යුද සමයේදී කොටි නායකයින්ට ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වෙත බාරවීමට තමා උපදෙස් නොදුන් බව ඉන්දියාවේ ඩී.එම්.කේ පක්ෂයේ නායක කරුණානිධිගේ දියණිය කනිමෝෂි ‘ද හින්දු‘ පුවත්පතට කියා ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා කියයි.
කොටි සංවිධානයේ නායකයකුවූ එලිලන්ගේ බිරිඳ වන වත්මන් උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂිදරන් තම සැමියා යුද්ධයේ අවසන් කාලයේදී ආරක්ෂක අංශ වෙත බාරවූයේ කරුණානිධි සහ ඔහුගේ දියණිය ලබාදුන් උපදෙස් මත බව පසුගියදා හින්දු පුවත්පත සමග සාකච්ඡාවකදී කියා තිබුණි. කනිමෝෂි එසේ උපදෙස් දී ඇත්තේ සැටලයිට් තාක්ෂණය ඔස්සේ තම සැමියා හා සම්බන්ධ වෙමින් බවද ආනන්දි ශෂිදරන් කියා ඇත.
නමුත් කනිමෝෂි කියන්නේ ඇය එලිලන් නමැත්තකු කොටි සංවිධානයේ සිටි බවද නොදන්නා බවයි.
එවැනි උපදෙසක් ලබාදීමේ බලයක් තමා සතුව නැති බවත් කනිමෝෂි පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදාපාර මෙයාල මේ මොකකටද අර අදින්නේ.(ම)
බල්ලොත් එක්ක නිදා ගත්තා නම් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවාලු. !(නදී)
2009 දී වලදැමූ ත්‍රස්ත අවතාර නැවත අවදිව (කේ)
මේ වගේ බොරු සාක්ෂි ගොඩක් එකතුවෙලා අන්තිමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව හැදිලා තියෙන්නේ. දැන් ගොඩක් කට්ටිය බලාගෙන් ඉන්නේ හිටපු ජනපතිතුමා, හිටපු ආරක්ෂක ලේකම් තුමා, ඇතුළු හමුදා නිලදාරීන් වැරදි කරුවෝ කරලා, ඇමෙරිකාවේ හිරේට යවන්න. (ම)
සුරන් ඔබයි අන්තර්ජාතික දැනුම ප්‍රදර්ශනය කරන්න එපා. දන්න දෙයක් ගැන කතා කරන්න (බ)
හැබැයි මතක තියාගන්න , බොරු කරන දෙමල නායකාකරදින් ප්‍රවේශමෙන් , දෙමල ජනතාව අවදියෙන් ! මතකනේ අමිර්තලිංගම් මහත්තය , දෙමල ජනතාවට පොඩි චුන් එකක් දෙන්න සිංහලයන් හම ගහල සෙරෙප්පු හදනවා කිව .අවසානෙදි මොකද වුනේ ? (බ)
දෙන්නගෙන් එක්කෙනෙක්වත් විශ්වාස කරන්න නරකයි (ම)