උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතක් කිසිදු තීරණයකට එළැඹී නොමැති බවත් උතුරේ සහ නැගෙනහිර කඳවුරු පිළිබඳව හා එම ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විසින් ආරක්ෂක අංශයන්ගෙන් සවිස්තරාත්මක වාර්තාවක් කැඳවා ඇති බවද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පැවසීය.
එම ප්‍රදේශවල වත්මන් හා ඉදිරි ආරක්ෂක තත්ත්වය, ආරක්ෂක අංශ රඳවා තබා ගත යුත්තේ කුමන ප්‍රදේශයේද ආරක්ෂක අංශ ඉවත් කළ යුත්තේ කවර ප්‍රදේහවලද උතුරේ රාජකාරියේ නිරත පිරිස එම ස්ථානයේම රාජකාරියේ යොදවනවාද නැතහොත් වෙනත් ස්ථානයක ස්ථාන ගත කරනවාද යන්න පිළිබඳව නිසි අධ්‍යයනයක නිරතවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යංශය ඒ පිළිබඳව නිසි තීරණයකට එළඹෙනු ඇති බවද බ්‍රිගේඩියර් වනිගසූරිය කියයි.
හමුදා භාරයේ ඇති ඉඩම් අක්කර දස දහසක් පමණ උතුරේ ජනතාවට බාරදීමට ආරක්ෂක අංශ වෙතින් ආරක්ෂක අමාත්‍යංශය විමසීමක් සිදු කොට ඇති බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බළලා ටිකෙන් ටික එලියට පනිනවා .මෙව්වා තමා ලස්සන යහ පාලනය කියන තොරෝම්බෝල් එකට යටින් තියෙන්නේ. (නදී)
මෙතුමන්ලා ඔය ඉල්ලීම් ටික දුන්න ගමන් නැගෙනහිරත් වතුකරයෙත් ප්‍රශ්ණ වෙනවා. මොකද, එයාල කියයි උතුරට කළා නම් අපිට මොකද කියලා. (නදී)
මහින්ද ජනපතිතුමනි, දේශපාලනයෙන් සමුගන්න එපා. නැවත මහා මැතිවරණයට ඉල්ලන්න. ඔබ එනතුරු අපි බලා සිටිනවා. (නි)
කිසිම සිංහලයෙක් දෙමල ජාතිය මරා දමන්න කියන්නේ නැහැ. එදා සිංහල රජවරුන් එසේ කලේ නැහැනේ. නමුත් දෙමල ජාතිවාදය මර්දනය කල යුතුයි. මේ මොහොතේත් සිංහලයන් වැඩි ප්‍රදේශ වල දෙමල ජාතිකයන් සිංහලයන් සතු සියලුම වරප්‍රසාද ලබමින් ජිවත් වෙනවා. නමුත් අද උතුරේත්, මුලුමනිනුත්, නැගෙනහිර වැඩි ප්‍රදේශයකත් සිංහලයන්ට අයිතිය නැහැ. සිංහලයා ගැන කතාකරන අයට මෝඩයන් කියන උගත් බුද්දිමතුන් කරුණාකර අතීතය ගැන සොයා බලන්න. (නදී)
යහ පාලනයට කඳවුරු මොකටද ? එ් බිම්වල රටලුනු හිටවන්න ඉඩ දෙන්න පව් අහිංසක මිනිස්සු. රතන හාමුදුරුවන්ට ඉඩමක් දෙන්න පන්සලක් හදාගන්න (නදී)
