අද රට වශයෙන් තිබෙන බරපතලම සමාජමය ප්‍රශ්නයක් වූ යහපත් පරපුරක් සෑදිමට බරපතල අභියෝගයක් වී තිබෙන මත්ද්‍රව්‍ය භාවිතය ගැන බැලූ විට උතුරේ තත්ත්වය ඉතා සෝචනීය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දී කීවේය.
‘‘ ලංකාවේ වැඩිපුරම මධ්‍යසාරවලින් ආණ්ඩුවට සල්ලි දෙන්නේ උතුරේ. ඉන් බාහිරව මත්කුඩු මත්පෙති වේගයෙන් උතුරේ සමාජය යටපත් කරගෙන යනවා. දකුණේත් මේ ප්‍රශ්නය තිබෙනවා. කොළඹ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තිබෙන භයානක තත්ත්වය කොතරම් ද කියා අපිට ගැටළුවක්. දෙමළ කතාකරන උතුරේ මවක් කවුරු කොහොම ළමයි බලාගත්තත් වැඩක් නැහැ. ලොක් කරන්න ඕනේ පෙට්ටගම් අල්මාරිවත් නොවෙයි වැඩිහිටියන් පස්සෙන් යැවීමත් නොවෙයි පුළු්න්නම් වෙබ් සයිට් ලොක් කරලා දෙන්න කියා ඉල්ලුවා. අපි මොන විදියේ ආරක්ෂාව දුන්නත් දරුවන් අද අන්තර්ජාලය සමග තියෙන සම්බන්ධය නිසා අද දරුවන් හදාගන්න අමාරුයි කියා අම්මා කිව්වා.
විද්‍යා දියණියගේ මරණය ගැන ඇසූ විට බොහෝ දෙනෙක් කියූ දෙයක් තමයි අන්තර්ජාලයෙන් රූපවාහිනියෙන් දකින දර්ශන බොහෝ වෙලාවට අත්හදා බලන්න මේ තරුණ පිරිස් පෙළඹිලා සිටිනවා. මේ සඳහා මත්කුඩු මත් ද්‍රව්‍ය භාවිතා කරනවා. සමාජයේ වගකීමක් දරණ සියළු දෙනා යහපත් පුවැසියන් හදන්න මේ අභියෝගාත්මක සමාජයේ මහා වැදගත් කාර්යයක් ඉටු කරද්දී සල්ලිවලට ආදරය කරන ජීවිත ගැන නොසිතන සමාජයේ සුළු පිරිසක් මේ වැදගත් මිනිස් සමාජය විනාශ කරනවා. “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වචන ටොන් එකකට වඩා එක වැඩක් වටී (නදී)
ඇත්තටම අද උතුර පමණක් නොව මුලු රටටම ශෝචනීය තත්වයක් උදාවී ඇත. එල්.ටී.ටී යේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ උතුරු මුහුදු තීරයෙන් රට අභ්‍යන්තරයට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කිරීමයි. උතුරේ තරුණ තරුණියන් දැනුමෙන් මොට කර මත්ද්‍රව්‍යයෙන් මත්කොට හැගිම් දැනීම් නැතිකොට ත්‍රස්තවාදය සඳහා පොළඹවා ගත්තේ බෙදුම්වාදී මෙලෙච්ඡ ප්‍රභාකරන්ය. මහින්ද, ඒ මහා සමාජ විරෝධී ක්‍රියාවන් හා මෙලෙච්ඡ ත්‍රස්තවාදීන්ගෙන් උතුර ඇතුලු මුලු රටම මුදා ගන්නා ලදී. පසුව එවැනි දේ සිදු නොවන්නට සමස්ථ දේශයේ ආරක්ෂාව තර කරන ලදී. එය දරා ගන්න