වලිකාමම් චුන්නාකම් ප්‍රදේශයේ "උතුරු ජනනි" විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් ජලය අපවිත්‍ර වීම නිසා යාපන අර්ධද්වීපයට සිදුව ඇති දැවැන්ත පරිසර හානිය හා ජන ජීවිතයට එල්ල වී ඇති බාධාවන්ට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන සැප්තැම්බර් 16 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ,විදුලිබල මණ්ඩලය සහ උතුරු පළාත් මහ ඇමති ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණය අද(04) නොතීසි නිකුත් කළේය.
ප්‍රියසාත් ඩෙප් ,ප්‍රියන්ත ජයවර්ධන ,අනිල් ගුණරතන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැදවිණි .
පරිසර හාසොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සභාපති රවින්ද්‍ර කාරියවසම් විසින් ගොනුකළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය , විදුලිබල මණ්ඩලය, උතුරු පළාත් මහ ඇමති, වලිකාමම් ප්‍රාදේශීය සභාවේ සභාපති, නෝටන් විදුලි සමාගම සහ නීතිපතිවරයා ඇතුළු නම දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගානක් නෝක්කාඩු කියමින් ඉන්නවා මිසක් වෙන කිසිම වැඩක් උතුරට කරලා නෑ වගේ. අනේ කාලේ වනේ වාසෙ. (ර)
යුද්ද ටැංකි වෙනුවට සංවර්ධනය උතුරට ගිය වසන්තය ඉවරවෙලා. (ර)