දමිල ජනතාව ශ්‍රී ලාංකිකයෝ. එ්ත් ඒ අයට ඉඩම් දෙන්න ඕනේ. ඒ අය ඉල්ලන්නෙත් ඒ මිනුස්සුන්ගේ ඉඩම්. නමුත් හමුදා කඳුවුරු ඉවත් කරන්න කියන්නේ නැවතත් කොටියා එන්න ලඟ නිසාද ? (නදී)
අනික් ප්‍රදේශ වලත් හමුදාව ඉන්දියාවට යවමු. එතකොට යහපාලනය 100/75 සම්පුර්ණයි (නදී)
ඔන්න පුතේ දුන්නා පුතේ..... පත්තුවෙනවා ඔන්න පුතේ..... සද්දේ එනවා ඔන්න පුතේ... (නි)
අපිට දැන් බොහෝ දේ වැටහේ. (නි)
වෛරක් කාරයෝ වෙලා දේශපාලනය කරන්න බෑ .මහජනතාව අමාරුවේ (දිල්)
දින 8 ට වැඩ කොහොමද කියලයි අපි මේ බලාගෙන ඉන්නේ (නි)
යහ පාලන නංගි පෙන්නලා බෙදුම්වාදී අක්කා දෙන්නද හදන්නේ? ඡන්දෙ ගන්නකම් කිව්වා උතුර සහ නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරන්නේ නෑ කියල. නමුත් දැන් මොකක්ද මේ කරන්න යන්නේ? (දිල්)
පහන් , එහෙමයි කියලා හමුදාව ලංකාවෙන්ම ඉවත්කර දැමුවොත් කොහොමට හිටීද? (නි)
බොහොම දෙනෙක් තාමත් ජාතිවාදී ලක්ෂණ පෙන්නුම් කරනවා වගෙයි.මේ රට අයිති මේ රටේ සියලු දෙනාටම. (දිල්)
මැද පෙරදිග රටක අපට බුදු දහම අදහනවා කියන්න පුලුවන්ද? ශ්‍රි ලංකාවේ තරම් නිදහස තියෙන රටක් ලෝකෙ කොහෙවත් නැහැ. තම තමන්ගේ භාෂා වෙන් පාසැලේ ඉගෙනීම හදාරන්න පුළුවන්. ලෝකේ වෙන රටවල්වල් අධ්‍යාපනය දෙන්නේ රටේ තියෙන ප්‍රදාන භාෂාවෙන්. සමහරු තමන්ගේ වාසි තකා එදත් ශ්‍රීලංකාව පාවා දුන්නා. අදත් එහෙමයි. ජෙසුස් වහන්සේට පාවල දුන්නේ කව්ද? හෘද සාක්ෂියට අනුව තම තමන්ගේ යුතුකම් ඉටු කරන්න (නදී)
බුද්ධියක් නැතිව වැඩ කළොත් වෙන්නේ මහ විනාසයක් (දිල්)
ඔව් ඔව් පොරොන්දු වුණ දේවල් ඒ විදියටම ඉටු කරන්න ඕනනේ ..(හේ)
හමුදාව වෙන රටක් ඇල්ලුවෙ නැහැ. එක්තරා කාලයකදී ඔය දැන් හමුදාව ඉන්න ඉඩම් වල මිනිස්සු ඉන්න ඇති. හමුදාවට මොකටද ඉඩම්? ඉතිං ඒ ඉඩම් මිනිස්සුන්ට අයිති වෙන්න ඕනි. ජාතිවාදය වුනත් මේ තරම් පහලට වැටෙන්න හොද නැහැ.. මීට වඩා ලෝකෙට හරියන විදියට ජාතිවාදය ගෙනියන්න සිංහල කස්ටිය උත්සාහ කරන්න ඕනි. ඉඩම් හමුදාව අතේ තිබුනම ඒ ඉඩම් සිංහල ඉඩම් වෙනවද? හමුදාව නියෝජනය කරන්නෙ සිංහල ජනතාව විතරයිද? (හේ)
එනපොට නම් එච්චර හොඳ නැහැ වගේ (නි)
කට්ටියට දැන්නම් තේරෙනවා ඇති වෙනස මොනවගේද කියලා (නි)
