උතුරු මැද පළාත් සභා මැතිවරණයේ දී ජනතාව නිවැරදි තීන්දුවක් දී ඇතැයි ද එම තීරණයට අනුව මහා ඇමැති පත් කිරීමේ දී ජනාධිපතිවරයා මහජන මතයට අනුව කටයුතු කරනු ඇතැයි තමන් අපෙක්ෂාකරන බව වනජිවී ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා අනුරාධපුර මාධ්‍ය සාකච්ඡාවක දී අද පැවැසීය. උතුරු මැද හිටපු මහා ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට වඩා වැඩි මනාප ඡන්ද ගනිමින් සැප්තැම්බර් 8 වැනි දා ඡන්දයේ දී වැඩිම මනාප ගත් අපෙක්ෂක වූ එස්.එම්. රංජිත් මහතා ඔහුගේ බාල සහෝදරයාය. කෙසේ වූවද ජනාධිපතිවරයාගේ තීන්දුවට තමාත් තම සහෝදරයාත් එකඟ බවත් ඊට පිටස්තරව යාමට හැකියාවක් නැති බවත් ඇමැතිවරයා සඳහන් කෙළේය. මේ අතර බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාට හිතවත් ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පිරිසක් පැවැසුයේ වැඩි මනාපවලට වඩා පළපුරුදු කෙනකු පත් කළ යුතු බවයි. ඒ සඳහා හොඳම සුදුස්සා බර්ටි ප්‍රේමලාල් මහතා බව මැදවච්චිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නලින් විජයරත්න මහතා කීවේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරාධපුර අය ඉල්ලන්නේ වෙනසක්.ඒ වෙනස දෙන එක බලධාරීන්ගේ යුතුකමක්..(ස)
මේ ප්‍රතිචාර මොන ප්‍රවෘත්තියට එවපු ඒවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ. (නි)
සංජයගේ කතාවට මමත් එකග වෙනවා. මොකද මනාප වැඩිය අරගෙන සුදුසු තැන නොදී ,වෙන කෙනෙකුට දීම වැරදියි. එතකොට තවත් කෙනෙකු කොහොමද පළපුරුද්ද ගන්නේ? (නි)
මොනවද මේ එවලා තියෙන ප්‍රතිචාර? හෙඩ් ලයින් එක එකක්, ප්‍රතිචාර තව එකක්.ඔලුවත් මඤ්ඤං වෙනවා මගේ. (නි)
ආ... අපේ මන්ත්‍රීතුමාගේ පළපුරුද්ද ගැනත් ඉතිං අපි දන්නේ නැතිවයෑ? (නි)
ඉතිං මහ ඇමතිකම් දෙකක් හැදුවා නම් ඉවරනේ. (නි)
දැන් ඉතිං, ගිය හකුරට නාඩන්නේ, තියෙන හකුර රැකගන්නේ. (නි)
කවුරු ආවත් අපිට නම් කමක් නැහැ. (නි)
නියෝජ්‍ය මහ ඇමතිකමක් හදලා දීලා ප්‍රශ්ණය විසදන්න. ජනතා මනාපයට ඉඩදෙන එක තමයි හොදම විසදුම. (නි).