බැරි රුපියල් ශත වලට විකුණුන දේශපාලඥයින් මව්බිම පාවාදීමේ මහා පාපකර්මයට කර ගසා මෙරටේ වර්ථමාන හා අනාගත පරපුර අමු අමුවේ මත්ද්‍රව්‍ය රකුසාට බිලිදෙමින් සිටී. එයද ත්‍රස්තවාදය නිමාවෙන් පසු ලොව වේගයෙන්ම දියුණුවන ආසියාතික රටක් වන ශ්‍රී ලංකාව අරාජික කිරීම සඳහා බටහිර හා එක්ව එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව සිදුකරන කේදනීය අපරාධයකි. දැන්නම් මහින්ද නැති රට හඬා වැටෙනු ඇති බව තේරුම් ගන්න ලක් වැසියනි. (නදී)
කතා ඇති. අපිට දැන් ඕනෑ වැඩ (නි)
මේ ඔක්කොටම පේන්නේ උතුර විතරයි. දකුණ ගැනත් හිතන්න (නදී)
දකුණේත් තත්ත්වේ ශෝචනීය තමා. මොකද දැන් ඡන්දෙ ළඟ එන නිසා කට්ටිය උතුරට තමා වැඩිපුර සලකන්නේ. පක්ෂය පාවාදීපු කෙනෙකුට රට පාවාදීම කජ්ජක්ද? බෝම්බ ගිනි මැද්දේ ජීවත් වෙච්ච අපි තමා ඒවා දන්නේ. හුගක් සිංහලුන්ට ඒවා දැන් අමතකවෙලා. (ස)
දැන් කියෙව්වා ඇති. දැන් වැඩ ඕනේ. උතුරට පුදුම බයක් තියෙන්නේ. දකුණ ගැන හිතන්නෙවත් නැද්ද ? (නදී)
ශ්‍රී ලංකාව අරාජික කිරීම සඳහාද ? (නදී)
මුළු රටේම තත්වය ඕක තමයි ජනාධිපතිතුමනි (නදී)
අපේ නායකයින්ගේ කතා පටිගත කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් නැවත නැවත ඒවා වාදනය කර අහන්නකො. ඔබට ඉන් පැහැදිළිවන එක කරුණක් වෙයි. එක එක්කෙනා පුරුදු කරගත් වචන ටිකක් කොතනදීත් මාරු කරමින් කතා කරන එක. මිනිස්සු ඒවා අහනවා. අත්පුඩිත් ගහනවා. නියම කතාව. දෙපැත්තෙන්ම කියවෙනවා. අන්තිමේට එයාලයි අපියි ගෙදර යනවා. බලනකොට මොකුත් සිදුවෙලා නැහැ. අවුරුදු ගානක් ප්‍රායෝගික නොවූ දේශපාලනය ඔහොමයි. පක්ෂ ක්‍රමය පිහිට වූ දා සිට මේ දක්වා ගතවූ කාලය තුළ වෙනත් රටවල් ඉහළට සංවර්ධනය වෙලා තියෙද්දී අපි පමණක් තවමත් සෑම අංශයකින්ම එක තැනමයි. මේ සුන්දර කතා අහන්න යන මිනිස්සු නායකයෝ දැක බලා ගෙන කියන්නේ "කලින් වගේ කළු නැහැ. රත්තරන් පාටයි. පින තමා." අපේ පව තමා කියා කිසිවෙකුට හිතෙන්නෙම නැහැ. (නදී)
දැන් එතකොට කවුද මේවට වග කියන්න ඕනේ? මොකද අගමැති කර්යාලයෙනුත් නිකුත් උන කුඩු කන්ටේනර් නිදහස් කරන්න ලිපි ඒ කාලේ දුන්නා. හැබැයි, මේ කාලෙත් ජනාධිපති උපදේශක තනතුරක් ලැබුණා. (නදී)
