා. එය ඕනෑම ආගමක කෙනෙක් පිළිගන්නවා. මම නම් මේ වැඩේ ගැන මුස්ලිම් කෙනෙක් වශයෙන් සතුටු වෙනවා. හොද දේ හොද ලෙස දකින්න ඕනෑ. අපේ අය මේ දවස්වල නටන නාඩගම් දැක්කහම නම් මට දුකයි. (නි)
මනෝජ් , කියන්න බලන්න ඔය කරන විනාසය මොකක්ද කියලා, අපිට දැනගන්න. ඕකට කියන්නේ කුහකකම කියලා. ඉරිසියාව කිවුවත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ඉස්මතු කරමින් , සිල්වත් ගිහි පිරිසකුත්, ඉතා සිල්වත් ප්‍රතිපත්තිගරුක ආර්ය සඟ පිරිසකුත් බිහිකරමින් ලොව පුරා විහිදී යන පිරිසිදු සම්බුද්ධ ශාසනය ඔබට පෙනෙන්නේ විනාශයක් ලෙසටද ? මමත් පොඩි කාලේ සිටම නොයෙක් පන්සල් ආරාම, භාවනා මද්‍යස්ථාන කරා ගියත් මහමෙවුනාවෙන් බණ අසපු දවසේ තමයි සම්බුදුරජාණන් වහන්සේව ධර්මය තුළින් දැකගන්න පටන් ගත්තේ. ස්වාමින් වහන්සේලා කිහිපදෙනෙකුගෙන් වෙන වෙනම ධම්ම කාරණයක් විමසුවොත් පිළිතුර ලැබෙන්නේ එකම විදිහට, ඒ පිරිසිදු සම්බුද්ධ ධර්මයෙන්, තමන්ගේ පුද්ගලික මත එහි නැතිබව හොදට තේරෙනවා. පිරිසිදු සද්ධර්මය මතුකර ගුරුතන්හි තබමින් මේ කරගෙන යන සේවය තමයි ලෝකයේ මෑත ඉතිහාසයේ වෙච්ච ලොකුම බෞද්ධ පුනර්ජීවනය. මේ හැමෝගෙම මහා පිනකටයි මේ අසපුව ලැබුණේ. (නි)
සාධු සාධු සාධු! නමෝ බුද්ධාය! (නි)
මිනිසුනි තුන්වතාවක් හිතන්න මොකටද මේ සැරසෙන්නේ කියලා..!(නු)
මෙවැනි දේ දකින විට සතුටක් මෙන්ම දුකක්ද දැනේ. අපි බුදුපියාණන් වන්දනා කිරීමේදී දොහොත් මුදුන් දී වැදිය යුතුයි නේද? (නි)
මනෝජ් විතාරණ, ඔබ බුද්ධාගමේ නෙමෙයිද? නසාර් නම් බුද්ධාගම ගැන මොනම දෙයක්වත් දන්නේ නැහැ. (නි)
මුස්ලිම් ආගමට අදහස් වමාරන අය ඇයි මේවට අදහස් නොදාන්නේ? (නි)
නමෝ බුද්ධාය ! පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ දහඅට දහසකට ආසන්න වූ සූත්‍ර දේශනා එකින් එක සැදැහැවතුන්ට පහදා දුන්හ. පාලි භාෂාවෙන් තිබූ සූත්‍ර දේශනා ඒ අයුරින් ම සරල සිංහලයට පරිවර්තනය කළේ ය. දේශනයටත් ලේඛණයටත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ භාවිතා කළේ ඉතාම සරල සුගම භාෂා රටාවකි. පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මුල් ම භාවනා වැඩසටහනට සහභාගි වුයේ 20 කට ආසන්න පිරිසකි. එහෙත් මහමෙව්නාව භාවනා අසපුවේ බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය තේරෙන බසින් කියාදෙනවා යන පණිවිඩය සමාජය පුරා පැතිර යත් ම දසදහස් ගණනින් පිරිස මහමෙව්නාවට ඇදී එන්නට වූහ. කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සසරේ ඇති බියකරු බවත් චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමේ වටිනාකමත් බුද්ධ දේශනාව තුළින් සැහැවතුනට පැහැදිලි කර දුන්හ. පටිච්ච සමුප්පාදය පංච උපාදානස්කන්ධය ආයතන ධාතු වැනි බුද්ධ දේශනාවේ මූලික ගැඹුරු කාරණා ද සරල බසින් බුද්ධ දේශනාවට අනුකූලව ම කියා දුන්හ. ධම්ම පදයේ ගාථා කිහිපයකුත් ජාතක කථා කිහිපයකුත් පමණක් දැන සිටි බොහෝ අහිංසක බෞද්ධ ජනතාවට මහමෙව්නාව භාවනා අසපුවෙන් බුදු රජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනා සියල්ලම පාහේ ඉගෙන ගන්නට අවස්ථාව උදා විය. බුදු රජාණන් වහන්සේ ගේ උතුම් දහම අවබෝධ කිරීමට කැමැත්ත උපදවා ගත් දහස් ගණන් සැදැහැවත් ජනතාව මහමෙව්නාව භාවනා අසපුව වටා ඒකරාශී වීම නිසා මහමෙව්නාවේ අසපු ශාඛාවන් ක්‍රම ක්‍රමයෙන් දිවයින පුරා ත් විදේශයන් හීත් පැතිර යන්නට විය. දැනට මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කොට වසර 13 ක් වේ. මේ වන විට ශ්‍රී ලංකාව තුළ මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් 35 ක් ස්ථාපනය කර තිබේ. එමෙන්ම ඇමෙරිකාව, කැනඩාව එංගලන්තය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, වැනි බටහිර රටවල ද ඩුබායි ඉන්දියාව වැනි ආසියාතික රටවල් වල ද මහමෙව්නාව භාවනා අසපු ශාඛාවන් ආරම්භ කොට තිබේ. පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානය කේන්ද්‍රකර ගනිමින් පවත්වාගෙන යන මෙම භාවනා අසපුවල කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් පැවිදි උපසම්පදාව ලැබූ 600 කට ආසන්න තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් වැඩ වෙසෙති. ඊට අමතරව දස සිල් සමාදන්ව අනගාරිකා දිවි පෙවෙතක් ගත කරන කාන්තාවන් වෙනුවෙන් අනගාරිකා අසපු 08 ක් පමණ පිහිටුවා තිබේ. පරම පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කල මේ උතුම් මෙහෙවර සතුටු සිතින් අනුමෝදන් වීමට තරම් අප සත්පුර්ෂයන් වෙමු.මෙවැනි සීලවන්ත උතුම් භික්ෂුවක් මෙකල පහළ වීම බුදු සසුනේ පැවැත්මට මහත් වූ වාසනාවකි. ඔබට තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !(නු)
නසීබ්, ඔබට මාගේ ආචාරය! (නි)
සාධු සාධු සාධු! නමෝ බුද්ධාය! (ස)
මම මේ දැන ගන්නයි අහන්නේ. මෙහේ පිරිත් නූල් බදිනවාට ඉස්සර විරුද්ධයි නේද? (නි)
ආශ්‍රමය - පාළි අසපුව - සිංහල ආයුශ්මතුන් වැඩ සිටින ස්ථානය. (නි)
..සාදු සාදු සාදු (ස)
නසීබ්, ඔබගේ ප්‍රකාශයට අපගේ උත්තමාචාරය! උප්පැන්න සහතිකයට පමණක් නාමික වූ බෞද්ධයනි, අවසාන වතාවටත් ගෞතම ශාසනය බැබළීමට පටන් ගෙන ඇත. මේ අවස්ථාව ගිලිහුනොතින් ඔබගේ ජීවිත බියකරු සසර කතරේ කොයි ඉමකට පාවීයාවිදැයි කිව නොහැක. එනිසා අප්‍රමාදීව කුසල් දහම්හි යෙදෙන්න. "මහමෙව්නාවෙන් ඇද හැළෙන සදහම් අමා වැස්ස ලෝසතුන්ගේ සසර දුක නිවාලමින් තව බොහෝ කාලයක් ගලා බසිත්වා" නමෝ බුද්ධාය..!! (නි)
මේවගේ අසපු වලින් කරන්නේ සාසනයට ලොකු සේවයක්.. මේවට අගෞරව කරන්නේ දේවදත්තලා වගේ අය තමයි..!(නු)
මෙතන ඉන්න අයගෙන් 90% විතරම පන්සිල් පද පහ කඩනවා නේද?(නු)
සාදු සාදු සාදු ....(ස)
බුදු දහමට හොද කාලයක්..!(නු)
කවුරු කොහොම කිවුවත් කාලයේ වැලි තලාවෙන් යටපත් වෙමින් තිබු සම්බුද්ධ ශාසනය යළි නගා සිටුවීමට උර දුන්නේ මහමෙවුනාව බව අද සැවොම පිළිගන්න කාරනාවක්. ඒ නිසා නොදන්නා දේවල් ගැන කතා නොකර හිටියොත් හොඳයි. මනෝජ් විතාරණ/ නසාර්, ඔබ කවදා හෝ මහමෙවුනාව අසපුවකට ගොඩවැදී තියෙනවද?? (නි)