IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


උතුරු පළාත් මන්ත්‍රිනීගේ කථාව බොරු බව කරුණානිධිගේ දුව කියයි

යුද සමයේදී කොටි නායකයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත බාරවීමට තමා උපදෙස් නොදුන් බව ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයේ නායක කරුණානිධිගේ දියණිය කනිමෝෂි ‘ද හින්දු‘ පුවත්පතට කියා ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.

කොටි සංවිධානයේ නායකයකුවූ එලිලන්ගේ බිරිඳ වන වත්මන් උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් තම සැමියා යුද්ධයේ අවසන් කාලයේදී ආරක්ෂක අංශ වෙත බාරවූයේ කරුණානිධි සහ ඔහුගේ දියණිය ලබාදුන් උපදෙස් මත බව පසුගියදා හින්දු පුවත්පත සමග සාකච්ඡාවකදී කියා තිබුණි. කනිමෝෂි එසේ උපදෙස් දී ඇත්තේ සැටලයිට් තාක්ෂණය ඔස්සේ තම සැමියා හා සම්බන්ධ වෙමින් බවද ආනන්දි ශෂිදරන් කියා ඇත.

නමුත් කනිමෝෂි කියන්නේ ඇය එලිලන් නමැත්තකු කොටි සංවිධානයේ සිටි බවද නොදන්නා බවයි.

එවැනි උපදෙසක් ලබාදීමේ බලයක් තමා සතුව නැති බවත් කනිමෝෂි පවසන්නීය.

 



අදහස් (0)

උතුරු පළාත් මන්ත්‍රිනීගේ කථාව බොරු බව කරුණානිධිගේ දුව කියයි

ඉසුරන්දි Monday, 08 June 2015 05:57 AM

එදාපාර මෙයාල මේ මොකකටද අර අදින්නේ.(ම)

:       0       0

ගිහාන් Monday, 08 June 2015 05:58 AM

බල්ලොත් එක්ක නිදා ගත්තා නම් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවාලු. !(නදී)

:       0       0

දුමින්ද Monday, 08 June 2015 06:39 AM

2009 දී වලදැමූ ත්‍රස්ත අවතාර නැවත අවදිව (කේ)

:       0       0

සුරන් Monday, 08 June 2015 06:56 AM

මේ වගේ බොරු සාක්ෂි ගොඩක් එකතුවෙලා අන්තිමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව හැදිලා තියෙන්නේ. දැන් ගොඩක් කට්ටිය බලාගෙන් ඉන්නේ හිටපු ජනපතිතුමා, හිටපු ආරක්ෂක ලේකම් තුමා, ඇතුළු හමුදා නිලදාරීන් වැරදි කරුවෝ කරලා, ඇමෙරිකාවේ හිරේට යවන්න. (ම)

:       0       0

කමල් Monday, 08 June 2015 08:05 AM

සුරන් ඔබයි අන්තර්ජාතික දැනුම ප්‍රදර්ශනය කරන්න එපා. දන්න දෙයක් ගැන කතා කරන්න (බ)

:       0       0

පිටබැද්දර ජයා Monday, 08 June 2015 08:09 AM

හැබැයි මතක තියාගන්න , බොරු කරන දෙමල නායකාකරදින් ප්‍රවේශමෙන් , දෙමල ජනතාව අවදියෙන් ! මතකනේ අමිර්තලිංගම් මහත්තය , දෙමල ජනතාවට පොඩි චුන් එකක් දෙන්න සිංහලයන් හම ගහල සෙරෙප්පු හදනවා කිව .අවසානෙදි මොකද වුනේ ? (බ)

:       0       0

විජයබාහු Monday, 08 June 2015 08:57 AM

දෙන්නගෙන් එක්කෙනෙක්වත් විශ්වාස කරන්න නරකයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site