ලංකාවේ ඉන්න සමහර අයට තේරෙන්නේ නැති දෙයක් තිබෙනවා. උතුරේ හමුදාව යොදා තිබෙන්නේ සිංහලයා දෙමළ අයට අඩුවෙන් සළකන නිසාවත්, මහා ජාතිය සුළු ජාතීන් නොසළකා හරින නිසාවත් නෙමෙයි. උතුරේ ත්‍රස්තවාදී, කොටින්ම ලෝකයේ දරුණුම ත්‍රස්තවාදය ඉපදුන, ඵලදැරූ තැන නිසයි. ඒ ප්‍රශ්න 100% අවසන් කියන්න බැහැ කාටවත්.... තාමත් සුළුතර හෝ කොටි ටිකක් වළිකනවා මේක නැවත ඇති කරන්න. එහෙම කරන්න හොඳම තැන තමයි උතුර. ඒ නිසා උතුරෙන් හමුදාව ඉවත්කරන එක කරන්න ඕනෑ ප්‍රවේශමෙන්, ජාතික ආරක්ෂාවට හානියක් නොවෙන්න. (නි)
මම ඉන්නෙත් බටහිර රටක. මම මහින්දට කඩේ යන්නේ නැහැ. නමුත් මේකෙන් ජාතියක් විදියට අපි පරදිනවා කියලා මට හිතෙනවා. සිංහල මිනිසුන්ට මේක තේරුම්ගන්න තරම් උගත්කමක් නැහැ වගෙයි.කොටි මේ රටවල කොතරම් දක්ෂ විදියට කටුතු කරනවාද කියන්න ලංකාවේ අය දන්නේ නැහැ. සහජීවනය හොඳ වුණත් සිංහල අපි උපායශීලී මදි දෙමළ අයට සාපේක්ෂව. (නි)
බොහොම හොඳ දෙයක් (නි)
යහපාලනයට ජයවේවා! (නි)
88/89 භීෂණ කාලේ අපේ පන්සලේ හමුදා කඳවුරක් දාලා තිබුණා. ඒ නිසා පන්සලට එන අයට බොහොම කරදර වුනා. පස්සේ බොහොම අමාරුවෙන් කඳවුර ඉවත් කර ගත්තා. අපේ ඉඩම් බලෙන් අල්ලගෙන හමුදා කඳවුරු පවත්වාගෙන යනවට සිංහල ඇත්තෝ කැමතිද? (ස)
දයා හා ඒ සමාන අදහස් දරන අය වෙතටයි . පිට රට සිටින අපි වගේ අය කට කැඩෙන තුරු ඔය වෙන්න යන දේ කිව්වා. ලංකාදීපයට ලිව්වා. රටට ඇවිත් කිව්වා. මේවායේ කොටි ගොරවන්න පටන් අරන් කියල. නමුත් යහ පාලනය කියල දිව්වේ ඡන්දය දුන්නේ කවුද. අපේ පවුල්වල කොල්ලෝ මැරුණේ ඇයිද කියල අපි හිතුව. (ස)
දයා මේකට තව ගම්පහ කොළඹ හිටි අයත් වග කියන්න ඕනේ. දමිල මුස්ලිම් බහුතරය තමන්ගේ ලොක්කෝ කියන විදිහට වැඩකලා. මට දුක අපේ සිංහල මිනිස්සු සමහරු කල කතා වැඩේ ගැන. මහින්ද මහත්තය යුද්දේ වවාගෙන කාලා මුන්ට අල පරිප්පු ලාබෙට දුන්න නම් ඉවරයි. (ස)
දැන්මම මෛත්‍රී පාලනයක් වගේ. (ස)
අපහු කොටින්ට අවරයක් දාන්නද යන්නෙ? (ස)
හිරු ඔය මේ ලෝකෙද ඉන්නේ නැත්නම් පාට කන්නාඩියකින් ඇස් වැහිලද? (ස)
ලලිත් ඔබ හරි. පැරදුනේ මහින්ද නොවේ. සිංහල ජාතිය. සිංහලයා සහජීවනය ගැන කතා කළාට දෙමල අය හිතන්නේ තමුන්ගේ ජාතිය ගැන. මාත් එක්ක යාපනේ දෙමල ගැහැනු ළමයෙක් ඉගෙනගන්නවා. මම සිංහලද කියල අහල නැගිටලා ගිහින් වෙන තැනක වාඩි උනා. ඒ අයට අපි ගැන නැති කැක්කුමක් අපේ සිංහල අයට තියෙන්නේ. ඊළමට ජය වේවා කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද කුස ගැනම විතරක් හිතන දුර නොහිතන සිංහලයට. (නදී)