මම නම් කියන්නේ අනිවාර්යෙන්ම එස් එම් ට මහඇමතිකම දියයුතුයි. ජනතා මනාපය සහ පැතුම එයයි. (නි)
වට්ටියෙන් පෙට්ටියට ගිය එකයි.. පෙට්ටියෙන් වට්ටියට ගිය එකයි..!!(නු)
එකම පවුලේ අයටනේ අපේ අය බෙදිලා ඡන්දෙ දීලා තියෙන්නෙ..!!(නු)
මහජන මනාපයට තැන දෙමු. (නි)
වැඩි මනාප ගත්තා කියන්නේ මහජනතාව වැඩියෙන් කැමති එයාට. එහෙමනන් මහ ඇමතිකම එයාටයි දිය යුත්තේ. (ස)
මෙවර මහ ඇමති කම පොලොන්නරුවට දිය යුතුයි (ස)
පුහුණු කරන්න කෙනෙක් නැතිව යනවා..(නු)
මේ පාර වැඩිම මනාප ගත්ත කෙනාට දීලා බලමු නේද? (නි)
අනේ එයාගේ තැන දෙන්න එයාට. (නි)
මම නම් කැමති රංජිත් මහත්තයට (නි)
සුමුදු,වෙනසක් ඉල්ලනවා නම් විපක්ෂය දිනන්න ඹ්නෑ. තිබුණු පාලනය දුර්වල නම් දිනුවෙ කොහොමද? මනාප ගත්ත හැටි දන්නෝ දනිතිනේ. (නි)
පළපුරුද්ද ගැන බල බලා හිටියොත් එයා මියගිය දවසකට පත් කරන්නේ කාවද? (නි)
ඔය මූණු දේකේ විතරයි වෙනස තියෙන්නේ........ (ස)
මැරෙනකල්ම ඉන්න කැමති අයත් ඉන්න එකේ ඉතිං.....? තණ්හාය ජායතී ශෝකෝ කිවුවලු. (නි)
ඔය කරන විදියට කරන්න.පලපුරුද්ද ඕනි නෑ... (ස)
පවු අනේ. ඔන්න ඕක එයාටම දීලා දාන්න. (නි)
බර්ටිට දෙනවට අපි කැමති නැහැ. (නි)
ජනතාමතයට ගරු කරන්න.චන්දය කියන්නේ ජනමතය මිසක් නියෝගයක් නෙමෙයිනේ..(ස).
මනාප වැඩියෙන් ගත් කෙනෙතුට මිස, මිය යනතෙක් සිටින කෙනෙකුට මෙම තනතුර නොදිය යුතුයි. (නි)
මේ එකම කට්ටියේ දෙපැත්ත නෙමෙයි, එකම කට්ටියම තමයි. (නි)
දෙන්නම එකයි. ඒත් දැන් හිතෙනවා බර්ටි හොදයි කියලා. (නි)
ඔන්න ඔහෙ ඕක දීලා දාලා, අනුන්ගෙ පවු කරගහන්නෙ නැතුව, පැත්තකට වෙලා යන තැනකට පිනක් දහමක් කරගන්න සර්. (නි)
අනේ මන්දා මේවා! (නි)
ගමේ අප්පුහාමිගෙ පුතා වුනානම් වැඩේ බලන්න තිබුනා...(නු)
අපිව රවට්ටනවද මන්දා. අපිවමනේ අන්දන්නෙන (දී)
ඇයි අත්අඩංගුවට නොගන්නේ? තරාතිරමක් නොබලා අත්අඩංගුවට ගන්න කියලා ශ්‍රී ලංකා පොලිසියෙන් ඉල්ලා සිටිනවා. (නි)
අල්ලන නම් එපා ඇමතිතුමා කල කිරෙයි .. (දී)
මෙචිචර දවස් පිස්තෝලේ රථ ගාලෙද තිබිල තියෙන්නේ රත්තරන් මාලෙයි පෝන් එකයි කොහේද දන්නෑ නේද වැඩෙ කියන්නේ පිස්තෝලේ හමිබවෙලා තියෙන්නේ මෙයාලගෙම කෙනෙකටමනේ (දී)
වජිර , ඔබ හරි කියල මටත් හිතෙනවා . පව් රියැදුර නිකම් බොරු කියල පව් පුරවා ගන්නවා ......... (දී)
එහෙනම් හමුදාවෙන්ම අල්ලයි (දී)
මාර වැඩේනේ පිස්තෝලෙත් හම්බවෙලා තියන්නේ ඇමතිගේ රියදුරාට. (දී)
