උතුරේ පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ පවත්වන බවත් ඒ සඳහා නැකත් හදා ඇති බවත් මහින්ද රාජපක්ෂ ජනපති වැලිඔය සම්පත් මධ්‍යස්ථානයේ දී අද ප්‍රකාශ කෙළේය.
‘මගේ ජ්‍යොතිශාත්‍රාඥයන් මට හදා දෙන්නේ දිනන වේලාවන් යැයි ද ජනපති කීවේය.
1987 පළාත් සභා පිහිටුවීමෙන් පසු උතුරුට ඡන්දයක් පවත්වන ප්‍රථම අවස්ථාව මේ වසරයි.
පිට රටින් සල්ලි එනතුරු බලා නොසිට මේ රටේ සල්ලිවලින් ජනතාවට වැඩ කරන ලෙස ද ජනපති නිළධරයනට උපදෙස් දුන්නේය.
මහවැලි ඉඩම් ඔප්පු බෙදා දීමේ උත්සවයේ දී ජනපති මේ බව පැවැසුවේය.
විදුලි බිල ගැන සඳහන් කරමින් ජනපති පැවැසුයේ සිගරැට් මිල වැඩිකළ විට කිසිවක් නොකියන අය විදුලි බිල වැඩිවු විට මැසිවිලි නඟන බවයි. සිගරැට් මිල වැඩි කළත් විකිණීමේ අඩුවක් නැතැයි ජනපති සඳහන් කෙළේය.
වී අලෙවි මණ්ඩලය වී මිලට ගැනීම ගැන සඳහන් කරමින් ජනපති කීවේ රජය වී මිලට ගත යුත්තේ ගොවියන්ගෙන් පමණක් බවයි. එහෙත් මුදලාලිලා අඩුවෙන් වී මිලටගෙන ගොඩ ගසාගෙන පසුව ගොවියාට මුවා වී වැඩි මිලට විකුණන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපහු සැප්තැමිබර් 11 එනවාද ?(නදී)
මොන දේවල් වුණත් වැඩි පිරිසක් හුරේ දානවා. අතීතයේ ලොවම විශ්මයට පත්කළ මේ අභීත විශිෂ්ඨ ජාතියට මෙතරම් පරිහානියක් අත් වූයේ කොහොමද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ඔප්පු බෙදන්ටත් ලොක්කන්ට අරාදනේ කරාද අර සුද්දෝ. ඉතින් ප්‍රදර්සන වාදේ ගැන කිවම කියන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා. අනේ සර් ඔය සංදර්සන වලට යන සල්ලි වලින් විදුලි බිල අඩු කරන්න.(නදී)
ගිය අවුරුද්දේ ආයතන පහක පාඩුව කෝටි 18500. වැඩිම පාඩුව විදුලි බල මණ්ඩලේ. මේවා අපි කරපු දෙයක්ද අපෙන් අල්ලන්නේ.(නදී)
සර් සේනාවයි රාවයයි තහනම් නොකරන්නේ ජාති වාදී කතා කියල මේ වගේ ප්‍රශ්න ආණ්ඩුව වෙනුවෙන් අමතක කරවන නිසා නේද?(නදී)
මත්තල ගිහින් කෑම කනකොට මට හිතුන ඔහොම දෙයක් කියයි කියල. ඈයි මීට කලින් මේවගේ දේවල් කියනව අහල නෑත්ද?(නදී)
ලයිටුයි...සිගරට්ටුයි..අදුනන්නෙ නෑ කිව්වහම ඉතින්.(නදී)
කට්ටියට සුභපැතුම්
අනේ පව් අපේ ජනාදිපතිතුමා මොකද දැන් මේ වෙන්නේ ඔයාට දිනන්න ගොඩක් අමරුවේවි.(නදී)
ජයම්පති ,චූලා, විරාජ් මම එක ඡන්දයක්වත් කාටවත් දීල නෑ මේ වෙනකම්. අවරුදු අටක් විදෙස් ගතවෙලා අඛණ්ඩ ලෙස විදේශ විනිමය මගේ මව් බිමට යවනවා. ඒ සල්ලි වලින් තමයි ලොකු ලොක්කෝ රට වටේ තෑගි බෙද බෙදා යන්නේ. ඔයාලත් ඔය හන්දි ගානේ බෝක්කු උඩට වෙලා ඉන්නැතුව තමන්ට පුළුවන් දෙයක් කරන්න බලන්න.(නදී)
පිනට කන්ඩ බලාගෙන ඉන්න එපා. මහ පොලොවටත් බරක්. ලංකාවේ රාජ්‍ය සේවය අන්තිමයි. ගොඩක් දෙනා වැඩක් කරන්නේ නෑ. එයාලගේ පඩිත් විදෙස් ගත අපට ගෙවන්න වෙලා. මොවුන් ඔක්කොම අපට නයයි.(නදී)
විනාස කාලේ විපරීත බුද්ධිහ්!