බේරාගත් රට පණමෙන් සුරකිමු (නි)
උතුරු පළාතේ ආණ්ඩුකාරයා විතරක් වෙනස් කරනකොට අපිට නම් තේරුණා "වෙනස" හොයපු අයට ඒක ලැබුණා කියලා. දැන් හොඳයි නේද? (නි)
මේක දින සියයේ පළමු කාර්යයදෝ කියා මට සිතෙනවා (නි)
ඉඩම් කඩම් පමනක් නොව සිත් සටහන්ද අල්ලාගත යුතුවේ.(හේ)
මොනවා වුනත් දැන්නම් පපුව ටිකක් ගැහෙනවා.(හේ)
මොකද මේ හදිස්සිය. (හේ)
සරත් ෆොන්සේකා මහත්මා සියලු බාධක මැඩගෙන නැවත දේශපාලනයට පැමිණ අවශ්‍ය දේ කරාවි. කවුරු කෙසේ පැවසුවත් සිංහලයාගේ නිජබිම රැකගත යුතුමයි. (නි)
අපි දන්නවා හමුදාවක් සිටියදී අවට මිනිසුන්ට කොයිතරම් අපහසුද කියලා. සමාජීය ගැටළු, පවුල් ආරවුල් මේවායින් සමහරක්.... හමුදාව අඩු කරන්න අපි නම් කැමතියි. මිනිසුන්ට නිදහසේ ඉන්න දෙන්න ඕනෑ (නි)
රට බේරාදුන් නායකයා දේශපාලනෙන් සමුගත්ත අද. ඔහු දිනා දුන් දේශය අද නැවත පාවා දීමකට ලක් කලා. ඒකීය රටක් තුල සෑම ජාතියක්ම සමයෙන් ජීවත් වීමයි හිටපු නායකයා අදහස් කලේ. අහෝ යහපාලනය. (ස)
ජොකිය විතරයි වෙනස් වුනේ, පරන අස්සයා, පරන කෝස් එකේ, පරන ඔට්ටු අල්ලපු හොරුත් එක්ක දුවනවා, හැමදෙයක්ම සතියෙන් අමතක වෙන මෝඩ , කලගුන නොදන්න සිංහලයා,අවුරුදු තිහකට පස්සෙ බෝම්බ නොපුපුරන එක් සේසත් රටක ඉදන්, ලිප ගිනි මොලවන තෙක් නටන කකුලුවා වගේ කිරිබත් උයාගෙන, සතුටු වෙනවා, පලවෙනිම දවසෙ මැකො ගෙ සිංහල ආන්ඩු ක්‍රම ව්‍යවස්තාව සිංහලෙන් කියවනව වෙනුවට, මොහොමඩ් කෙනෙක් දෙමලෙන් කියවලා, දෙවෙනියටයි සිංහලෙන් කියෙව්වෙ, මම මහින්දට කඩේයනව නෙවෙයි, තව අවුරුද්දක් යන්න කලින්, අද කිරිබත් කකා ජොලි කරන උන්ට ඔය විදියටම මලබතත් උයාගෙන කන්න වෙයි. (ස) "යකුන්ට බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නැති" මිනිහෙක් රටේ පාලනය බාර ගත්තු නිසා යුද්දය ඉවර කලා. මෑත ඉතිහාසයේ කොටින් ගාව දනින් නොවැටුනු,රටෙන් විතරක් නෙවෙයි ජාත්යන්තරයෙන් පවා මරන සහතිකේ අතේ තියාගෙන අදටත් ජීවත් වෙන්න වෙලා තියෙන මිනිහෙක්,(දූශන වන්චා ගැන වෙනම කතාවක්, ) පැරදිලා , හැන්ගිලා ඉන්නෙ නැතිව, අපහාස , උපහාස වලට බය නොවී ඉස්සරහට එන්න පුලුවන් හැකියාව තියෙන අසාමාන්‍ය මිනිහෙක්.