දෙමළ ජාතික සන්ධානය නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අද (12) ප්‍රධාන කරුණු හතරක් ගැන කොළඹදී සාකච්ඡා කළේය.
පක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ඉල්ලා සිටියේ නොබෙදුණු ශ්‍රී ලංකාවක ජනවාර්ගික ප්‍රශ්නය විසදීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන ලෙසයි.
දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය, උතුරු නැගෙනහිර යළි පදිංචි කිරීම් ගැනද එහිදී සාකච්ඡා විය. අගමැති රනිල් වික්‍රමසිංහ හා රාජිත සේනාරත්න මහත්වරු ජනපති සමඟ සාකච්ඡාවට එක් වුහ.
පාර්ලිමේන්තු කමිටුවක් පත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවට ජනපති එකඟ වු බව දෙමළ ජාතික සන්ධාන ආරංචි කියයි.
දෙමළ ජාතික දේශපාලන සිර කරුවන්ට පොදු සමාවක් දෙන්නැයි කළ යෝජනාව සලකා බැලීමට ජනපති එකඟ විය.
යළි පදිංචි කිරීම සම්බන්ධ ගැටළු විසඳන බවට ජනපති හා අගමැති එහිදී පැවසූහ.
උතුරේ ඇතැම් තැන් වල ගොල්ෆ් පිටි පවා ඇතැයි ද එහිදී කියැවිණි.
උතුරු පළාත් සභා ආණ්ඩුකාරවරයා ,ප්‍රධාන ලේකම් හා දිස්ත්‍රික් ලේකම් මාරු කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටියේය.උතුරට අලුතින් ආණ්ඩුකාරවරයකු පත් කරන බව රජය කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක් (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
කරුණාකර සියලුම ආගම් මිශ්‍රකර පදිංචි කරන්න. එවිට ප්‍රශ්න නැහැ (නි)
මේ දෙන්න රට බෙදලම නවතීද ? (බ)
අපි බලන් ඉද්දි හැම දේම සිද්ද වෙලා ඉවර වේවි. දින 100න් නැවත වාරයක් එන බව තියාගන්න. (ස)
සිංහල අය ඉන්නේ ලංකාවේ විතරයි.අපේ රට රැකගන්න.තව පස්සට ඉල්ලන දේවල් හරිම භයානක වෙන්නත් පුලුවන්. .මතකනේ ගෙවුණු අවුරුදු 30? (නි)
ඒ ගොල්ල ආණ්ඩුව පත් කරගත්තේ ඒ ගොල්ලන්ට ඕනේ දේ කර ගන්න, දැන් මොනව කරගත්තත් අපිට කරන්න දෙයක් නැහැ (බ)
මිලිටරි කරණයෙන් බැහැරවී හොඳ සිවිල් නිලදාරියෙකු පත් කල යුතුයි. (ස)
සිවිල් පරිපාලනයට සිවිල් නිලධාරියෙකු පත්කිරීම වඩාසුදුසුයි.රණවිරුවන්ට ගෞරව කරන්නවෙනත් ක්‍රමයක් යොදාගනිමු. (අ)
බඩ ගැන හිතල ඡන්දය දුන්න අයට ඉක්මනින්ම තේරෙයි (නදී)
හමුදාව සිවිල් කටුයුතු වලට සීමාසහිතව සම්බන්ධවීම වඩාත් ප්‍රඥාගෝචර යැයි මම සිතනවා. (නි)
බලමු සිද්ධවෙන දේ... (නි)
අපි ඡන්දය දුන්නේ යහපාලනයකට. ඒක අමතක කරන්න එපා (නි)
ඉහත සාකච්ඡාවට චම්පික රණවක මහතා සහභාගි කර නොගත්තේ ඇයි? උතුරේ ගැටළු සම්බන්ද සාකච්ඡා වලට හෙළ උරුමයේ පිරිස් සහභාගී වන්නේ නැද්ද ? (හේ)
ලෝචන , ඔබ හරි. අනේ අපේ නැතිවුණ ජීවිත! (නි)
පටන් ගන්නේ බොහොම යාප්පුවෙන්. ඉල්ලන දේ දෙන්න හිතෙන විදියට. හැබැයි ඉදිරියට යනකොට තමයි .... බලමු (නි)
