(රොමේෂ් මධුෂංඛ)
උතුරේ ස්ථාන කිහිපයකදී සැමරෙන මහවිරු දිනයන් හා යාපනයේ පසුගිය දිනවල තියුණු ආයුධ වලින් පහරදීම් හා සමාජ විරෝධී ක්‍රියා වාර්තාවීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි දින නියමයක් නොමැතිව උතුරේ සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා නියෝග කොට ඇත.
පසුගිය දිනයන්හි යාපනය දිස්ත්‍රීක්කයේ තියුණු අයුධ ගත් පිරිස් විසින් ස්ථාන කිහිපයකදී කළ පහර දීම් හේතුවෙන් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කිරීමට සිදුවූ හෙයින් යාපනයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කොට ඇති අතර යාපනය දිස්ත්‍රික්කය සාමාන්‍ය තත්වයට පත්වන තුරු එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටද උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රෝෂාන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධි තොරතුරු නිසියාකාරව ලබාගන්න. නිලධාරින්ට නිවාඩු ලබා දෙනවනම් හොඳයි කියලා හිතෙන්නේ.
තවමත් හමුදාවේ ඉන්න හිටපු ලේකම්ගේ හෙන්චයියෝ ගැන නිසියාකාරව බුද්ධි තොරතුරු රැස් කරන්න. මේ අය ඔය ලැස්ති වෙන්නේ දෙදහස් විස්සට.