අද අපි ඔක්කොම සෙල්ලම් දාන්නෙ පාර දිගේ බෝම්බ පුපුරන්නෙ නැති නිසා බවත් අමතක කරන්න එපා.මේ මිනිහත් එක්ක හැරෙන්නවත් පුලුවන් දේශපාලකයෙක් පේනතෙක් මානෙකවත් නෑ.( මම කඩේ යනව නෙවෙයි, නිදහස් අදහසක් පල කලා විතරයි )
ලෝකෙ හොඳම සෞඛ්‍ය ඇමති කියලා මෛත්‍රීපාල සිරිසේනව ඇමරිකාවට ගෙනල්ලා සම්මානය දීලා ගොනාට ඇන්දුවා. ඉතින් හෙලඋරුමෙයි එකතු වෙලා වෙනසක්නෙ කෙරුවෙ. මෙයාල රටට ආදරයක් තියෙනවුන් නෙවෙයි. තව පහුවෙන කොට වෙනස දැනේවි. (ස)
පනා ගොඩ හමුදා කඳවුරත් ඉවත් කරන්න අදහස් කරනවද? (ස)
මේක තවත් හොඳ වැඩක්. ජයවේවා! (නි)
මේවාට වගකියන්න ඕනෑ කවුද කියලා අපි නම් දන්නවා (නි)
කෝ මේ කට්ටිය? නුගේගොඩ ශබ්ද විකාශන යන්ත්‍ර වගයක් නම් හොයනවා කට්ටියක් කාගේද කියලා. (නි)
ඔන්න මහින්ද මාමේ වැඩේ. දෙමල මිනිස්සු උතුරු පළාතේ කොන් වෙලා ඉන්න නිසා තමා ඔය බෙදුම් වාදී අදහස් එන්නේ. දෙමල, සිංහල, මුස්ලිම් ජනතාව ජන අනුපාතය අනුව දිවයින පුරා පදිංචි කරවන්න ඕනේ. උතුරේ සිංහල මිනිස්සුන්ටත් ජීවත් වෙන්න ඉඩ දෙන්න ඕනේ. මේ රටේ ජාති භේදයක් නැතිව මිනිසුන්ට කැමති තැනක ජීවත් වෙන්න දෙන්න (නදී)
ඔය ඉඩම් වලින් හමුදාව ඉවත් කරලා ඉඩම් බලතල පොලිස් බලතල ඉල්ලනවා නේද? ඒවත් ඉතින් දීල දාන්න (නදී)
ඔබ සිතන්නේ මේක වැරදියි කියලාද? එතකොට ඔබේ ඉඩම් හමුදාවෙන් අල්ලාගෙන කෑම්ප් ගහලා ඉන්නකොට ඔබට මොකක්ද දැනෙන්නේ කියලා හිතලා බලන්න. (නි)
විජයබාහු, හරියටම හරි. අපේ මිනිසුන්ට පළමුව බඩ. දෙවනුව රට. මේ පටන්ගත්තා විතරයි. දින 100න් පසු හොඳ හොඳ ඒවා බලාගත හැකියි. එතකොට ප්‍රමාද වැඩිවෙයිද දන්නෙ නම් නැහැ. (නි)
තමන් පමණක් හා තම කල්ලියේ අය පමණක් දේශප්‍රේමින් යැයි පවසමින් යුධ ජයග්‍රහණයෙන් පසු සමහරු කළ දේවල් අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා. ප්‍රජාතන්ත්‍රවාදය යනු බහුතරවාදය නොවන බව සමහර පාලකයින්ට හා ඔවුන්ගේ ඇම්බැට්ටයින්ට නොපෙනුනාට, මේ රටේ ප්‍රබුද්ධ ජනතාව තේරුම් අරගෙන තිබෙනවා වගේම ඒ බව ඔප්පුකොටත් තිබෙනවා. මේ මෛත්‍රී සමයේදී බොහෝ දේ ජනතාවට ලැබෙනු ඇත. එතෙක් හික්මීම හා විනය පෙරදැරිව ඉවසීමෙන් ඉන්න (නි)
