(අංජුල මහික වීරරත්න)
උතුරේ ආරක්ෂක අංශ මෙතෙක් පරිහරණය කළ දෙමළ ජනතාව සතු පෞද්ගලික ඉඩම් ලෙස හදුනාගත් අක්කර 100ක ඉඩම් ප්‍රමාණයක් එම ජනතාව වෙත පවරා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.
උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ ආරක්ෂක අංශ පරිහරණය කරන ඔවුන්ගේ පෞද්ලික ඉඩම් යළි ඔවුන්ට පවරා දෙන ලෙසය. හදුනාගත් එම ඉඩම්වල පවත්වාගෙන ගිය කඳවුරු වෙනත් ස්ථානවල ස්ථාපිත කොට එම ඉඩම්වල පෙර හිමිකරුවන් වෙත ඒවා පැවරීමට සාගල රත්නායක මහතා උපදෙස් දී තිබේ.
දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම ඉඩම්වල අයිතිය එම ජනතාව වෙත පැවරීමට නියමිතය. පෙබරවාරි මස 11 දාට කලින් මෙම ඉඩම් ජනතාව වෙත මුදා හරින ලෙස ද සාගල රත්නායක මහතා උපදෙස් දී ඇත.
මෙරට 75 වැනි නිදහසට සමගාමීව මෙම ඉඩම් මුදා හැරෙන අතර දෙමළ ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරීම වෙනුවෙන් තවදුරටත් ඔවුන් සතු ඉඩම් ඇතිනම් ඒවාද නීත්‍යානූකූල තත්ත්වය සොයා බලා පවරාදීමට කටයුතු කරන බව සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරේ ජනතාවගේ... පාරම්පරික ඉඩම් නම් ඒවා දිය යුතුයි. අපේ හමුදාවට දීම ගැන අගය කළ යුතුයි. දැන් ජාතිවාදී උන්මන්තකයෝ රෙදි ගලවාගෙන නටයි කොටින්ට රට දෙනවා කියලා...
ටික කාලෙකට ඉහත කැලණිවැලි දුම්රිය මාර්ගයට යටව තිබුණු අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා ඉඩම් අතාවුද සෙනෙවිරත්න ලොක්කා බෙදලා දුන්නා. හරියට පරපුරේ දේවල් වගේ... ඡන්ද පදනම බලාගෙන කල මහජන දේපල කොල්ලකෑම. පලාලි ඉඩම්වලට ඊට වැඩිය ජාතික ආරක්ෂාව හා ගුවන්තොටුපල සම්බන්ධ අවශ්‍යතා තියෙන බව තේරෙනවා. මේ තීරණ හිතුමතේ ගන්න ඒවා....
රාජ්‍ය සම්පත් විකුණා ආණ්ඩු හැදීම රනිල් රාජපක්ෂලාගේ ඡන්ද ව්‍යාපාරයේ කොටසක්. රට බල්ලට ගියත් ආණ්ඩු නම් හදයි. රටට ආදරයකි තියෙනවා නම් මේ පාර අනුර කුමාරට විතරයි.
මේ මනුස්සයා උතුරේ ඉඩම් බෙදාදෙන්න කියන්නේ හරියට ඉඩම්වල අයිතිකාරයා මොහු කියා හිතාගෙන. අනේ අනිච්චං... රටකට ගිය කලක්..
මෙයාට පිස්සුද? කොහෙන් පාත්වුණු සමයමක්ද? තමන්ගේ අවසන් ඉරණම තමන්ම ලියාගත්තු කෙනෙක්. වැඩේ ගැස්සුණාම තමුන්ව බේරාගන්න ආදරණිය රනිල් එන්නේ නැහැ...
නපුංසකයෝ සූත්තර පුංචා ආයෙත් වැඩ පටන් අරන්
2005 දී මේ රනිල් ගොයියා රටේ 2/5ම ප්‍රභාකරන්ට නිදහස් කරන්න ISGA ගිවිසුම හැදුවා අපිට මතකයි. මොවුන් බලයේ මෑණියන්දත් පාවලා දේවි...