(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවේ මහඇමැති අපේක්ෂකත්වය සී.වී.විග්නේෂ්වරන් මහතාට නොදෙන හේතුවෙන් නව පක්ෂයකින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය තනතුරට තරග කිරීමට සූදානමක් ඇති බවටත් තම පක්ෂය ඊට සහය දීමට සූදානම් බවත් ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පසුගියදා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරය සී.වී.විග්නේෂ්වරන් මහතාට ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී ලබා නොදෙන බවට සිදු කළ ප්‍රකාශය හේතුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
‘උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මාධ්‍යට කියල තිබුණා මේ සතිය තුළ අලුත් පෙරමුණක් හදන බවට ඒක ඇත්තනම් අපි එතුමත් එක්ක කටයුතු කරන්න සූදානම් වෙලයි ඉන්නේ එම පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන ආකාරයට සකස් වෙලා තිබෙනවා නම් අපි ඔවුන් සමඟ සාකච්ඡා කරන්න දැන් වුණත් සූදානමිනුයි ඉන්නේ දෙමළ ජාතික සන්ධානයෙන් අවස්ථාව නැති නිසා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේස්වරන් මහතාම නැවත කටයුතු කිරීම බොහෝ ජනතාවකගේ අවශ්‍යතාවයක් වගේම ඉල්ලීමකුත් තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරයගේ ප්රජාතන්ත්ර ස්වරූපයේ අවතාරය !!!
මෙයා මොකෙන් ආවත් කොටියම තමයි..
හොඳ දෙයක්. ඔබතුමාට තේරුම් ගන්න පුළුවන් ඔබ තුමාගේ වැඩ ජනතාව පිළිගන්නවද නැද්ද කියලා.
විග්නේශ්වරන් මහත්තයා හිතාගෙන ඇති මහින්ද මහත්තය වගේ එතුමත් ජනප්‍රිය පුද්ගලයෙක් කියලා. එකනේ පොහොට්ටුව වගේ පෙරමුණක් හදන්න යන්නේ. මෙතුමා තල මලක් උස්සගෙන ආවත් TNA එකේ උදව් නැතුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්වත් වෙන්න බැහැ.