දයා, ආණ්ඩුව පෙරලුන එකට පිටරටවල ලාංකිකයන් අල්ලාගන්න එපා. යුද්ධය ජය ගැනීමෙන් පසුව පසුගිය ආණ්ඩුව මොනවද කළේ කියලා මෙතන ආයෙත් ලියන්න අවශ්‍ය නැහැ. ගතවුණ කාල වකවානුව දැන් අමතකවෙලා. (නි)
ඒ මිනිසුන්ට නිදහසේ ජීවත්වීමට ඉඩසළසා දියයුතුයි. නැත්නම් නැවතත් යුද්ධයක් ඇතිවන්නට පුළුවන්. ජාතිවාදී වන්න එපා. සිංහල දෙමළ මුස්ලිම් හැමදෙනාම සහයෝගයෙන් ජීවත්විය යුතු කාලයයි මේ. (නි)
කුමාගේ කතාව සහතික ඇත්ත. අපි මහින්ද මහතාට කඩේ යන්නේ නැහැ. නමුත් අපිව විනාශයෙන් ගොඩගත්තේ එතුමා.අනෙක් අය පාමංකඩ සහ මැදවච්චිය ගැන කියූ දේවල් දැන් අපේ ගොඩක් අයට මතකයේ නැහැ (නි)
මම එංගලන්තයේ ජීවත්වෙමි. කුමාගේ අදහස සමඟ සම්පුර්ණයෙන් එකඟ වෙමි. ලන්ඩන් නගරයේ ඇතැම් මහල් නිවාස වල ත්‍රස්ත සංවිධානයේ කොඩි ප්‍රදර්ශනය කර ඇති අන්දම දුටුවිට හිතට ඇතිවන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ මහත් දුකකි. මන්දයත් ශ්‍රී ලංකාව තුළ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට නොපෙනෙන බලවේග අපි සියැසින් දකින්නෙමු. ත්‍රස්තවාදය තවම අවසන් වී නොමැත (නි)
බෝම්බ පාරවල් කාගෙන යුද්ධ කළ සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිතුමාවත් ගොඩක් අයට මතක නැහැ. ඒකයි අපිට දුක (නි)
උතුරේ හමුදාව තියන් ඉන්නෙ ආසාවට නෙවෙයි. මීට අවුරුදු හත අටකට කලින් මරාගෙන, මැරෙන කොටි බිහි උනේ ඔය ප්‍රදේශ වලින්. ඩොලර් ෆාම් කෙනටි ෆාම් අරන්තලාව ගෝමරන්කඩවල අපේ මිනිස්සු අමු අමුවේ මරන්න තරම් ඒ අය සාහසික උනා. ඒ මතවාද තාම අත ඇරලා නෑ. අපි දූෂණයයට විරුද්දව ඡන්දෙ දුන්නට උතුරේ ඡන්දෙ දුන්නෙ කොටියා මරපු එකේ පලිය ගන්න. පුලුවන් නම් දෙමල සන්ධානෙට ප්‍රසිද්ධියේ කියන්න කියන්න බෙදුම්වාදය අතැරියා කියලා. ඉඩම් සහ පොලිස් බලතල ඔනේ නෑ කියලා. එතකන් හමුදාව ඉවත් කරන එක ත්‍රස්තවාදයට අනුබල දීමක් (නදී)
ඔය කදවුරු අයින් කරන්න හේතුව මොකක්ද ? ඉස්සර වෙලා යාපනේ හිටපු සිංහලයන් නැවත පදිංචි කරන්න. ඊට පසුව අනිත්වා කරමු. (නදී)
