උතුරු මැද පලාත් ආණ්ඩුකාරවරයා, ප‍්‍රධාන ඇමතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ ප‍්‍රධාන ලේකම්වරයා ඇතුළු අමාත්‍යංශ ලේකමිවරුන් රජයේ සහ උතුරු මැද පලාත් සභාවේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංගනය කරමින් උතුරු මැද පලාතේ සියළු රජයේ ඉදිකිරීම් කොන්ත‍්‍රාත් දේශපාලන හිතවතුන්ට ලබාදීම අත් හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ශ‍්‍රි ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද පලාත් ශාඛාවේ සභාපතිවරයා අධිකරණයෙන් කර ඇති ඉල්ලීමට විරෝධතා ගොනු කිරීමට වගඋත්තකරුවන්ට අගෝස්තු 29 තෙක් අවසන් වශයෙන් කල් ලබා දීමට උතුරු මැද පලාත් සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (8) නියෝග කලේය.
එදිනටද විරෝධතා ගොනු කිරිමට අපොහොසත් වුවහොත් වගඋත්තරකරුවන්ගෙන් විරෝධතා නොමැති බව සලකා අධිකරණයට ඉදිරි ක‍්‍රියා මාර්ග ගැනිමට සිදු වන බව ද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
උත්තර බඳින්න උතුරුමැද ලොක්කන්ට අවසන් දිනය දෙයි