ජනතාවගේ සාමාන්‍ය ජිවිතේට කරන්ට් එකයි සිගරට්වල තියන වෙනසයි ඇදුරන් නැති අයව මේ පාරත් පත්කරන්න කියලා මම කියනවා. රටට සුභ අනාගතයක්!(නදී)
කියන්න ගොඩක් දේවල් කටට එනවා අපි පිටරටටම වෙලා ඉන්නම් මොකද ආණ්ඩුවටත් එක්ක හම්බ කරන්න එපැයි.(නදී).
සිගරට් මිල වැඩි කලත් අරක්කු මිල වැඩිකලත් වැඩි කළත් ලංකා ඉතිහාසයේ පිකටින් කරලත් නැහැ. පෙළපාලි ගිහිනුත් නැහැ. (නදී)
ජිනීවා යනකොට මේ නැකත්කාරයෝ හිටියේ නැත්තේ දඹදිව වන්දනාවේ ගිහින් වෙන්න ඇති.(නදී)
සදරුවන් පුතේ ඔය ලයිට් බල්බ් එක ගලවල ගනින්කෝ මගේ සිගරෙට්ටුව දල්වා ගන්න.(නදී)
චන්දුගේ කතාව හරියටම හරි. දැන්නම් ලංකාව එපාම වෙලා තියන්නේ. අපේ ලස්සන ලංකාව මේ දේශපාලඥයෝ විනාශ කරලා. (නි)
ඔබ තුමා දිනන වෙලාව කෙසේ වෙතත් රට දිනන වෙලාව බැලුව නම් හරි.(නදී)
සිගරට් එකයි විදුලි බිලයි ජනතාවට බලපාන විධිය දන්නේ නැති මිනිස්සු රටේ පාලකයෝ උනාම මෙහෙම අසාධාරණ ගාස්තු වැඩිවීම් නොවී තියෙයිද?(නදී)
සිගරට් මිල වැඩි කිරීමත් විදුලි බිල වැඩි කිරීමත් සමාන කරන්න පුලුවන්ද? නියම තර්ක. (නදී)
ජයවේවා
මෙයින් පෙනීයන්නේ මේරට පාලනය කරන්නේ සාස්ත්‍රකාරයින් බවයි. (නදී)
ජනපතිනි ඔබ තර්ක ශාස්ත්‍රය දන්නේ නැහැ වගේ. සිගරට් වැඩ්වීමයි විදුලි බිල වැඩිවීමයි සසදන්නේ කොහොමද? මර්වින් මහත්තයා කිව්වොත් ඉවසන්න පුළුවන්. මොකද ඒවා ගණන් ගන්නේ නැති නිසා.(නදී)
මෙන්න අළුත්ම සොයාගැනීමක්. සිගරට් = විදුලිබලය. (නදී)
කොහොමද ටිකිරි මොලේ ? විදුලි බිල වැඩිවීම සමස්ත ආර්ථිකයටම බලපාන හැටි සරලවම කියන හැටි. අහෝ ඛේදයකි.(නදී)
එහෙනම් සිගරැට්ටුවක් රු. 100ක් කරලා විදුලි බිල අඩුකරමුද? (නදී)
සුවර්ද මේවා කීවෙ අපේ ජනාධිපති තුමා කියලා? (නදී)
නැකත් හැදුව බවක් නම් දැන් දන්නේ. උදයන් පත්තරේට ගහල වැඩ අල්ලපු බව නම් දන්නවා. සිගරට් වැඩිකරන විට මැසිවිලි නගන්නේ නැත්නම් එක වැඩි කරනවා අහවල් එකටද මිනිස්සු මැසිවිලි නගන ඒවා වැඩි කරන්නේ. රජය වී මිලදී ගත යුත්තේ ගොවියනේගෙන් මුදලාලිලාගෙන් නෙමෙයි.(නදී)