දමිළ මිනිසුන්ට අවශ්‍ය දේ දෙනගමන් මෙරටේ රණවිරුවන් සහ සිංහල මිනිසුන් ගැනත් හොඳින් සිතාබලන්න (නි)
ප්‍රවේශමෙන් කරන දෙයක්. අපේ රණවිරුවන් පාවාදෙන්නේ නැතුව (නි)
ඕනෑවුණේ එ්කනේ. දැන් ඉතින් බලා ඉඳිමු (නි)
පසුව දුක්වීමෙන් ඵලක් නොවේ (නි)
නමුත් අද රටේ හැම පැත්තෙන්ම බැටකන්නේ සිංහලයා. අපි කිසිම අකමැත්තක් නැහැ උතුරු නැගෙනහිර ප්‍රශ්න විසඳනවාට.නමුත් උතුරෙන් ඉල්ලන අනවශ්‍ය දේවල් වලට අකමැත්ත පළකරන්න ඕනෑ. ආණ්ඩුකාරවරයා මාරුකිරීමත් ඒ පළාතේ ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි නේද? (නි)
වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබුනේ බඩු මිල අඩුකරන්න. පඩි වැඩි කරන්න. භාණ්ඩ හා සේවා වල මිල අඩු කරන්න. දිලිදු කම තුරන් කරන්න. මුලින් ම මේවාට වැඩ කොටසක් කරලා තමයි මේවගේ දේවල් බලන්න. චම්පික හා රතන හාමුදුරු වෝ මේවාට හවුල් කරගන්න . (ස)
ජනාධිපතිතුමනි, ඔබ ප්‍රවේශමෙන් වැඩකරන්න (නි)
මේක නම් හොඳ වෙන තුවාලයක් නෙමෙයි. මට හිතෙන්නේ බෙහෙත් දාන්න දාන්න වැඩිවෙන එකක් වගෙයි (නි)
ඉල්ලන්නේ කුමනාකාරයේ ආණ්ඩුකාරයෙක්ද? යාපනය අයිති ලංකාවට නෙමෙයිද? ඔය ඉල්ලන්න පටන්ගත්තා විතරයි. තව ටික දවසක් යනකොට හොඳ හොඳ සෙල්ලම් බලන්න පුළුවන්. (නි)
අමාරුවෙන් හදපු ඒකීය ශ්‍රී ලංකාව මොකද නොබෙදුන ශ්‍රී ලංකාවක් කරන්න තියන හදිස්සිය? කමින් කලර්ස් නෝ ගුඩ් වගේ නේද ? (නදී)
ඔය ඒළියට පැන්නේ (අ)
පහුවෙනකොට තේරෙයි යහපාලනේ..(අ)
පත්කරන්න යන කෙනා කවූ ද කියන්න දන්නේ නැතිව මෙතැන ප්‍රතිචාර දන්නේ මෙතැන අවුල් කරන්න නේ කවුද. සරත් ෆොන්සේකා 2010 ඡන්දෙ කරනකොට කිවුවේ එයට අමි එක පාලනය කලාට රට පාලනය කරන්න දන්නේ නැ කියල ඉතින් උතුරට හොද සිවිල් පාලකයෙක් දුන්නොත් නරකද? (අ)
යහපාලනය යටතේ කිසිම අදහසක් ලියන්නේ නැහැ කියා සිතුවත් මෙවැනි විස්තර දුටුවිට නොලියා සිටීමටද නොහැක.මේ විස්තර අනුව මේවා කරන්න ගියොත් අනාගත ව්‍යසනයක් සිදුනොවේද කියා සිතේ. කරන කියන දෙයක් ප්‍රවේශමෙන් කරන්න. අපට ඇත්තේ ශ්‍රී ලංකාව පමණි. එය දෙකට තුනට කඩන්න ඉඩ නොදෙන්න (නි)
මෙම ප්‍රශ්ණයට තවත් ප්‍රමාද නොකර සියළුම පක්ෂ එකතු වී පිළිතුරු සෙවිය යුතුය. දෙමළ මිනිසුන් නොබෙදූ රටක් තුල තම ගැටළු විසඳීමට ඉල්ලීම සාධාරන නොවේද? සිංහලය බැටකන්නේ සිංහල පාළකයන්ගෙනි. එම පාලකයන් අනෙකුත් ජනයාට සලකන ආකාරය ඉන් සිතාගත හැක. නීතිය අවනත නැති පාලකයන්ට කුමන ජනවර්ගයක් වුවද කමක් නැත.(අ)
මම නම් කියන්නේ හොඳ සිවිල් පාලකයෙක් ආණ්ඩුකාරවරයා ලෙස පත්කරන්න කියලයි (නි)
අමතක කරන්න එපා, මේ රටේ 57ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ඡන්දය දුන්නේ අසාධාරණ ඉල්ලීම් වලට විරුද්ධව බව. (නි)
