අනවසරයෙන් ඕස්ට්‍රේලියාවට යමින් සිටි 54 දෙනකු මිරිස්සට නාවුක සැතපුම් 18 ක් ඈත මුහුදේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව නාවුක හමුදාව පවසයි. උතුරු නැගෙනහිර පදිංචි මෙම පිරිස කුඩා යාත්‍රා වලින් මිරිස්ස වරායට පැමිණ එහි සිට රණහංසි නැමැති බහුදින යාත්‍රාවෙන් පිටත්ව ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත. මෙම කණ්ඩායමේ 51 දෙනකු ද්‍රවිඩ ජාතිකයෝය. පිරිමි 36 දෙනකු, කාන්තාවෝ හත් දෙනකු, පිරිමිළමුන් හත් දෙනකු හා ගැහැණු ළමයි හතර දෙනකු මේ පිරිසට අයත් වෙති.
අනවසරයෙන් තම රටට ඇතුළු වන අය ආපසු හරවා යවන බව ඔස්ට්‍රේලියා රජය, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් පුන පුනා ප්‍රචාරය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුන පුනා කිව්වත් අහන්නේ නෑ අපේ රටේ අය (ස)
අපේ රටේ මෙච්චර සංවර්ධනයක් තියෙද්දී මොන එහෙකට පිටරටවලට යන්න දගලනවද මන්දා? (නි)