මොන දෙය කලත් ඉතාමත් බුද්ධි මත්ව සීතා තීරණ ගතයුතු අවස්ථාවක්, අපි සිතිය යුත්තේ දමිළ ජනයා ගැන නොව ත්‍රස්ත වාදීන් ගැනය.දමිළ,මුස්ලිම්, සිංහල කිසිම ජාතියක් ගැන ඔවුන් තකන්නේ නැත.දමිළ ජනයාද කුරිරු යුද්ධයෙන් බැට කෑ අපේම සහෝදරයෝය. එනම් උතුරේ හමුදාව ඉවත් කරන එක ගැන එක වතාවක් නොව සිය වතාවක් සීතා බලා කළ යුත්තක් විය යුතුමය. තිස් වසරකට වඩා කාලයක් පැවැති කුරිරු යුද්දධය නිම වී වසර හතකටත් වඩා අඩු කාලයකදී අපි නැවත හදනුයේ ඔඋනට පාර විවෘත කර දීමද? එසේ නොවිය යුතුය. මෙම යුද්ධය අවසන් කිරීමට උර දුන් එකම ජන නායකයා මහින්ද රාජපක්ෂ ජනපති අපට මේ මොහොතේ කිසි සේත්ම අමතක කල නොහැක. එසේම මෛත්‍රී පාල සිරිසේන ජනපති කෙරෙහි මිනිසුන් තැබූ විශ්වාසය පලුදු නොකරනු ඇතැයි මාගේ එකම විශ්වාසයයි.(අ)
දැනටමත් ඉල්ලීම් දෙකක් දීලා. ආණ්ඩුකාරයා මාරු කළා. හිරකාරයෝ නිදහස් කළා. දැන් හිටපු සිංහලයන් නැවත පදිංචි කරවමු. (නදී)
ඔන්න තවත් ජන්ද ප්‍රතිපලයක ප්‍රතිපලයක් (නදී)
සනීපයි නේද ? (නදී)
ඔය එන්නේ ගිවිසුමේ වගන්ති ද ? (නදී)
ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න වගේ. (නදී)
මොනවා කළත් ප්‍රවේශමෙන් හොඳේ! (නි)
දැන් ටිකක්. පසුව ගොඩක්.(හේ)
ජයවේවා. නියමයි මෛත්‍රී (නදී)
"ආරක්ෂක අංශ රඳවා තබා ගත යුත්තේ කුමන ප්‍රදේශයේද ආරක්ෂක අංශ ඉවත් කළ යුත්තේ කවර ප්‍රදේශවලද උතුරේ රාජකාරියේ නිරත පිරිස එම ස්ථානයේම රාජකාරියේ යොදවනවාද නැතහොත් වෙනත් ස්ථානයක ස්ථාන ගත කරනවාද ? (නදී)
යහ පාලනය ගේනකොට අපිට ටිකක් හරි සතුටක් තිබ්බේ සරත් ෆොන්සේකා මහත්තයා ඒ කණ්ඩායමේ හිටපු එක. අද එතුමත් නොමැතිව මොකද මේ වෙන්නේ?. අපි 30 වසරක යුද්දයෙන් බැටකාල හොඳටම හෙම්බත් වෙලා හිටියේ . අපි හිතන්නන ඕනේ අපේ දරුවන් ගැන. මේ රට අද තියෙන තත්වයට ගෙනාවේ අපේ ජීවිත දහස් ගානක් පුජ කරලා. දැන් මොකද මේ වෙන්නේ. මේ පාවා දීම කරන්න එපා. (නදී)
එල්.ටී ටී. ය විසින් පලවා හැරි සිංහල මිනිස්සුන්ගෙ ඉඩනුත් ආපසු දිය යුතුයි. (නදී)
ලංකාවෙ නිදහසේ ජීවත් වෙන්න ඕන සිංහලයො විතරයි කියල හිතන මෝඩයො ටිකක් තාම ඉන්නවා. අධ්‍යාපනයක් තියෙන මිනිස්සු දන්නවා යුද්ධෙ ඇතිවුණේ දකුණෙ රට කරපු පාලකයන්ගේ ජාතිවාදී වැඩ නිසා කියලා. දෙමළු සමූල ඝාතනය කරන්නද කියන්නේ (නදී)
සුගතපාල උඹලා වගේ මිනිස්සු ඉන්නකම් අපේ ජාතියට සරණක් නැහැ. සිංහලයෝ කවදාවත් අනිත් ජාතීන්ව සමූලඝාතනය කරලා නැහැ. ඒත් අනිත් සියලුම ජාතීන් එහෙම නැහැ. ලෝකේ පුරා ඇහෙන දේවල් වලට හිස නමන්න (නදී)