මමත් හිතනවා ආණ්ඩුකාරයා සිවිල් පුද්ගලයකු වියයුතුයි කියලා. (නි)
දෙමළ ජනතාව ඡන්දෙ දුන්නේ නැද්ද අපේ මෛත්‍රී මහත්තයා දිනවන්න? යාපනය අපි දිනුවේ හොර ඡන්ද වලින් නෙමෙයිනේ. දැන්වත් අපි එකට හොඳට ඉඳිමු. (නි)
එන පොට නම් එච්චර හොඳ නැහැ වගෙයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ලංකාවට විරුද්ධව වැඩ කරන්න නොදෙන නිලධාරීන් මාරු කරන්න කියන්නේ මොකටද කියල තේරෙනවනේ. දුක ලක්ෂ 62ක් ඡන්දය අරගෙන නිලධාරීන් මාරු කිරීමට එකඟවීමයි. (ස)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
"චම්පික හා රතන හාමුදුරු වෝ මේවාට හවුල් කරගන්න ." චම්පික හා රතන හාමුදුරුවෝ යොදා ගත්තේ ආණ්ඩුව පෙරලන්න. ඊට පස්සේ වෙන ඒවාට එයාලා මොකටද. විශේෂයෙන්ම උතුරේ දේශපාලන ප්‍රතිපත්ති තීරණ සාකච්ඡා වලට එයාල ගන්නේ නැහැ. (නදී)
යහපාලනයක් බලාපොරොත්තු වියහැක්කේ යහපාලනයක් ඇති අයගෙනුයි (නි)
මේ විදිහටම තමයි කලින් ඉල්ලුවෙත්, දුන්නෙත්. හොඳයි නැද්ද? මේවා මිනිසුන්ට තේරුම් යනකොට ප්‍රමාද වැඩියි. (නි)
ජන වර්ගය මත පදනම්ව දේශපාලන තීරණ ගැනීම රටට ඉතාම අහිතකර විය හැක. කිසිම ජාතියකට සම තැන මිස වැඩි තැන දිය යුතු නැත. (හේ)
මම ලෝචන සමඟ එකඟවෙමි (නි)
අාණ්ඩුකාරවරයා ඉවත් කිරීමට යෝජනා කිරීම හිසේ අමාරැවට කොට්ටය මාරැ කලා සේ නොවන්නේද.....?(හේ)
දෙමල ජනයාට ආවේනික ප්‍රශ්න රාශියක් ඇති බව අපි හැමෝම තේරුම් ගත යුතුයි. ඒවා විසදීමට ඔවුන්ටම ඉඩ ලබාදෙන බලය බෙදාහැරීමක් සිදුකල යුතුයි. එහෙත් රටේ ඒකීය බාවයට බලපාන ඇතැම් බලතල (ඉඩම්, පොලිස් ) මධ්‍යම රජය යටතේ තබා ගැනීම ඉතා වැදගත්. (නදී)
කට්ටිය තමන් ඕනේ දේ විතරක් කියවන්නේ නෙතුව වෙදගත් දේවලුත් කියවන්න... "ඉල්ලා සිටියේ නොබෙදුණු ශ්‍රී ලංකාවක".... මෙහෙම වෙනවා නම් සිවිල් තියෙනවනම් ප්‍රශ්න විසදුවට කමක් නැහැ (බ)
ඔක්කොම හරි. එත් ආණ්ඩුකාරවරයා මාරු කරන්නේ එතුමා හිටපු හමුදා නිලධාරියෙකු නිසානේද. එක අසාදාරන නැද්ද.ඔහු අපේ රණවිරුවෙක්. (ස)
සිංහල බෞද්දයව කබලෙන් ලිපට දාන වැඩ නම් කරන්න එපා (නදී)
ඔය පටන් ගත්තා විතරයි. ලංකාවේ කොහෙවත් "දේශපාලන සිරකරුවෝ" නැහැ. ත්‍රස්තවාදීයෝ කොහොමද දේශපාලන හිරකරුවෝ වෙන්නේ? ඔවුන් කරලා තියෙන්නේ අපරාද. ලෝකේ කොහෙවත් අපරාදකාරයෝ, දේශපාලන හිරකරුවෝ කියල හදුන්වන්නේ නැහැ. උතුරට ඕන රටට විශ්වාසවන්ත, කෙලින් වැඩකරන අාන්ඩුකාරයෙක්. (නදී)
තමන්ගෙ මිනිහෙක් ඉන්නකොට බයක් නෑ, යටත් නෑ කියල දැනෙනවනෙ. අනික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙ ඔය පැත්තෙද? (බ)
දින 100 පසු මෙවැනි දේ කතා කෙරන්න . (ස)