දකුණු ඉන්දීය සිනමා ආභාෂයෙන් කඩු කිනිසි වලින් කපා කොටා දමන සම්ප්‍රදායක් යාපනයේ පවතින බවත් මෙම සමාජ විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ පිරිස් හට අධිකරණ විසින් දැඩි දඩුවම් පැනවීමෙන් මෙම ක්‍රියාවන් මුළුමනින්ම මර්දනය කරගත හැකි බවත් යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා අවධාරනය කළේය.
එමෙන්ම මෙම සමාජ විරෝධී ක්‍රියාවන් අධිකරණ දඩුවම් අභියෝගයට ලක්වන ආකාරයෙන් සිදුවන බවද විනිසුරුවරයා සදහන් කළේය.
මාස නවයකට පෙරාතුව යාපනය මහනගර සභා සීමාවේදී අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි සැකකරුවෙකු විසින් ඇප අයෙදුම් කරමින් මහාධිකරණය වෙත යොමුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී විනිසුරුවරයා මේ බව සදහන් කළ අතර එම සැකකරුට ඇප ලබා දීමද අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
ඇප අයදුම් කිරීම විත්තියේ අයිතියක් වුවත් සමාජයේ සුරක්ෂාව පිළිබද සැලකිල්ලක් දක්වමින් මෙතෙක් කාලයක් යාපනය මහාධිකරණය කටයුතු කළ බවත් උතුරේ වැඩි වෙමින් පවතින සමාජ විරෝධී ක්‍රියාකාරකම් මර්දනය කිරීමට නම් එම ක්‍රියාවන්හි නිරත වන්නන් හට අධිකරණය හරහා දැඩි දඬුවම් පැනවිය යුතු බවත් විනිසුරුවරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු නේද සෙනරත් අපරාදේ අහිංසක වීරවන්ශ ඈමතිතුමා බෑසිල් ඈමතිතුමා රිමාන්ඩ් කළේ නේද? (බ)
එළාර රජ කාලයේ සිට එන මොවුන්ගේ සිතුවිලි හදන්න බැහැ (නි)
ඉතාමත් අවංක නීතියට ගරුකරන මනුස්සකමින් අනුන, විරල විනිසුරුවරයෙක්. ඉලන්චේලියන් මැතිතුමනි.., ඔබට මාගේ උත්තමාචාරය. (බ)
පළමුව දකුණු ඉන්දියන් සියලුම වීඩියෝ චිත්රපටි තහනම් කරන්න (බ)
ඉතා හොඳ නිගමනයක්! මෙවැනි සමාජවිරෝධී ක්රියා වෙනුවෙන් දඬුවම් වැඩි කළයුතුයි. (නි)
අනිවාර්යෙන්ම මෙය කළයුතුය. උතුරට පමණක් නොව මුළු රටටම නීතිය දැඩි කළයුතුය. පාතාලයන් හා කුලී මිනිමරන්නන් රට විනාශ කිරීමට පෙර මෙය ක්රියාත්මක කළයුතුය (නි)
දඬුවම් නොව උතුරේ හමුදාව වැඩිකර ආරක්ෂාව තහවුරු කළයුතුය (නි)
ඔබතුමා හරියටම හරි. මේවගේ වැඩ කරන කාලකන්නි ඇතුලටම දාන්න ඕනේ.(ම)
කාලෝචිත උත්තරයක් . නියපොත්තෙන්ම කඩා දැමිය යුතුය . යහපත් මිනිසුන් වෙනුවෙන් . මගේ උත්තමාචාර (ම)
ඔබතුමාට මගේ ප්රණාමය. ඒ වුණාට අපේ පාලකයෝ අපරාධකරුවෝ නලවල, අහිංසකයන්ව හිරේ දමන්න තමයි කටයුතු සිද්ධ වෙන්නේ (ම)