වෙබ් සයිට් එකවත් ඉන්ටර්නෙට් එකේවත් වෙනසක් දන්නේ නැති මිනිස්සුත් මෙතන ඉන්නවා. මේ රටේ ගොඩක් බුද්ධිමත් ජනතාව සිටිති. මේ අය අපේක්ෂා කරන්නේ ඔබතුමා වැනි විශිෂඨයින්ගේ දේශනා නොවේ. මන්ද මොවුන් සියල්ල දත් අය වෙයි (නදී)
කොහොමත් දකුණට කලින් උතුර ගොඩදාන්න වෙනවා. මට හිතෙන්නේ හමුදාව ඉවත් කළොත් ප්‍රශ්න ගොඩක් විසඳෙයි කියලයි. (නි)
ඔය එන්නේ පොල් පැලේට. නොයෙක් සමාජ ජාල වලින් තමුන්ටයි ජනමතයක් නැති එජාප ආණ්ඩුවටයි පහර වදිනකොට අන්තර්ජාල අඩවි තහනම් කරන්න කැසකවනවා. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ බලය ලබගත්තෙත් බොරු ප්‍රචාර කරලා කියලා. (නදී)
චමින්ද ඔබ හරි.උතුර ගොඩ දාල, හමුදාව ඉවත් කරලා වැටකුත් ගහල වෙන්කරලා දුන්නම එහෙ ප්‍රස්නේ විසදෙයි. අපි ජීවතුන් අතර ඉන්න තුරු එය එලෙසම තිබෙයි. ඉන් පසුව අපේ දරුවන්ට තවත් පලස්තීනයක් හා ඊශ්‍රායලයක් හිමි වෙයි. (නදී)
ප්‍රශ්නය තියෙන්නේ මත් කුඩු ගෙන්වන බවට ප්‍රසිද්ධ ලොකු ලොකු උදවිය තවමත් හොඳින් වැජඹෙන එකයි. (නදී)
‘ ලංකාවේ වැඩිපුරම මධ්‍යසාරවලින් ආණ්ඩුවට සල්ලි දෙන්නේ උතුරේ." ඔය කතාව නම් පිළිගන්න බැහැ. උතුරේ පළාතේ ජනගහනය ලක්ෂ 10 ක් විතර, බස්නාහිර පළාතේ ජනගහනය ලක්ෂ 50 විතර (2013 සංගණන වාර්තාව අනුව) උතුරේ රා තැබෑරුම් හැර මත්පැන් අලවි සැල් 21 කි. බස්නාහිර පළාතේ රා තැබෑරුම් හැර මත්පැන් අලවි සැල් 359 කි. ( සුරා බදු දෙපාර්මේන්තුවේ වාර්තා වලට අනුව). දකුණේ තත්ත්වය තමා සෝචනීය. (නදී)
දකුණ හදලා නේද උතුර හදන්න වෙන්නේ ? (නදී)
ඕවා අපිට කියන්න එපා. ඕවා නවත්වන්නයි අපි ඔබව පත් කළේ. කරන්න බැරි නම් දේශනා නවත්වල කුඩු කාරයන්ටම පාලනය දෙන්න. මේකට සම්බන්ද ප්‍රදාන දේශපාලකයා ආරක්ෂා කරන්නේ කව්ද ? කෙලින්ම ජනතාවට කියන්න (නදී)
62 ලක්ෂයෙන් වැඩි ඡන්ද ඔක්කොම උතුරෙන්, නැගෙන හිරින් සහ දෙමල මුස්ලිම් ජනයා වැඩිපුර වෙසෙන ආසන වලින් ජනතාව ඡන්දය දුන්නේ. ජනපති කෙනෙක්ට එහෙම නැතිව සුළු තරයක් ඇති එජාප ආණ්ඩුවකට නොවේ (නදී)
උතුරේ හා දකුණේ දෙපසම ඉන්නේ අපේම දරුවන්ය. ලංකාවේ අනාගතය සදහා ඔවුන් පමණි ඉන්නේ. අන්තර්ජාලය පාලනය කලයුතුනම් එය කළ යුතුය. ලෝකයේ සමහර රටවල් එය තනටමත් කරනවා. මත්ද්‍රව්‍ය පාවිච්චිය ප්‍රශ්නයනම් නිතිය වෙනස්කළ යුතුය. මරණිය දඩුවම සමහර රටවල මත්ද්‍රව්‍ය පාලනය සදහා ඇත. පොඩි ළමයාගේ ඉඳල ඔවුම් මේ ගම දැනුවත් කළ යුතුය අගාමහා ධර්මය මේ සදහා ඉවහල්වේ.(බ)
