රුපියල් ලක්ෂ 25 ක මුදලක් යාපනයේ තැරැව්කාර කාන්තාවකට ගෙවා කටාර් වෙත ගොස් තුර්කිය හරහා ජර්මනියට යාමට උත්සහ කළ උතුරේ තරුණයෙක් තුර්කියෙන් පිටුවහල් කොට ආපසු එවනු ලැබ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනයේ තෝපායි හි පදිංචි 36 හැවිරිදි තරුණයෙකි.
ඔහු ඔහුගේ නීත්‍යානුකූල ගුවන් ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන පසුගිය අගෝස්තු 13 වෙනිදා සිට ශ්‍රී ලංකාවේ සිට කටාර් රාජ්‍ය වෙත ගොස් ඇත.
පසුව ඔහු කටාර් සිට තුර්කියට ගොස් ඇති අතර තුර්කියේදී ඔහු අත තිබු ඉන්දියානු ගුවන් බලපත්‍රයක් නිසා ඔහු අත් අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ පරීක්ෂණ වලදී හෙළිව ඇත්තේ ඔහු අදාල ඉන්දියන් ගුවන් ගමන් බලපත්‍රය සකස් කර ගැනීම සඳහා මින් පෙර දෙවතාවක් ඉන්දියාවට ගොස් ඇති බවයි.
මේ සඳහා ඔහු යාපනයේ තැරැව්කාර කාන්තාවකට රුපියල් ලක්ෂ 25 ක් ගෙවා ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ගිහින් තමයි අන්තිමේදී රටට විරුද්ධව වැඩකරන්නේ.( ම)