ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත උතුරු පළාත් ඡන්දයට තරඟ නොකරන බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් යාපනේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.
‘අපි ඒ ඡන්දයට එන්නේ නැහැ. ආවොත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධන පිළිගත්තා වෙනවා. එම සංශෝධනයෙන් දෙමළ ජනතාවට නිසි බලය විමධ්‍ය ගත වී නැහැ. ඒ නිසා පළාත් සභාවට තරඟ කරන්නෙත් නැහැ. දෙමළ ජනයාට නිසි ලෙස බලය ලබා දෙමින් ගෞරවය හා අයිතිවාසිකම් සුරැකෙන බලය බෙදීමක් අවශ්‍යයයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුන්නත් වැරදියි නොදුන්නත් වැරදියි. අනේ මන්දා මොනවා කරන්නද කියලා. (නි)
උතුරේ ඡන්දය වර්ජනය කරලා කොටි නැත්තටම නැති වුණා. මෙගොල්ලොත් ඒ වගේ අනා ගන්න තමයි යන්නේ. (අ)
එන්නත් එපා ඔයාලා. (නි)
මෙයාලට තේරෙන්නෙ එකම බාෂාවයි වගේ...(ස)
ඒ කියන්නේ පළාත් සබා සියල්ල අහෝසි කරනවද? (නි)
දේශපාලනය එපාද එහෙනම් තමිල්නාඩුවෙ ගිහින් කරවල ටිකක් ගෙනත් මෙහෙ විකුණන්නකො..(ස)
මෙයත් මොනවාදෝ ඉල්ලනවා වගෙයි පේන්නේ..!(නු)
කොටි ඩයස් පොරවේ සල්ලි වලින් යැපෙන ඔබ වෙන මොනවා කියන්නද? (අ)
ඉල්ලන්න බැරි නම් ,අර තමිල්නාඩුවට ගිහින් ජය ලලිත්ත්ට එකතු උනානම් ඕන තරම් පරිප්පු කන්න පුළුවන් (අ)
ආවට ඉතින් ....(ස)
උතුරේ ඉන්න සාමාන්‍ය දෙමල ජනතාවට කරදරයක් නැතිව ජීවත් වෙන්න වැඩපිළිවෙලක් හදලා දියයුතුයි. (නි)
යන්න අනේ යන්න.(ස)
මේ සැරේ ඡන්දෙට අපිත් යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන් ඡන්දෙට එන්නේ නැහැ කියලා අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. (නි)
මම නම් එනවා. එයා නාවාට කමක් නැහැ. (නි)
ඔය කාපු බීපු වෙලාවට කියන කතා කවුද විශ්වාස කරන්නේ? ඡන්දෙට නාවොත් අපිට පාඩුවෙයි. (නි)
තමිල්නාඩු ගිහින් ඉල්ලගන්න..!!!(නු)
මේ වගෙ මිනිස්සුන්ට අපේ රටේ තවත් ඉන්ඩ දෙන එක තමයි වැරැද්ද..(ස)
මෙයාට මොන දඩුවම දුන්නත් මදිනේ අනේ..!(නු)
ලංකාවේ දේශපාලනයෙන් අයින් වෙලා තමිල්නාඩුවට එකතු වෙන්න අප්පා අපිට කරදර නොකර.(ස)
මස් කුට්ටියම තමයි ඉල්ලන්නේ..(නු)
කොහොමත් ආවත් වෙන දේ දන්නවනේ. (නි)
සිංහල දෙමල අසමගිය පතුරුවන්නේ ඔය කියන දෙසපලකයෝ සාමාන්‍ය ජනතාවට ඔය කියන කිසිම ගැටළුවක් නැහැ ඕන තරම් දෙමල ජාතිකයෝ ගාල්ල මාතර ජීවත් වෙනවා කිසිම ගැටළුවක් නැතුව ඒ උනාට සිංහල අයකී දෙනෙක් උතුරේ ඉන්නවද ? එකට ඉඩ දෙන්නේ නැත්තේ ඔය කියන දෙසපලකයෝ නේද ? කව්ද ඒවා ගැන කතා කරන්නේ? (ස)