උතුරේ අක්කර 19,159 ක් මුල් පදිංචිකරුවන්ට බෙදා දී ඇතැයි යාපනය ආරක්ෂක සේනා ආඥාපති නන්දන උඩවත්ත මහතා කියයි.
පලාලිවල අක්කර 11629න් අක්කර 6258ක් මුදා හැර ඇති බවත් ඒවායේ මුල් පදිංචිකරුවන් විදෙස් ගතව ඇති බැවින් පදිංචියට පැමිණ නැති බවත් උඩවත්ත මහතා පැවසීය.
මෙසේ ඉඩම් මුදා හැරීමෙන් උතුරේ ආරක්ෂක කටයුතුවලට කිසිදු බාධාවක් නැති බවත් ඒ මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාවට අදාල නැත්නම් බූමිය උදෙසා යුද්ද කලේ කිමද ? (ම)
අයිතිකරුවන්ට ඉඩම් මුදා හැරීමෙන් රටේ ආරක්ෂාවට තර්ජනයක් සිදු වෙනවයි කියල සමහර මෝඩයෝ කෑ ගහන්ටත් බැරි නැහැ. (ම)
මෝහන්ට ෂුවර්ද (බ)
ශාන, බයවෙන්න එපා. ඒවා වෙන්නේ නැහැ කවදාවත්. අපේ නාමල් , මොහාන්ලා වගේ අය ඒවට කතා කරන්නෙත් නැහැ (නි)
ආරක්ෂාව පිළිබඳවත් සොයා බලන්න
"ඊළම" උතුරට සහ නැගෙනහිරට දීලා නැගෙනහිර අනිත් සහෝදරයන්ට පරිපාලන කොටස් දුන්නා නම් මොකක්ද මහා ජාතීන්ට වෙන අසාධාරණය? ඒ පළාත්වලට ගිහිල්ලා අපි ජීවත්වෙන්නේ නැහැනේ? ඒ ඉඩම් ඒ අයගෙනේ. එහෙම කළොත් ජාත්‍යන්තරෙත් සතුටු කරලා අපි හැමෝටම එකමුතුව සහෝදරත්වයෙන් සංහිඳියාවෙන් ජීවත්වෙන්න පුළුවන්නේ. (නි)
යුද්ධයට පෙර උතුරේ සහ නැගෙනහිර පදිංචිව සිටි සිංහල පවුල් නැවත පදිංචි කරන්නේ කවදාද? (නි)
අනේ අපි උදිත් කියන දේ කරමු ඔයාල කගහන්නේ නැතුව ඉන්න (ම)
සිංහලයාගේ අනාගත අයිතිය වෙනුවෙන් අදහස දැක්වීමට යන කාලයද අපරාධයක් බව මට සිතේ. එබැවින් මින්පසු මම කිසිම අදහසක් දක්වන්නේ නැත (නි)
මේකේ මම දාන ප්‍රතිචාර ප්‍රචාරය වෙන්නේ නේ.. මම එක කුණුහරුපයක් වත් දාලවත් කාටවත් අපහස කරලාවත් නෙවෙයි නම් ඒ පුරවැසි මර්දනයයි ...(ම)
අපේ අය ඔය ඉඩම් වල පදිංචි කෙරුවා නම් නේද හොද?(හේ)
එහෙනම් ඉතින් කමක් නැහැ.(ම)
අවුලක් නේ අනේ..(ම)
අක්කර 11000 ක් දුන්නේ 2014 දී. මේ ආණ්ඩුව බෙදපු අක්කර 8000 ඔප්පුත් හදල තිබුනේ ගිය ආණ්ඩුවෙන්. ඔප්පුවල කවරේ තිබුනේ මහින්ද මහත්තයාගේ පින්තූරේ. දැන් මේ ආණ්ඩුව ලකුණු දා ගන්නවා.(ම)
ඒ මහතාට එහෙම කියන්න කියල කිව්වද දන්නේ නැ (ම)
ඉතාම හොද තීරණයක්... උතුරේ මිනිස්සුන්ටත් තමන්ගේ ඉඩම් වල ජීවත්වෙන්න අයිතිය තියෙනවනෙ... මේ ඉඩම් නිදහස් කරන්න එපා, දිගටම හමුදාව යටතේම තියාගන්න කියන දකුනේ මහත්තුරු ඉස්සෙල්ල තමතමන්ගෙ ඉඩම් පනාගොඩ, බූස්ස වගේ කෑම්ප් වලට ලියල දීල හිටියනම් හොදයි නේද? (ම)
විජයබාහු, ඒ ඉස්සර නිලධාරීන් තමා රජතුමා ලියල දීපු දේවල් ගිරව් වගේ කියෙව්වේ. දැන් තියෙන්නේ නිදහස් රටක්. තමන්ගේ රැකියාව නිදහසේ කරගෙන ඉන්න පුළුවන්.(ම)
කරුණාකර 1980 වසර වනතෙක් තම දරු පවුල් සමග උතුරු ප්‍රදේශයේ ජීවත් වූ සිංහල ජනතාවගේ ඉඩම්ද ඔවුන්ට පවරා දෙන ලෙස ජනපතිතුමාගෙන් හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති නන්දන උඩවත්ත මහතාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. (ස)
ඉඩම් ආපහු දුන්නට කමක් නෑ, එත් හමුදාව පොලිසිය බුද්ධි අංශ වග බලාගන්න ඕන අනවශ්‍ය කල්ලි ගැසීම්, සම්මන්ත්‍රණ, අවි ආයුද ළඟ තබා ගැනීම්, මෙවැනි දෑ සඳහා ඉඩ නොදිය යුතුයි. (ස)
මහින්ද මහත්තය අාපු ගමන් ජනතාවට බෙදා දුන්නේ ජනසතු කලේ එයාගේ අම්ම අප්පා හදපුවද? මහින්ද භීතිකාවෙන් ඉදගන කලින් රජය කර අවසන් නොකරපු වැඩ අලුත් ආණ්ඩුව අාවහම ඉවර කරනවා මිස පැරදුන එකට එන්න කියල ඉවර කරන්න කියනවද? මෛත්‍රීපාල මහත්තය හන්ද මහින්දගේ ෆොටෝ එක එක්ක බෙදා දුන්න. මහින්ද උනානම් ඔය ඔප්පුටික ආයේ ලක්ෂ ගානක් වියදම් කරලා එයාගේ ෆොටෝඑක දාල ප්‍රින්ට් කරලා තව ලක්ෂ ගානක් වියදම් කරලා ලොකු උත්සවයක් තියල බෙදා දෙන්නේ. මොකද වියදම් වෙන්නේ එයාගේ සල්ලි නෙවේනේ. ජනතාවගේ මුදල්නේ. එයාලට අමාරුවක් තියනවය ? (ස)