යුද සමයේ අතුරුදන් වූවන් සෙවීම සදහා රජයෙන් පිහිටුවීමට නියමිත කාර්යාලය මෙරට ආරකෂක හමුදාවට එරෙහි කාර්යාලයක් නොවන බවත් අතුරුදන් වූවන්ගේ අර්බුදයට විසදුමි ගෙන ඒම සදහා මෙම කාර්යාලය පිහිටුවන බවත් රාජ්‍ය භාෂා හා ජාතික සංවාද පිළිබද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
මෙරට අතුරුදන් වූවන් අතර උතුරේ ජනතාව පමණක් නොව දකුණේ ජනතාවද සිටින බව ද ඔහු කීවේය.
හමුදාව පාවා දීම සදහා මෙම කාර්යාලය පිහිටුවන බවට ඒකාබද්ධ විපකෂය චෝදනා කර සිටින බවත්, එය වැරදි සහගත අර්ථ දැක්වීමක් බවත්, අතුරුදන් වූවන්ට සිදුවූ දේ කුමක්ද යන්න සොයා ගනිමින් අතුරුදන් වූවන්ගේ ප්‍රශ්නය විසදීම මෙම කාර්යාලය පිහිටුවීමේ අරමුණ වන බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල්ලා වගේ අයත් මේ ලක් භූමියේ ඉන්නවා කියලා හිතනකොට පුදුම කණගාටුවක් දැනෙනවා. 1989-1994 දහස් ගණන් පාරවල්වල දැවුණේ මේ රටේ බුද්ධිමත් පරම්පරාව (නි)
1988, 89, 90 කාලයේ අතුරුදහන් කිරීමේ අධිපතියා "උඩුගම්පල මහත්තයා" තාම රටේ ඉන්නවාද? (බ)
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ! (නි)
ස්මිත්, කුමාර්, බමුණු, දිලිප්, ඔබගේ අදහස් වලට ස්තුතියි! (නි)
බටලන්දේ කට්ටිය ගැනත් හොයනවද? (බ)
ඕකට වෙනම කාර්යාල මොකටද පොලිසියට බැරිද ඕව හොයන්න. පොලිසියට බැරි වුන දේවල් කාර්යාලයෙන් කරන්නේ කොහොමද (බ)
1971 හා 89, 90, 91 කාලේ ටයර් සැය වල අාදාහන වෙච්ච දහස් ගණනකට වෙච්ච දෙයක් නෑ. ඇමෙරිකාව හා බටහිර ලෝකය නිශ්ශබ්දයි. (බ)
දෙමල ඡන්ද ටිකක් ගන්න මුන් සිංහල ජාතියම පවා දෙනවා (බ)
සමීන්ට ගොඩක් හිතේ අමාරුව ඇති. (නි)
එතකොට සිංහල දෙමල මුස්ලිම් සාමාන්‍ය ජනතාව මරපු කොටියන් කෝ දැන් ඔක්කොම හිරේ වෙන්න ඇති . සාමාන්‍ය නීතියට උඩින් බලතල දීම වැරදියි (බ)
මේක රටවල් දෙකක් අතර යුද්ධයක් නිසා සිද්ධවුණ දෙයක් නොවෙයි. එකම රටේ ජන කොටස් දෙකක් අතරේ අර්බුදයක් නිසා සිදුවූ අතුරුදන්වීම්. මම හිතන්නේ නැහැ නීතිගරුක හමුදාවකට මේ සෙවීම් ගැන බයවෙන්න ඕනෑ කියලා. බයවෙන්න ඕනෑ හමුදාව අපකීර්තියට පත්කරමින් කටයුතු කළ අය සහ හමුදාව අවභාවිතා කළ අය. (නි)
2005-15 කාලයේ උතුර, දකුණ ඇතුළු ලංකාවේ හැමතැනම හිටපු ඒකාධිපති පාලනය විසින් මිනිස්සු අතුරුදහන් කළා. එ්කේ අමාරුව දන්නේ අතුරුදහන්වු වූවන්ගේ පවුල්වල යයි.. දකුණේ ජාතිවාදීන්ට වුවමනා නැති වුනාට මේවා ගැන සොයා බලා වගකිවයුත්තන් හමුදාවේ නෙමේ කොහේ හිටියත් දඩුවම් දිය යුතුයි (බ)
නාමල් 2005 -2009 කාලේ උතුරේ හිටියේ ඔයාගේ බාප්පා වෙන්න ඕනේ.ගුණ මකුවෙක් වෙන්න එපා .(බ)
1971 මගේ පොඩි අයියා අතුරුදන්වුණ වෙලේ මෙහෙම අය සිටියා නම් මට මගේ අයියා හොයාගන්න තිබුනා. (නි)
නාමල්, ප්‍රබාකරන් අවුරුදු තිහක් අපේ රට විනාශ කළා. 200-2009 මහින්ද රාජපක්ෂ වීරයාට ඇතුළු ත්‍රිවිධ හමුදාවට පින්සිද්ධ වෙන්න තමයි අපිට රටක් තියෙන්නේ. ඔයාට ලංකාව හොඳ නැත්නම් පිටරටකට යන්න. (නි)
එතකොට කොටි වනසපු අපේ සිංහලුන් ගැන බලන්නේ කවුද? (නි)
සරත්, එතකොට මිනිස්සු අතුරුදහන් කරලා මරාදාන එක සාධාරණද? උතුරේ ප්‍රභාකරන් වගේම දකුණේ පාලකයෝත් ඒවාට වගකියන්න ඕනෑ. ඒවා සොයාබලන එක ශිෂ්ට සමාජයක වගකීම. (නි)
88-89 කාලේ බටලන්ද සහ සූරියකන්ද ඇතුළු දිවයිනේ අතුරුදහන් වුණ අයත් මෙයට අදාළ නම් කමක් නැහැ. මොකද මේ අය 83 ජුලි වල ඉඳලා අතුරුදහන් අය හොයන නිසා. අතීතයකුත් නැති ඒ නිසාම අනාගතයකුත් නැති සමහරුන්ට සුබ ආරංචියක්. සතුටුවෙමු (නි)
දකුණේ අයට වුණ දේ සහ කළ දේවල් එළිවුණදාට කාගෙ කාගෙත් නියම මුහුණු එළියට එයි (නි)
හැබැයි ඉතින් සාධාරණයි. මොකද උතුරේ පමණක් නොව දකුණේත් හොයනවලුනේ (නි)
සමහරුන්ගේ හක්කේ බුදුරැස්, බොක්කේ දඩමස් (නි)