රිච්ටර් මාපාංක 5.5ක ප්‍රබලත්වයෙන් යුත් භූමි කම්පාවක් උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රදේශයේ එරට වේලාවෙන් අද (06) රාත්‍රී 8.45ට පමණ සිදුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මෙහි කම්පනය දිල්ලි නගරයටද දැනී ඇති අතර ජීවිත හෝ දේපල හානි කිසිවක් තවමත් වාර්තා වී නොමැති බව බලධාරීහු පවසති.
කම්පනයේ අපිකේන්ද්‍රය උත්තරාකාන්ද් හි කිලෝමීටර් 30ක් පමණ ගැඹුරින් පිහිටි බව පැවසේ.
පසුගිය පැය විසිහතර තුල ර්ච්ටර් මාපාංක 3.3ක ප්‍රබලත්වයෙන් යුතු කම්පනයක්ද උත්තරාකාන්ද් හි සිදුවී ඇත.
(ඉන්දියන් එක්ස්ප්‍රස් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමියක් එයිද? ඒක අපිට දැනුවත් කරන්න.
මට හිතෙන්නේ මුහුදු සර්පයන් ගොඩ එන්න ඇත්තේ මුහුදු පතුල උෂ්ණත්වය ඔරොත්තු නොදෙන නිසා වෙන්න ඇති. මෙය භූවිද්‍යාවට අනුව සුනඛයින්ට නාය යනවිට දැනෙනවා වගේ...
ඉන්දියන් ජාතිකයෙක් කියපු එක හරියන්නද මන්ද එන්නේ.?
කුඩා භූ කම්පනයෙන් ඉඟිකරන්නේ යම්කිසි විශාල අන්තරාවක් ඉදිරියේදී එන බව කියන්ටද? සියලුදෙනාම හොඳ අවධානයෙන් කල්ගත කිරීම සුදුසුයි. වෙරළබඩ සිටින අහිංසක ජනයා හැකිතරම් ආරක්ෂා කාරිවීමත්, මාද්යවලට සවන්දීම, හදිසි අවස්ථාවලට වුවමනා උපකරණ ලඟ තබාගැනීම සුදුසුයි. වර්තමාන ලෝකයේ සෑම රටකම මෙවන් විවිධ සොභාදහම් අවදානම් පිළිබිඹු වෙයි. ලංකාවට විශේෂයෙන් ඉන්දියාවේ බලපෑම වැදගත් වෙනු ඇති. මෙත් සිතෙන් නිතර වාසය කිරීමෙන් මෙවන් අනතුරුවලදී පවා විශ්මිතලෙස ජිවිත බේරිගිය බව අපි අසා ඇත්තෙමු. මේ ව්‍යවසනයන්ගේ මුල වන සිතේ බලපෑම තේරුම් ගත හැක්කේ අධ්‍යාත්මික වශයෙන් සිත දියුණුකල පින්වත් කාරුණික හදවත්වලට පමණි. ඇස් අන්ධ දළ යුග්මය සිඳලූ පවෙන් මුළු රටක් කම්පා වනවිට මහමුහුද ගොඩ ගලා පොළව ඉරිතලා ජීවිත විනාශවීමටයාම සොබාදහමින් දෙන දඬුවමක් නම් අපි එයට මුහුණ දිය යුතුයි..!!!