උණවටුණේ ප්‍රංශ ජාතිකයකුගේ හෝටලයකට ආ ප්‍රංශ තරුණියන් දෙදෙනකුට අතවර කළැයි සැක පිට ප්‍රංශ හෝටල් හිමියෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
දෙදිනකට පමණ පෙර වූ මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශය උණවටුණට ගොස් පරීක්ෂණ පවත්වා ප්‍රංශ ජාතිකයා හබරාදුව පොලිසියට බාර දෙනු ලැබීය.
ප්‍රංශ කතුන් දෙදෙනා උණවටුන හෝටලයේ නැවතී සිටි බවත් හෝටල් හිමියා ඔවුන්ට රාත්‍රී භෝජන සංග්‍රහයක් සදහා නිවසට ආරාධනාකර ඇතිබවත් පරීක්ෂණ වලින් හෙලිවී තිබේ. මත් පැන් පානය කර සිටි තරුණියන් දෙදෙනා එම ඇරයුම පිළිගෙන ඇති බවත් එම නිවසේදී එක් කාන්තාවක් අනික් කාන්තාව නාවා ඇදට දමා ඇති බවත් ඇගේ නුල් පොටක් වත් නොතිබු බව පොලිස් වාර්තාවල සදහන්ය.
එක් කාන්තාවගේ පැමිණිල්ල වනුයේ තමා නිදා සිටියදී කිසිවකු යට ඇදුම ඉවත් කර අතවර කර ඇති බවයි. අනෙක් කාන්තාව සදහන් කර ඇත්තේ කවුදෝ මිනිසකු තමාගේ ඇගපත අතගාන අයුරු නින්දෙන් දැණුනු බවයි. කොට්ටේ යට තිබු තම මුදල් පසුම්බිය එතැනින් ඉවත් කර තිබූ බවත් එහි වූ රුපියල් දස දසහසක් සොරාගෙන ඇති බවත් ඇය කියා ඇත.
මේ සිද්ධිය ගැන පැමිණිලි කිරීමට ගාල්ල පොලීසියට ගිය නමුත් එහිදී පැමිණිල්ල ලියාගෙන නැතැයි ද උණවටුණ හබරාදුව පොලිස් වසමේ පිහිටි හෙයින් එහි ගොස් පැමිණිලි කරන ලෙස උපදෙස් ලැබුණු බව කියති. පොලීසිය ක්‍රියාත්මක වී ඇත්තේ එම කාන්තාවන් දෙදෙනා කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයට දැන්වීමෙන් පසු බව ද දැනගන්නට ඇත.
ගාල්ල පොලිස් අධිකාරී ලලිත් පතිනායක මහතාගේ උපදෙස් පරිදි හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් වලල්ලාවිට මහතා පරීක්ෂණ මෙහෙයවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක කාලය ළඟ නිසා මේක යම්කිසි උප්පරවැට්ටියක් කියලා තමා මට හිතෙන්නේ (නි)
එතකොට ප්‍රංශකාරයෝද මෙහෙ හෝටල් කරන්නේ? ඒක ගැනත් සොයා බලන්න ඕනෑ. (නි)
මේ ප්‍රංස කාරයෝ ප්‍රංසයේ නටන නැටුම් හැටියට මෙයාලට මේවා ප්‍රශ්නද..? මෙතන වෙන මොකක් හරි ප්‍රශ්නයක් ඇති.(නදී)
මේකත් ළගකදී සංවිධානය වුණු අහවල්ලුන්ගේ වැඩක් අනිවාර්යෙන්ම. (නි)
මේක හෝටලේ නම ප්‍රංශයේ ප්‍රසිද්ධ කරන්න කරපු වැඩක්ද දන්නෙ නැහැ. තව ටික දවසක් යනකොට වැල නොකැඩී ප්‍රංශ කාන්තාවෝ එන්න ගන්නවා මේ හෝටලේට. ප්‍රංශ සමාජ තත්වය දන්නේ ප්‍රංශෙට ගිය කෙනෙක්ම තමයි. (නි)
මේක ප්‍රංශ නෙයියාඩමක්නේ. අපි අපේ පාඩුවේ ඉදිමු නේද? (නි)
එයත් ප්‍රාදේශීය මන්ත්‍රීකමක්වත් බලාපොරොත්තු වෙනවා ද කවුද දන්නේ? (නි)
කොහොමත් මට සැකයි මේ ගැන. (නි)
ප්‍රංස යෞවනියන් පායාවි පායාවි හිනාවී.(නදී)
පොලිසියත් එතරන් උනන්දුවක් නැති නම් මෙතන කොස්සක් තියනවා. (නදී)
මේ කතාව පැහැදිලි මදි. මොකක් හරි හොරයක් තියනවා.අ පේ කෙනෙක් ප්‍රංස කාරයකුත් අල්ලාගෙන මොකක් හරි නාඩගමක් නටන්න ඇති. මොකුත් නොදන්නා සංචාරකයෝ අහුවෙලා ඇති.(නදී)
කොය් ජාතිකයෙක් උනත් පොලිසිය සේවය කල යුතුයි. පොලිසිය දන්නේ නැහැ . පොලිසි කියන එකේ තේරුම. (නදී)
විප්ලවයෙන් රටක් හොල්ලා ජයගත් නැපෝලියන් අධිරාජයා ආදරය ඉදිරියේ දන ගැහුවලු. මේ සිද්ධිය අපි හෙළාදකිනවා. සංචාරක කර්මාන්තයේ නොමනා වැඩ ඔහොම තමා! (නි)
ප්‍රංශ ප්‍රශ්නයක්. ප්‍රංශ රසයක්.ප්‍රංශ රහසක්. වගෙයි.(ස)
දකුණෙ වුණු එක්තරා සිද්ධියක් නිසා මටත් පොඩි සැකයක් තියෙනවා. (නි)
දෑන් කාලෙ පොලිසිය හොඳයි. මල් නෙලලා ගෙනියන්න, කලුතර බෝධිය ගාව විකුනන්න (නි)