විධායක බලය ඇති ජනාධිපති මෙහෙම කියන්නේ මේවා පාලනය කරන්න බැරි බවද කියන්නේ ෆොන්සේකාට බාර දෙන්න මාස දෙකෙන් කරලා දේවි සිරිකොත බිම් මහල පරීක්ෂා කරලා බලන්න පුලුවන්නම් බුදු පිළිමය තිබුන තැනට වඩම්ම වන්න (බ)
බොරුවට උතුර ගැන කදුළු හලනවා ඡන්ද බලාගෙන ඇයි දකුණේ කුඩු නැද්ද ඒ කුඩුගේන අය ඇල්ලුවද වෙලේ සුදට මොකද උනේ ඇල්ලුවෙත් ඝෝටා ගේ මෙහෙයුමකට (බ)
හැරෙන්නේ පොල් පැලේ කන්න කියල අපි දන්නවා. නම වෙනස් කරගන්න මෛත්‍රියම් කියලවත් උතුර එතකොට හරියයි. (බ)
ආයුධයෙන් කරන්න බැරි දේවල් මොලෙන් කරන්න ඕන. කෙසේවෙතත් සුද්දා සිංහලයව කෑවේ විස්කි බෝතලෙන්, එතකොට දැන් අපි ඒවගේ උපායවල් දන්නා ඕන නේද? මොකද ලෝකය දැන් සිංහලයාගේ වැරදි හොයන්න බලන් ඉන්නේ. මේක තේරෙන්නේ නැති සිංහලලු ඇඟිල්ල අපේ පැත්තටම දික්කරගන්නවා (බ)
සුරන්, දන්නවද හේතුව? දකුණේ සුරාබදු වැඩි හරියක් අයිති දේශපාලඥයින්ට සහ ඔවුන්ගේ සගයින්ට. ඒ අය ආණ්ඩුවට සල්ලි ගෙවන්නේ නැහැ පුලුවන්නම් ආණ්ඩුවෙන් ගන්නවා මිසක්.(නදී)
විධායක බලය තිබෙන ජනපති අපිට දේශනා පැවැත්තුවාය කියලා මේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. එක්කෝ වැඩක් කරලා ඉවර වෙලා කියන්න මම මෙහෙම දෙයක් කළා කියලා. (නදී)
මුළු ලංකාවේම තත්වය සෝචනීයයි (බ)
කිසිම වැඩක් නොකරන, දේශනා පමණක් පවත්වන ආණ්ඩුවකින් අපිට ඇති වැඩේ මොකක්ද? පාර්ලිමේන්තුවේ අය පින් බත් කකා පඩි ගන්නවා (නදී)
‘‘උතුරේ තත්වය සෝචනීයයි“ දකුණේත් රටෙත් තත්වය අති සෝචනීයයි.(නදී)
වයිමන්, සුද්දා සිංහලයාව කෑවේ විස්කි බෝතලෙන් ඒ නිසා අපිත් සුද්දාගේ අඩි පාරේ යමු කියලද අදහස් කලේ? එතකොට දැන් ඔබ කියන විදියට ලෝකයා සිංහලයාගේ වැරදි හොයන්න නම් ඉන්නේ එහෙම කිරීම වරදක් ලෙස දකින එකක් නැද්ද? (නදී)
අපේ තත්ත්වයත් එහෙමම තමයි (නි)
දකුණ පෙනෙන්නේම නැද්ද? (නි)
අනික් දේශපාලුවෝ වගේ අත පය විසි නොකර අඩි පොලවේ හප්පන් නැතිව ඉවසීමෙන් කියන කතාව අහන් ඉන්න පුළුවන් සිතට සාන්ත බවක් දැනෙනවා (නදී)
කදුළු පිහදගන්න ලේන්සුවක් තියනවද? (නදී)
විශේෂයෙන් ලංකාවේ කාන්තාවන්ගේ තත්වය ඉතා සෝචනීයයි තව කියව, කියව ඉන්නකෝ. අපිට කියල වැඩක් තියෙනවද? ඔබතුමා තමයි ඕව විසදන්න ඕනේ. (නදී)
