තමා ඝාතනය කිරීමට සැලසුම් කිරීම පිළිබද සත්‍ය අසත්‍යතාවය කුමක්ද යන්න තමා නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ හා නඩු විභාගයන් සිදුවන මොහොතක උතුරු මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් මහතා සිදුකරන ලද ප්‍රකාශයන් වැරදි බවත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
තමන් ඝාතනය කිරිමට සැලසුම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකළ යුතු යැයි තමා කිසි විටක බල නොකරන බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවත් සුමන්තිරන් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම නැහැ පාඩමක් ඉගෙනගෙන. එ්කනේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියන්නේ. (නි)
අනේ අපි දන්නෙ නැහැ මහත්තයෝ ඕවා (නි)
ඕගොල්ලන්ට ඕන උතුරෙන් හමුදාව ඉවත්කරන්න සහ ත්‍රස්තවාදී පනත ඉවත්කරන්න . දැන් අලුත්ම එක තමා සංවර්ධන වැඩ එපාකියන එක. රටේ ආරක්ෂාව ගැන බලන්නේ රජය මිසක් අටවගත්තු පළාත්සභා නොවේ. කාටවත් බැරිඋනා තාම පළාත්සභා අහෝසිකරන්න. (ර)
නුදුරු අනාගතයේදී ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසිකොට වෙනත් පනතක් හඳුන්වා දෙන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පවරපු නඩු අහෝසි වෙන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා මෙහෙම වෙන එක හොඳයි. (නි)
මෙතන තියන ප්රශ්නය මෙයා මේ පිල්බදව උඩුයටිකුරු කරලා හිතන එක නෙමේ. (ර)
විජයකලා ඉල්ලීමක් කළොත් නම් සළකා බලයි කියලා හිතෙනවා (නි)
"ත්‍රස්තවාදය වැළැක්වීමේ" පනත කියන එකේ තේරුම ත්‍රස්තවාදය ඇතිවීමට ප්‍රථම වළක්වනවා කියන එක. එමනිසා එම පනත අහෝසි නොකළ යුතුය. උතුරේ රහස් ඔත්තු සේවා තව තවත් පුළුල් කළයුතුය (නි)