ජනාධිපති ගේ ඔක්කොම හොඳයි. අපරාධකාරයන්ට නීතිපති උපදෙස් දෙන එක තමා වැරදි.(නදී)
අපරාදේ ජ්‍යෙතිස්‍ය සාස්ත්‍රාඥයින්ටම දුන්න නම් හරි රට පාලනය කරන්න. ඕනවට වඩා අහංකාර වෙලා හිටි නායකයෝ පැරදුන හැටි අපි දැකලා තියෙනවා.(නදී)
කණගාටුව සිගරට් නොබොන කාන්තාවන් දරුවන් මේ මිල ඉහල දැමීමෙන් අසරණ වෙන බව නොතේරෙන එකයි වැඩේ.(නදී)
ඒ වුණාට නොරොච්චෝලේ කී පාරක් කැඩුනද? (නි)
දිනන එක අපිත් දන්නවා. ජය වේවා!(නදී)
ජනාදිපති තුමා හරි. ඡන්දේ දිනන හැටි එතුමා දන්නවා.(නදී)
වැරදියි පුතේ වැරදියි නුඹ යන පාර... දරුණුයි පුතේ දරුණුයි වද අවිචාර... නුඹ ලබනවානම් මේ වදයෙන් මිහිර... මරපන් මරණ එක අපි සැම එකපාර... (නි)
ජනාදිපති තුමනි විදුලිය සහ සිගරට් සමාන කමක් නැහැ ,රටෙන් 75% සිගරට් බොන්නේ නැහැ එත් විදුලිය 80% පාවිචිචි කරනවා. ඔබ තුමා ජනතාව මෝඩයට අන්දනවා.(නදී)
ජනපති තුමනි. ලොකු ලොක්කෝ පමණක් නීති පති උපදෙස් මත නිදහස් වෙන රහස අපටත් කියා දෙන්නන.
සදරුවන් ඔක්කොම හොදයි කියන්නේ ඔක්කොම බලල වගේ. මේ කතාවලට අපි අප්පුඩි ගගහ අහන් ඉන්නවා. අනේ රටකට ගිය කලක් සිගරට් කියන්නේ අත්‍යවශ්‍ය භාන්ඩයක්නේ.(නදී)
ජ්‍යොතිශාත්‍රාඥයන් කීවෙ නැදද දන්නේ නැහැ අපල කාලය ආවම මේවගේ දේවල් කියනවා කියලා?(නදී)
සිගරැට් මිළට අපි මුකුත් කිවුවේ නැහැ වගේම මැති ඇමතිවරුන්ට දෙන දීමනා අඩු කළොත් ඒකටත් අපි මුකුත්ම කියන්නෙ නැහැ. (නි)
සිගරට් මිලට විදුලි බිල සමාන කරලා සහේලි නංගි ගයන්නකෝ තව ප්‍රශස්තියක්.(නදී)
මේක බලල මගේ හිතට ආපු අවංකම අදහස් ඔබතුමාගේත්, පව්ලේ අයගෙත් ඇමති බබාලගේත් යහපත සලකා මෙහි පල නොකරන බව කරුණාවෙන් සලකන්න.(නදී)
සිගරට් වලට විදුලිය සමාන කරලා. මොලේ ගැන නම් ගොඩක් සතුටුයි. ලංකාව ආසියාවේ අස්චාර්ය වෙන එක නම් දැන් හොදටම විස්වාසයි.(නදී)