ඕක ගාල්ලේ මොකද කියන්නේ උතුරේ අයට කියන්න. (ර)
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පුටුවේ වාඩි උනහම ඇති. වැඩ ඔක්කොම හරියට කෙරේවි. (නදී)
ගොනා පිදුරු කන්න දන්නෙත් නැහැ, කන ගොනාට දෙන්නෙත් නැහැ.(නදී)
මහින්ද මේ වෙනකම් හිටියනම් ඔය ප්‍රශ්නයත් විසඳලා ... කොහෙද ඉතින් අපේ රටේ ය හදිස්සි වුණානේෙ අපි ආපස්සට හැරී වරද නිවැරදි කරමු මේ පර මහා මැතිවරණයේදී (ම)
අඬන බබා. (ස)
ඔබතුමාගේ තත්වය ඊට වඩා ශෝචනීයයි (නදී)
අර කට්ටිය හිටියා නම් කුඩු මුළු ලංකාවම ගිල ගෙන අවසානයි (නදී)
පිවිතුරු යහපාල මහත්තයෝ, මහින්ද ලක්ෂ 58ක් ගත්තේ රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සුන්ව එයාගේ චන්ඩි බයියෝ දාලා බයගන්වලා. එයා අයෙත් ඡන්දෙකට ආවොත් වැඩිම වුනොත් ලක්ෂ 40ක් ලැබේවි. (නදී)
ඔබතුමා කළයුතු දේ තේරුම්ගෙන ජනතාව කළයුතු දේ කියන්න. (නි)
ජනාධිපති තුමනි, ඔබ තුමාට ප්‍රමාද වී හෝ උතුර ගැන කල්පනා උනු එක රටේ වාසනාවක්. ලංකාවට නිදහස ලැබුණු පසු උතුරේ අහිංසක ජනතාව ජීවත් වුනේ කල්ලතෝනින් නමින් හැඳින් වුනු පාතාලයන් ගේ බලයට යටත්වයි. ඉන් පසු එල්.ටී.ටී.ඊ ත්‍රස්ත බලයට යටත්ව ජීවත්වන්නට ඔවුන්ට සිදු වුණා . ඇත්තෙන්ම ඔවුන්ට සැබෑ නිදහස ලැබුනේ රජයේ හමුදා උතුරේ සැරිසරන්නට වූ පසුයි . නමුත් එය උතුරේ රජකරගෙන සිටි මැරවරයන්ට සහ ජරා දේශපාලකයින්ට විශාල කරදරයක් වුණා . ඔවුන්ට නැවත බලය පැතිරවීමට නම් උතුරෙන් ආරක්ෂක හමුදා ඉවත් කල යුතුයි . හමුදාව කඳවුරුවලට සීමා කිරීමේ විපාක අහිංසක පාසල් දැරිය ගේ සිද්ධියෙන් පසුවවත් ඔබට වැටහුනේ නැතිද ?. දෙමාපියන් මැරවරයන්ට එරෙහි වීමේ ප්‍රතිපලය අහිංසක දියණියට ප්‍රසිද්ධියේ වූ අපරාධයයි. ආරක්ෂක හමුදා උතුරේ ආරක්ෂක වැඩ පිළිවලක් ක්‍රියාත්මක කර තිබුනා නම් මෙය මෙසේ නොවන්නට තිබුනා . ජනාධිපතිතුමනි, වහාම කල යුතු වන්නේ නැවතත් උතුරේ ආරක්ෂාව තර කරවීමයි. උතුරේ අහිංසක ජනයාට තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට හැකිවන තෙක් ඔවුන්ව ආරක්ෂා කලයුතුයි. නැතහොත් පසුගිය සමයේ ඇතිවූ භීෂණය නැවතත් ශ්‍රීලංකාව ගිලගනු නියතයි (නදී)
ඒ නිසාද තව තව තවත් වයිෆයි කලාප රටපුරා නිදහස් කරන්නේ?