මෙය සමස්ත රටේ පරාජයයි (නදී)
මොකටද විමසන්නේ දිය යුතු තමයි. සිංහලයට ජයවේවා, යහ පාලනය සදාකල් රැදේවා (නදී)
අලිමංකඩ පාමංකඩ, යුද්ද කරපු අය මොකටද ඔය එන්න යන්නේ. (නදී)
ඔන්න තවත් ඡන්ද ප්‍රථිඵලයක් (නදී)
දොවාගත් කිරිකලය අහක දැමීමට ගොම බින්දුවක් සෑහේ. මේකද කියපු වෙනස. (නදී)
තව ටික දවසකින් තේරෙන්න ගනී වෙනස මොන වගේද කියලා.(හේ)
මෛත්‍රී පාලනයට ජයවේවා.රනිල්ටත් ජයවේවා.(හේ)
මොකද කට්ටියක් කලබලවෙලා , මේක හමුදා පාලනය ඇති රටක් නොවේ රජෙකු පාලනය කරන රටකුත් නොවේ, කලබලවෙන්න එපා සියලු ජාතීන්ට සමානව සලකන රටක් මේක.(හේ)
මොන සෝදිසි කිරීම්ද ? ඔන්න ඔහේ දීල දාන්න. වෙනසක රුදාව තිබුන අයට එතකොටවත් නින්ද යයි නේද? නමුත් සුළුතරයේ බහුතරයට වරදානේ දෙන්න ගිහින් බහුතරයේ බහුතරයෙන් අමතක නොවන පාඩමක් නම් ඉගනගන ගන්න වේවි. (නදී)
මේ රටේ නැවත යුද්ධයකට අත වනන්නේ නැති බව අපිට විශ්වාසයි. තීරණය තියෙන්නේ සිංහල මහජාතිය වන අපේ අතේ (නදී)
ටී.එන්.ඒ සියලු ඉල්ලීම් අැයි දෙන්න බැරි. දෙමල ජනයාත් ශ්‍රී ලාංකිකයෝ නේද ? ඒක තමයි අපි මෛත්‍රී පාලනයට ඡන්දය දුන්නේ (නදී)
මොකටද මේ එන්න හදන්නේ ? හමුදාව රඳවලා තියෙන්නේ ඕනා ඒ තැන්වල තමා. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියල අපි දන්නවා (නදී)
දැන් යුද්ධෙ ඉවරයි. රටේ අාරක්ෂාවට තර්ජනයක් නැත්නම් අයිතිකරුවන්ගෙ ඉඩම් එ් අයට අාපසු ලබා දිය යුතුයි. එ්කෙ තියෙන වැරැද්ද මොකක්ද? නැවත යුද්ධයකට මග පාදන්නෙ සංහිදියා වැඩ පිලිවෙලට හරස් කපන එක දැන්වත් නැවැත්විය යුතුයි. (නදී)
මේකට වග කියන්න ඕනේ ගිය රජය පෙරලුව මිනිස්සු. විශේෂයෙන් ලංකාව අත අැරලා පිට රට ගිහින් පදිංචි වෙලා ඉන්න මිනිස්සුන්. එයාලට රටට මොනවා උනත් කමක් නැහැ. එයාල එයාලගේ රටට වෙලා ඉන්න එක හොඳයි. ෆේස් බුක් හරහා බොරු ප්‍රචාරය කරලා ආණ්ඩු පෙරලනවා (නදී)
දෙමල ඡන්ද වලින් දිනපු හින්ද දුන්නට කමක් නෑ. යහපාලන මාමා තව පාරක් ඡන්දයට එන්න නෑ. ඔහොම යමු කාලගුණ සලකන්න විදායකය තියාගන්න නැතිනම් ඕව කරන්න බැරිවේවි. අපි දන්නවා ඕක වෙනවා කියල ඔබට රනිල්ගේම පිහිට ලැබේවා. (නදී)