මහින්ද චින්තනේ බලකාමය.(නදී)
මෙන්න උතුරේ අපේ සහෝදරවරුන්ගේ අපි සමග සාමයෙන් සිටීමේ කැමැත්ත දැනගැනීමට හොඳ අවස්ථාවක්. දිනන්නේ කවුද කියලා බලමු. (නි)
ගරු ජනපති තුමනි, මම ඔබ තුමා ගැන ඉතා කණගාටු වෙනවා. සිගරට් ඕන අය බීපුදෙන්. එත් විදුලිය එහෙම කියන්න පුලුවන්ද?(නදී)
අන්න සදරුවන් ඇමරිකාවට බැන බැන ඇමරිකාවෙන් නයට ඉල්ලලා පොරකන, යුද්දෙන් පස්සේ ඇමරිකාවේ ට්‍රිප් ගිය, බඩේ කැක්කුමට බෙහෙත් ගන්ටත් ඇමරිකාවට දුවන, දරුවෝ ඇමරිකාවේ ඉගන ගන්ට ඇරපු පාලකයෝන්ට කඩේ යනවා නෙවේ දුවනවා.(නදී)
පළමු වෙඩි මුරේ උතුරෙන් පත්තු වේවිද බලමුකෝ. (නි)
පාන් බැරි නම් කේක් කාපන් කිව එකේ අනික් කතාව.(නදී)
නයට ඉල්ලලා දෙන්න බෑ කිවම කියනවා ගිහිල්ලම එපා කියලා ආවා කියලා. ඒ නිසා නිසා විදුලිය වැඩිකරද්දී දුම්වැටි ගැන කියනවා. එතකොට තිතට මත වියපෘතියට ගිය කෝටි ගාන අපරාදෙනේ. අයි සර් අපට කොලේ වහන්නේ.(නදී)
දුම්වැටි අඩු නැතිව විකිනෙනවා. ඇමති මන්ඩලෙත් මදි නැතිව ලොකු වෙනවා. ගසා කන එකත් නැති වෙන්න ගසා කනවා.(නදී)
මේ දවස් වල අමරකවේ පත්තුවෙච්ච බොම්බේ දුමට සදරුවන්ට කැස්ස. එයා කහිනකොට පාලකයෝ හොදට ගෙවනවා. (නදී)
සදරුවන් මල්ලි අරක්කු බාගේටයි බත් පැකට් එකටයි අමතරව තව මොනවද ලැබුනේ. විදුලිය නිකන් දෙන්නම් කීවද ඔයාට.(නදී)
මනෝජ්, නොරොච්චෝලේ කැඩෙන්නේ අපේ අය නව තාක්ෂණික මෙවලම් ක්‍රියාත්මක කරගන්න නොදන්නා කමින් කියලා චීනය කියනවා. අපේ අධ්‍යාපන ක්‍රමේ පරනයිලු. (නි)
දෙයියෝ සාක්කි!! මේ රටේ මුදල් අමාත්‍යවරයා කියපු කතාවක් නේද? සුබ අනාගතයක්!!(නදී)
කෝ අර කෝකටත් කෑගහන බෟද්ධ කට්ටිය. බෟද්ධයන්ට සාස්තර ගැන විස්වාස කරන්න බෑ නේද බුදුහාමුදුරුවෝ කිවේ නෑ නේ මෙහෙම දේවල් .(නදී)
ඔබතුම නිලදාරියෝ, ඉන්ජුනේරුවෝ, දොස්තරලා, ජනතාවට වඩා විස්වාස කරන්නේ සාස්තර කාරයෝද. විදුලි බිල අඩු වෙන දවසක් එහෙම කියල නැද්ද.(නදී)