නිකන් විහිළු කතා කියන්නේ නැතුව ඉන්න මහත්තයෝ කවුද මෙව්වට වගකියන්න ඕනේ. (ර)
සත්‍යා මහත්තයට ඉතින් වාතයක් පිට උනත් මහින්ද මහත්තයා තමයි වැරදි. (ර)
මේ රටේ බුද්ධිමත් ජනතාව අපේක්ෂා කරන්නේ දේශනා වලට එහා ගිය ස්ථාවර කඩිනම් ප්‍රායෝගික විසඳුම්ය. (නි)
උතුර සෝචනීයයි...උතුරුමැද අලංකාරයි...කඳුරට සුන්දරයි...දකුණ අහංකාරයි...මැදරට මනහරයි ...ලංකාවම මහා භයංකාරයි....වරද අහිංසක ඡන්දදායකයෝ. පිළිලය දේශපාලුවෝ.... (නි)
ඇත්ත. උතුර ගැනත් අපි සොයාබැලිය යුතුයි (නි)
ඔබතුමා ගැන අපිට විශ්වාසයි (නි)
ඡන්දෙ ළංවෙනකොට අපි කියපුවා අපිටම අහන්න වෙලයි දැන් තියෙන්නේ (නි)
දැන් එතකොට දකුණේ අය උතුරට ගිහින් මත්ද්‍රව්‍ය විකුනනවාද? (ර)
විජයබාහු මහතාණනි ඔබතුමා දන්නේ නැත්තනම් ඔබතුමාගේ දැනගැනීම පිණිස සටහන් කර තබමි, මෙවාට වගකියන්න ඕනේ හිටපු ජනපති (ම)
මම නම් මතු ආත්මයේ කළගුණ නොදන්නා නරුමයන් වැඩි මේ සිරිලක නොඉපදේවා! (නි)
ගරු ජනාදිපතිතුමනි, ඔබගේ කතාව කියවීමෙන් මට මෙවන් අදහසක් කීමට ඇත. 2015 ජනවාරි 9 වන දින ශ්‍රී ලාංකික ජනතාව ඔබ තුමාට බලය ලබා දුන්නේ එවකට රටේ පැවතී අවනීතිය හා විනාසයන් මෙන්ම මත්කුඩු හා මත් වතුර මෙන්ම අන්තර්ජාලය හරහා සිදුවන ව්‍යසනයන් හා විනාසයන් වලට විසඳුමක් ලබා ගැනීමේ අරමුණිනි. ඒවා රටේ කොයි පළාතක සිදු උවත් පොදුවේ එය රටටම බලපානු ඇත. මෙවන් විනාශකාරී නොමිනිසුන් සඳහා දඩුවම් කළහැකි බලසම්පන්න නීතියක් රට තුල ගොඩ නොනගන්නේ කාගේ උවමනාවටද? රට තුළ ඇති මත් ද්‍රව්‍ය ඇතුළු සියලු ව්‍යශනයන් පාලනය කිරීමට රේගුවට පමණක් කල නොහැක. නමුත් රටේ නීතිය බල සම්පන්න නම් එය නිසිලෙස ක්‍රියාවේ යොදනවා නම් කිසිවෙකු මේ සඳහා ඉදිරිපත් නොවනු ඇත. මන්ද කුඩු වෙළදාම ළඟ තබා ගැනීම, ආනයනය බෙදා හැරීම වැනි වරදවල් සඳහා වසර ගණනාවක් උසාවි තුල නඩු පල් නොකර ඒවාට නිසි දඩුවම වන මරණ දණ්ඩනය ක්‍රියාත්මක කලානම් මෙය වේගයෙන් පාලනය කල හැක. කුඩු කිලෝ 100 සමග අසු උවත් ග්‍රෑම් 2 අැතිව අසු උවත් ඔහු වසරකින් දෙකකින් යලි සමාජ ගතවනු ඇත. යළිද ඔහු කරනුයේ හා සිරගතව සිටින කාලයේ එයතුල සිට මෙහෙය වන්නේ ද මෙයමයි මෙය උවදුරක් නොව ත්‍රස්තවාදයක් සේ සලකා එය විනාශ කිරීමේ බලය ඇත්තේ ඔබ තුමාටයි. අන්තර්ජාලය කටයුතු පහසු කරනවා සේම සමාජය විනාස කරන කාර්යද හොදින් කරනු ලබයි. අන්තර්ජාලය අවැසි ආයතන වලට හා අවැසි වෙබ් අඩවි පමණක් රටතුල පරිහරණය සදහා අවසර දුන්නා නම් මේ විපත් පාලනය කල හැකිවනු ඇත. මිනී මරුවන්ට මැර කණ්ඩායම් වලට නිසි දඩුවම් දෙන්න (නදී)
