අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය පිහිටවුවහොත් එමගින් උතුරේ අතුරුදන්වූවන් සේම දකුණේ අතුරුදන්වූවන් පිළිබඳව ද සොයා බැලිය යුතු බව ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
කුරුණෑගල පැවැති ජාතික හෙළ උරුමයේ ජාතික හමුවේදී ඔහු එම අදහස් පළ කළේය. මෙම අතුරුදන්වීම් සොයා බලද්දී පුනරුත්තාපනය කර එළියට දමා සිටින 11000ක් පමණ වන කොටි සාමාජික පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට සිදුවන බවද ඔහු කීවේය.
COMMENTS
එහෙනම් 87/88 කාලයෙන්ම අරඹමු නේද? (නි)
නැහැ නැහැ අපි උතුරින්ම පටන්ගනිමු. නිකන් බොරු මොකටද? මෙහෙම කතා අහලා අපිට දැන් හොඳට හුරුයි.
ඔලුව අතගලා ටොක්ක අනින්න... බොරු වැඩ. හමුදාවේ සෙබළු නැති වෙච්ච ඒවා අහන්නේ කාගෙන්ද? (ර)
අතුරුදන්වූවන් සෙවීමේදී උතුර දකුණ හොයන්නේ මොකටද? (බ)
තමන් අකමැති කෙනා අතුරුදහන් කළ එකනේ ඔය කව්රුත් කළේ (බ)
බොරු කෙප්ප තමයි මේ කතා. මෙයාලගේ චම්පික ඇමතිතුමා ආණ්ඩුවේ ඇමතිකම් කරන ගමන් ඔය කාර්යාලය ආණ්ඩුවට ඕන විදිහට ගෙනියන්න ඡන්දය දෙනවා. මෙයා අපිව අන්දවනවා. (බ)
දකුණේ හා රට වටේ 75,000 ට වඩා හන්දිගානේ, ටයර් සැයවැල්වල, ගංගාවල ගියා. කඳවරු වල මැරුණගාන කවුරුවත් දැක්කේ නෑ. හොයන්න ඒ ඔක්කොම. (බ)