විදේශ ගමන් බලපත් හිමියන්ට දිවයිනේ සමහර ප්‍රදේශයන්හි සංචාරය කිරීම සඳහා මෙතෙක් පනවා තිබු සීමා ඉවත් කිරීමට රජය තීරණය කළ බව ආරක්ෂක අමාත්‍යංශය කියයි.
නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (16) පැවැති ප්‍රථම ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
යුදමය තත්ත්වය පහව ගොස් ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති ඇති බැවින් රජය මෙම තීරණය ගත් බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටි.
එසේම උතුරු පළාතට යුද ආයුධ, පුපුරණ ද්‍රව්‍ය ,ආරක්ෂක හමුදා භාවිත කරන රෙදිපිළිවලට සමාන රෙදි වර්ග,දුර දක්න යන භාණ්ඩද නැගෙනහිර පළාතට යුද ආයුධ,පුපුරණ ද්‍රව්‍ය කව දුරටත් තහනම් කැර ඇති බවද හෙතෙම කියා සිටි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල ජාතියේ අභාවයේ පෙර නිමිති (නදී)
වෙන කරන්න දෙයක් නැහැ තුවාන් මහතා මේක අපේ සිංහල ක්‍රමය. සිංහල කතාවක් තිබෙනවා හැමදා නියන් එකදා වැහි වලාවේ කියා. (නදී)
අායිත් වදින්න ගත්තම තේරේවි (නදී)
අායිත් වදින්න ගත්තම තේරේවි. ජාතික ආරක්ෂාව අපට වැදගත් (නදී)
යහ පාලනයට සාදු ..සාදු ..සාදු (නදී)
සියල්ල තේරෙනකොට පෙරහැර ගිහින් ඉවරයි (නදී)
පුහු දේශපාලන මවාපෑම් වලට රටේ ආරක්ෂාව බිල්ලට දෙන්න නම් එපා (නි)
නව ජනපති මෙසේ කිරීම නිවැරදියි. (නි)
ඡන්දයෙන් අපිට තේරුම්යන්න ඕනෑ දමිළ ජනතාව හා මුස්‌ලිම ජනතාව අතර තිබෙන එකමුතුකම. නමුත් බහුතර සිංහල ජනතාවට එම එකමුතුකම නැති එකතමයි මෙයට හේතුව. (නි)
හොද හොද සෙල්ලම් එළීවෙන ජාමෙට කිව්වේ මේවා තමයි (දිල්)
ඒ කියන්නේ අනිත් පළාත් වලට පුපුරන ද්‍රව්‍ය ගෙන යන්න පුලුවන්ද ?(හේ)
ඒ කියන්නේ උතුරෙන් කොළඹට පුපුරන ද්‍රව්‍ය එවන්න තහනමක් නැහැ නේද ?(දිල්)
ලංකාව සුළු ජාතීන්ට සලකපු විදිහ ,,චැනල් 04 පෙන්නනකොට දුක හිතුනා මිනිස්සුන්ට දැන් හොඳට බලාගන්න පුළුවන් එයාලගේ තරම . මතක තියාගන්න " අළු යට ගිනි " .(හේ)
බොරු හොයා හොයා රාජපක්ෂලාට බැන බැන එක එක දෙන්න. සුබ ගමන් (නදී)
අනේ මේ කාටද මෙවැනි මෝඩ කතා කියන්නේ. අපි මෝඩයන් කියල මේ අලුත් ආණ්ඩුව හිතනවද? යුද ආයුධ, පුපුරණ ද්‍රව්‍ය , ආරක්ෂක හමුදා භාවිත කරන රෙදිපිළිවලට සමාන රෙදි වර්ග, දුර දක්න යන භාණ්ඩ උතුරු පළාතට පමණක් නොවේ මුළු ලංකාවටත් පමණක් නොවේ ලෝකය සෑම රටකම තහනම් රජයේ අවසරයක් නොමැතිව ලඟ තබාගැනීම. එපමණක් නොවේ මේ කියමන නිකන් අර මහජනතාව රජය ගැන කලකිරීම වලක්වන්න කියපු සීනි බෝල කතාවක්. මේ සියලු ද්‍රව්‍ය රජයේ අවසරයක් නොමැතිව ගෙනයාම තහනම් කියා. එ්කත් හෙට අනිද්දා වෙයි ඔන්න බලාගෙන ඉන්න. (නදී)
තුවාන් මහත්තය කියන්නේ එක එක මොනවා දෙනවා කියලද ? (නදී)
ටික ටික දෙන්න. එකපාර දෙන්න එපා. එ් අයත් ටික ටික අරගෙන එකපාර දෙයි ඇට්ටි හැලෙන්නම අවුරුදු 30 ක් විදෙව්වා වගේ ඉන්න ඕනේ නැහැ. (නදී)
2002 ජයග්‍රහණයෙන් පසු කාල පාවාදීම් සියල්ල වෙනස් මුහුනුවරවලින් ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතිනවා. ඡන්දෙට පෙර රාජිත ඇමති තුමාගේ හඩ පටියක් යම් අභියෝගයකට ලක් කරලා ජාතික රූපවාහිනේ ප්‍රසිද්ධ කළා. හැකිනම් නැහැ කියල ඔප්පු කරන්න කියලා. ඒ හඬ පටියේ ආකාරයට සියල්ල දැන් සිදු වෙනවා. චම්පිකලට රතන හාමදුරුවන්ට ඒ පිටපතේ හැටියට තියෙන්නේ විරුද්ධ වෙන්න. අවසානයේ බහුතරයට හිස නමන්න කියලා ඒක එයාල හොදින් කරනවා. කට්ටිය ඇස් ගෙඩි උඩ ඉඳගෙන යහපාලනයේ නාට්‍යය බලන කොට ගෙදර හොරු සුද්ද කරලා ගෙදර ගෑණු මනුස්සයවත් හොරු අරන් ගිහින් ඉවරයි. (නදී)
චම්පික මහත්තයෝ ගරු අතුරලියේ රත්න සාදු දැන් කෝ අර කියපුවා? යහ පාලනේ අරුමය පිවිතුරු හෙට දවසේදී දැනේවි. ඔබලා මේ කරපු දෙයට ඔබලාව ඉතිහාසයේ කුණු බක්කියට තල්ලුවේවි. (නදී)