ස්ත්‍රී දුෂකයන්ට, මත් කුඩු විකුණන හා බෙදාහෛරින්නන් හට, මනුෂ්‍ය ඝාතකයන්ට එල්ලුම් ගස වහාම ක්‍රියාත්මක කරන්ඩ. අල්ලස් ගන්න සෑම නිලධාරියෙක්ම අවම අවුරුදු 15 කට හිරේ යවන්ඩ.(නදී)
ඔව් බන්දුල පෙරේරා, එතුමනේ උතුර කොටියාගෙන් නිදහස් කලේ. එ්කේ පලවිපාක කියලද ඔබ තුමා කියන්නේ. අපරාදේ ඔබ තුමා ඒ කලේ බෝම්බෙකටවත් අහු උනේ නැත්තේ.(නදී)
කොටකෙතන ඝාතන ගැන මොකක්ද ගන්නා පියවර කියලා දැනගන්න කැමතියි (නි)
වෙබ් සයිට් ලොක් කරලා තිබුණා නම් ඡන්දෙදි තත්ත්වය වෙනස් වෙන්න තිබුණා (නි)
අනේ මන්දා මහත්තයෝ මේවා! (නි)
"මහින්දට ශ්‍රීලනිප නාම යෝජනා නොලැබෙන...." මහින්ද කවුද කියලා හිතාගන්න මේ සිද්ධිය හොඳටම ප්‍රමාණවත්. කිසිම ලැජ්ජාවක් නැතුව හිටපු තනතුරේ ගෞරවය රකින්නෙත් නැතුව හිටියාට වඩා පහළ තනතුරක් වෙනුවෙන් කරන මේ යාදිල්ල මොන තරම් ලැජ්ජාසහගතද? 62 ලක්ෂයක ශ්‍රී ලාංකීය ජනතාවක් ඔහුව ප්‍රතික්ෂේප කර තිබෙද්දිත් එය තුට්ටුවකටවත් නොසළකා කරන මේ වැඩේ මොකද්ද? (නි)
ඔබතුමා කියන්නේ ඇත්ත තමයි. අපිත් එකඟයි (නි)
කතාව නම් සහතික ඇත්ත (නි)
මුළු රටේම තත්වය සෝචනීයයි. (නි)
ඔබතුමා ගන්න ඕනෑම තීරණයකට ජනතාව එකඟයි (නි)
කරනවා නම් ඕනෑතරම් වැඩ තියෙනවා කරන්න.පොදුජනයා නම් දන්නවා කරන්න ඕනෑ දේ. (නි)
සත්‍ය මහත්තය යන්නේ කොහෙද මල්ලේ පොල්. කොහොම උනත් ඔබ තුමා කියන විදියට පැරදුනු පලියට දේශපාලනයෙන් ඉවත් වෙන්න ඕන කියල නීතියක් කොයි පොතේද තියෙන්නේ. එතුමාව 62ක් ප්‍රතික්ෂේප කලා.. එ්ත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් ප්‍රමුක සන්ධානයේ ලක්ෂ 58ක් ජනතාව එතුමාව පිළිගත්තා. එයාල මයිත්‍රී මහත්තයව පිළිගත්තේ නැහැනේ. කොහොමද එයාලගේ කැමැත්ත මතය.(නදී)
කරපු විනාසේ වහගන්න මොනවා හරි කියන්න . (නදී)
කවදද පාර්ලිමේන්තුව විසුුරුවා හරින්නේ ? අපට දිනයක් දෙන්න. (නදී)
සිංහලයෝ පොල් බුරුවෝ නොවෙයි (නදී)
සිංහලයා මෝඩයා - කැවුම් කන්න යෝදයා (නදී)
මේ තීරුවේ කියමන් කියවා බලද්දී අමුතු තාලේ කතාවක් - සත්‍ය යතාර්ථය ලියු නිහාල් ජයවර්ධනගේ සටහන මගේ සිත් ගත්තා. කට කොනකට සිනහවක් නංවන ගමන් නිහාල් සමස්ථ ජනතාවම කාරුණිකව සමච්චලයට ලක් කරනවා. අපිට අපේ දේශපාලන දර්ශනය වෙනස් කර ගන්න ඒ සටහන ලොකු උදවුවක් කරනවා වගේ. (අ)
උතුරත් සෝචනීයයි දැන් දකුණත් බාගෙට සෝචනීයයි. දකුණේ දැන් ලෙඩ්ඩු වැඩ්යි. කෝ අර සම්මත කර ගත්තයි කියන ඖෂධ ප්‍රතිපත්තිය? අනේ මන්දා දැන් හැම එකක්ම බාලගිරි බුවල්ලට යට වෙලා වගේ. (නදී)