ඔව් කියන දේ කරන්ඩ වෙනවනේ නැත්නම් රස්සාව නැතිවෙනවනේ.අනේමේ අයට ගිය රට (දී)
ඊළඟට කියයි මේජර් වරයාත් රථ ගාලේ ලිස්සල වැටිලා තුවාල උනේ කියල. (දී)
බොරුවක්ද මන්දා (දී)
කාට අහුලා ගන්නද දන්නේ නැහැ දාල ගියේ (දී)
ටෙලිනට්‍යකට හොඳ කතාවක්. (දී)
මේවට අපි අදහස් දැම්මට වැඩක් නැ.අන්තිමට මේජර් කියයි මම හිතලා මටම ඔලුව පැලෙන්න ගහගත්තා කියල.ඕක අහිංසකයෙක් අතින් උනානම් බලන්න තිබුන අතපය කඩලා, ගෙවල් ගිනි තියලා, තව අහල පහල කිහිප දෙනෙකුටත් ගහල, අනේ.........අහිංසක අපි මේවා කාටද කියන්නේ.''අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ' (දී)
ලංකාවේ මිනිස්සු කන්නේ තණකොළ කියලද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)
පුතා නුඹ කැලණියට ආලෝකයක් .(නු)
පව් නේද කියනදේ කරන්න ඕනනේ ....... (දී)
අපිට මේවා පෙනෙනකොට දත්මිටි කැවෙනවා (නි)
මෙම පුවතේ මාතෘකාව එකක්. අදහස් වෙන ඒවා. (නි)
මෙයාලගේ මහජනයාට සේවය කරන්න තියෙන උනන්දුව දෝර ගලනවා...!!(නු)
පළපුරුදු අය හොයන්න ඕන නම් ඡන්දය තියලා හරියන්නේ නැහැනේ.!(නු)
කටේ තියෙන නරි වාදන් රෙද්ද පල්ලේ බේරෙනවා කියන්නේ ඕකට තමයි (ස)
කොහෙද යන්නේ මල්ලේ පොල්...!!(නු)
කට්ටියට කලින් ප්‍රවෘත්තියත් එක්ක ප්‍රතිචාර මාරු වෙලා වගෙයි. (නි)
මුලින් නම් කිවුවේ පවුල් වල අයට නාමයෝජනා දෙන්නේ නැහැ කියලා නේද? (නි)
ඒක තමයි සංජය.
කොහේ හරි ඉන්න කොල්ලෙක් ආමි එකේ කාටහරි අතක් ඉස්සුවොත් ලොරි පුරවලා ඇවිල්ලා ගහන්නේ,ආමි එකෙන්. ඇයි ඒ වගේ මෙයාට හොදට නෙලන්න බැරි? (නි)
දිනලත් පොරකනවනේ. රට ගැන නේද පළමුව හිතන්න ඕනෑ. (නි)
ඔව් ආලෝක. යන්නේ කොහෙද මල්ලේ පොල්. නින්ද ගිහිල්ල වගෙයි කට්ටියට. (නි)
එස්.එම්.රංජිත් මහතාත් දේශපාලනට අත්පොත් තැබුවොත් තමයි පළපුරුදු දේශපාලකයෙකු වන්නට පුළුවන්. එහෙම නැත්තම් රට ඔක්කොම නුසුදුස්සන්ට අයිති වෙයි. මොකද පළපුරුද්ද කිය කියා අළුත් අයට එන්න දෙන්නේ නැති වෙයි. කොහොම වුණත් උතුරු මැද මහ ඇමතිකම වෙනස් විය යුතුමයි. ජනතා මනාපයට අවස්ථාව නොදී හිටියොත් රංජිත් ට මනාප දුන් ඡන්ච දායකයන් ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ ඉන්න එකක් නම් නෑහැ. ජනපතිතුමණි,මහජන මනාපයට ගරු කළ යුතු එක නේද විය යුත්තේ. (නි)
මනාප වටින්නේ නැත්නම් මොන එහෙකටද අපේ සල්ලි නාස්ති කරලා ඡන්දයක් තිබ්බේ? (නි)